සමතාවයේ විෂමතාව .
රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්‍රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...
ආර්ය විනය නොතකන භික්ෂුව
ශ්‍රී ලංකාව කියන්නෙ හරි අපූරු රටක්. මොකද මේකෙ කාලෙන් කාලෙට හරි අපූරු දේ සිද්ධ වෙනව. ඒක කාගේ හරි ඇජෙන්ඩා වලට එන රැලි කීවොත් හරියට ම හරි. ජාතිය බේරගන්න, ආගම බේරගන්න, සංස්කෘතිය බේරගන්න, ඉතිහාසේ සංරක්ෂණය කරන්න මේ විදිහට එක එක නාමකරණයන් එක්ක කාලෙන් කාලෙට කඩාපාත්වෙන මෙකී සිද්ධි එකකට එකක් කොහෙන් හෝ...
“අපේම නයි අපිවම කයි”
“උඹ විභාගේ පේල්වෙලා ත්‍රීවීල් පදින්නද හදන්නේ?” “උඹ විභාගේ පේල්වෙලා ගාමන්ට් යන්නද හදන්නේ?” සුවහසක් වැඩිහිටියන් පාසල් දරු දැරියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක. අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදිහට ත්‍රීවීල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවීල්කාරයාත්, ගැහැනු ලකුණ විදිහට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා. ගිය සතියේ ත්‍රීවීල් අයියලා ගැන...
විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්
ඔයා සහ මම , අපි දෙන්නම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් . මේ සියවස වෙනකොට පුංචි ළමයගෙ ඉඳන් වැඩිහිටියා දක්වා ස්මාට් ෆෝන් එකක් , ලැප්ටොප් එකක් නුහුරු දෙයක් නෙවෙයි . දකින දකින හැම කෙනාගෙ අතේම සුලභව පාවිච්චි වෙන දේවල් තමයි ඒ . තාක්ෂණික මෙවලම් වල පාවිච්චිය වැඩි වෙනවත් එක්කම සමාජ මාධ්‍ය...
සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද
ශ්‍රීලංකා මාතාවගෙ දරුවන්ට ආවේණික පුරුද්දක් තියෙනවා මිත්‍රවරුනි මොන වාතාවරණයක් යටතෙ උන්නත් මීම් පෝස්ටර් එකක් හදල සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක . ඒක ඉතිං අධික වර්ෂාව උනත් , යුද්ධයක් උනත් , කොරෝනා උනත් වෙනසක් නෑ . මීම් නම් හැදෙනවා මදි නොකියන්න . ඔය මීම් හැදිල්ලෙ හොඳ නරක ගැන නම් මම කතා...
ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .
ළමයි කියන ජීවීන් කොට්ඨාස ගැන කතා කරනකොට අපි හැමෝම සංවේදී වෙනවා . සමහර විට ඒ ළමයි කියන්නේ ළමයින්ට නිසා වෙන්න ඇති . වෙනත් පුද්ගලයෙක් දිහා බලනවට වඩා සානුකම්පිත විදිහට අපි ළමයි දිහා බලන්න හුරු වෙලා ඉන්නවා . ගොඩක් තැන් වල දී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් , ළමා අඩත්තේට්ටම්කම් වලට විරුද්ධව, ළමා...
නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ
පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ එම අතුරු තහනම් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන් සලකන ලෙස ආණ්ඩු...
ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම
ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා...
දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්
දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට හේතු තිබිය යුතුය. තරුණිය...
සිසු සටන් සහ සිසු ගැටුම්
මේ වන විට ආණ්ඩුවට බරපතළ විරෝධතා රැසකට එකවර මුහුණ දෙන්නට සිදුව තිබේ. ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් කොටසක් නිහඬව කකියන සිතින් යුතුව ආණ්ඩුවට සිතින් ශාප කරමින් සිටිති. තවත් පිරිසක් පන්දම්, විරෝධතා පුවරු රැගෙන වීදි බැස සිටිති. අධික සහ අසාධාරණ බදු බරට එරෙහිව වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්...