බලවත් ජාතීන් අතර සීතල යුද්ධය අහසින් මෙන්ම සාගර පතුලෙන්ද ඇවිලීමක පෙර නිමිති

බලවත් ජාතීන් අතර සීතල යුද්ධය අහසින් මෙන්ම සාගර පතුලෙන්ද ඇවිලීමක පෙර නිමිති

712 views
0

එක්සත් ජනපදය – ඔස්ට්‍රේලියාව – එක්සත් රාජධානිය (AUKUS ) ගිවිසුම = න්‍යෂ්ටික සබ්මැරීන – චීනය අ/සීරුවෙන්

ඔස්ට්‍රේලියාව දැනට වසර කිහිපයක සිටම බලාපොරොත්තු ඇතිව සිටි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් ලබාගැනීමට ප්‍රංශය සමග අත්සන් කර තිබු ගිවිසුම අහෝසි කරමින් ඊටත් වඩා බලවත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් ලබාගැනීමට හැකිවෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර අලුත් ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුනි.

මෙම අලුත් තත්වය ලෝක දේශපාලන බලපොරය වඩාත් උත්සන්න කරමින් බලවත් ජාතීන් අතර සීතල යුද්ධය අහසින් මෙන්ම සාගර පතුලෙන්ද ඇවිලීමක පෙර නිමිති පල කරමින් ඇති බව ලෝක දේශපාලනයේ ඇති නිතර වෙනස් වෙමින් පවතින අනාරක්ෂිත තත්වය ගැන තතු දන්නා නිරීක්ෂකයෝ පවසති. ප්‍රංශය සමග ඔස්ට්‍රේලියාව අත්සන් කර තිබු ඇමෙරිකානු ඩොලර් බිලියන 90 කට අධික ගිවිසුම හිටි හැටියේම අහෝසි කිරීම ගැන උරණවී ඇති ප්‍රංශය, එම ක්‍රියාව වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස හදුන්වමින් එයට ප්‍රතිචාරයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ප්‍රංශයේ තානාපති වරුන් තම රටට කැඳවා ඇත.

මෙම සිද්ධියෙන් ලෝකයේ දේශපාලන බලපොරයට බලපාන වෙනත් බොහෝ සිද්ධීන් වියහැකිබව අපේක්ෂා කරන ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේ ආර්ථික බලවතෙකුද වන චීනය කඩිනමින් නිවේදනයක් නිකුත් කරමින් “දේශපාලන මතවාදයන් සම්බන්ධයෙන් අගතිගාමී පෙර නිගමනයන්ට ඒම ගැන” අවධාරණය කර ඇත.

Your email address will not be published. Required fields are marked *