ප්‍රහසනය – හිටගෙන

ප්‍රහසනය – හිටගෙන

216 views
0

මට ප්‍රංස නාට්‍ය රචකයෙකු වෙන “Jean-Baptiste Poquelin” හෙවත් “Molière” මොලියේර් ව මතක් වෙනවා. ඔහුගෙන් කෙනෙකු අහනවා රට පාලනය කරන ප්‍රභූ පැලැන්තිය මෙතරම් නිර්ධය ලෙස උපහාසයට ලක්කරමින් නාට්‍ය රචනා කරන්නේ ඇයි කියල, එතකොට මොලියේර් පෙරලා අහනවා “උන්ගැන ඇත්ත කියල, උන්වම උන්ගැන හිනස්සන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා.

ලාංකේය කලාව පිළිබඳ අවධානය යොමු කළොත් එහෙම මේ වෙනකොට ඔබට මට පැහැදිලියි ලාංකික යොවුන් පරපුර කලාවේ ප්‍රගමනය උදෙසා අත්‍යන්තයෙන් ම කැපවෙලා ඉන්නවා කියන එක . ආර්ට් එක ඇගේ තියෙන කොල්ලො කෙල්ලොන්ට මේ වෙද්දි පුළුවන් වෙලා තියෙනවා බටහිර රටවල් තුළ අතිශයින් ජනප්‍රිය වෙච්ච ප්‍රසිද්ධියට පත්වුන කලාවන් ලංකාව ඇතුළටත් අරගෙන ඇවිල්ලා ඒ ඒ කලාවන් මත ලාංකේය අනන්‍යතාවය පිහිටුවන්නත් . මිත්‍රවරුනි wrong generation එකක් කිව්වට යන පාත් එක wrong නැහැ කියල young generation එක සැරින් සැරේ ඔප්පු කරනවා හරි අපූරුවට . ටීටර් බැලේ ඔපෙරා වගේ කලාවන්ගෙන් පස්සේ මෑත කාලයේදී කෙටි කාලයක් ඇතුළත ප්‍රේක්ෂක හදවත් දිනා ගන්න පුළුවන් වෙච්ච කලාවක් තමයි stand-up comedy කියන්නෙ . ඉතිං අද කතා කරන්න යන්නේ ගන්ඩ යන්නෙ stand-up comedy කියන කලාව ගැන . 

මොකක්ද මේ stand-up comedy කියන්නෙ ? 

එ වචන කියෙව්වම අපිට හිතෙනවා කවුරුහරි පුද්ගලයෙක් හිටගෙන හාස්‍ය උත්පාදන කතා කියනවා වගේ දෙයක් . ඇත්තටම ඒ වගේ දේකට තමයි මේ stand-up comedy කියලා කියන්නේ . හරියටම කිව්වොත් stand-up comedy කියන මේ art එක තුලදි වෙන්නේ සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා , හාස්‍ය උත්පාදනය කරන රංග ශිල්පියෙක් වේදිකාවේ ඉන්නවා . ඉතිං මේ දෙපිරිස අතර සිදුවන ක්‍රියාවලියට තමයි stand-up comedy කියල කියන්නෙ .හාස්‍ය උත්පාදන ශිල්පියා විසින් ප්‍රේක්ෂකාගාරයට විවිධ විහිලු විහිළු කතා කියමින් හාස්‍ය උත්පාදනය කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නෙ . ලාංකිකයන්ට ටිකක් නුහුරු උනාට මේ වෙනකොට ලෝකය පුරා ඉතා ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කලාවක් තමයි  මේ stand-up comedy කලාව . 

මේ stand-up comedy කලාවේ ඉතිහාසය ගැන බැලුවොත් එහෙම , stand up කියන යෙදුමත් එක්ක පළවෙනි වතාවට ලේඛන ගත වෙලා තියෙනවා 1911 දී වේදිකාවේ Nellie Perrier කියන කාන්තාව ඉතා ආකර්ෂණීය ආකාරයකින් නැගී සිටීමේ විකට කතා විස්තර කළ බවට . හැබැයි මේක පසු කාලීනව comedy song දක්වා පවා විහිදිලා තියෙනවා . ඔය විදියට තමයි මේ stand-up comedy කලාවේ ආරම්භය සහ විකාශනය සිද්ධවෙන්නේ . 

විදේශ රටවල් බොහෝමයක මෙතැන stand-up comedy කලාවේ නිරත වෙන කලාකරුවන් බහුතරයක් සිටිනවා . අපි දැක්කා පහුගිය කාලේ ලංකාව තුළත් යොවුන් පරම්පරාවෙන් මේ කලාව තුළට නව මුහුණුවරක් එක්ක එළි බැස්ස පුද්ගලයන් . ලංකාව ඇතුළේ කොහොමත් යම් දෙයක් මුලින් ආරම්භ කරනකොට ඒකට ධනාත්මක සහ ඍණාත්මක ප්‍රතිචාර කියන දෙකම ලැබෙනවා . එක අතිශය සාමාන්‍ය කාරණයක් . නමුත් ඇත්තටම මේ විදියෙ කලාවක් ලංකාව තුළ ඇති කිරීමට සහ ව්‍යාප්ත කිරීමට පුරෝගාමිත්වය අරගෙන කටයුතු කරන ඕනම කෙනෙක් ඇත්තටම මරු . 

මේ stand-up comedy කියලා කලාව දැක්කම හෙන සරලයි වගේ හිතුනට ඇත්තටම එහෙම නැහැ . හැම මනුස්සයෙක්ම හැම ජෝක් එකටම අපිට හිනා යන්නේ නෑනෙ . අන්න ඒ නිසා මේ stand up එකක් සාර්ථක වෙන්න නම් ඕඩියන්ස් එකේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව අදාල කොමඩියන් විසින් රංගනය කරන්න ඕන . ඒ වගේම තමයි සමහර වෙලාවට කොමඩියෙන් ගෙන් ඕඩියන්ස් එකට ලැබෙන ජෝක් එකකට හිනා වෙන්නත් හිනාවෙන්නත් ඕඩියන්ස් එකකට උනත් වුනත් යම් කිසි දැනුමක් තියෙන්න ඕන . 

සමහර කොමඩියන්ලා ඉන්නවා ස්ටේජ් එකේ නිකන් හිටගත්තත් හිනා යනවා , තවත් සමහර කොමඩියන් ල ඉන්නව ඔවුන් කතාබහ කරන විලාසයට අපිව ආකර්ෂණය කරගන්න හැකියාව තියෙන . ඉතින් අපි හිතුවට මේ stand-up comedy කියන්නේ හරි සරල ආර්ට් එකක් කියලා එහෙම නැහැ . මොකද ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහා තනියෙන් හිටගෙන විහිලු කතා කියලා හිනා ගස්සන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි . 

ඕඩියන්ස් එක ගැන කතා කළොත් එහෙම , එතන ඉන්නේ විවිධ වයස් මට්ටම්වල මිනිස්සු . ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි මේ stand-up comedy බලන්න හන යන්නේ open mind එකක් තියන මිනිස්සු . එක් අතකින් ඒක ගොඩක් හොඳයි මොකද කරන විහිලු දිරවන්න පුළුවන් හැකියාවක් තියෙන්නත් එපැයි . 

ඔක්කොටම වඩා මේක හෙන ආතල් වැඩක් . දවස තිස්සේ රජයේ රස්සාවට පෞද්ගලික රස්සාව ටයි කඹුරලා පැයක් දෙකක් හරි හිනා වෙන්න තියෙනවා හොඳ නැද්ද ? හිනාවෙන එක වගේම හිනා ගස්සන එකත් මරු වැඩක් . බොහොම සාමකාමී පරිසරයක් තෝරගෙන අපේ වේදිකාවක් වගේම ප්‍රේක්ෂකාගාරය කුත් නිර්මාණය කරලා කන්න බොන්න තියෙන පුංචි ස්ටෝර් එකකුත් ඒක ඇතුළෙ ම දානව . ඉතින් ඔය වගේ තැනකට ගියාට පස්සෙ අපි ඉන්නේ  ස්ට්‍රෙස් රිලීස් වෙන සිටුවේෂන් එකක .

මේකත් ඇවිල්ලා හරියට ඉස්සර සොකරි කෝලම් නාඩගම් ගම්වල නගර වල පෙන්නුවා හා සමානයි . කමතක් , එළිමහන් ස්ථානයක හෝ සුදුසු ස්ථානයක් තෝරා ගෙන ඔවුන් ඒ ජන සංස්කෘතික අංග ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කළා සහ දැනටත් යම් යම් ප්‍රදේශවල එවැනි ජන සංස්කෘතික අංග ඉදිරිපත් වෙනවා . බවබෝග ආරක්ෂා කරගන්න , දරුවන් නැති කාන්තාවන් වෙනුවෙන් සිදු කරන ශාන්ති කර්මයක් ලෙස , සතුරු උවදුරු ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සඳහා වගේ කරුණු කාරණාවලට තමයි එම ජන සංස්කෘතික සංස්කෘතික අංග ඉදිරිපත් කෙරුණේ . 

නමුත් එතනදී හොඳම දේ තමයි ඒ හැමදෙයක්ම සිද්ද උනේ හා හාස්‍ය උත්පාදනය කරමින් . ඉතිං ගමේම හිටිය සෙනග තැනකට රැස් වෙලා රෑ ඉදන් පාන්දර වෙනකන් හිනා වෙනවා සතුටු සාමිචියේ යෙදෙනවා . ඇත්තටම ඒක හෙන වාව් වැඩක් . ග්‍රාමීය ජන ජීවිතය තුළ හිරවෙලා ඉන්න ජනතාවට හිනාවෙන්න සැහැල්ලු වෙන්න ඒක හොද අවස්ථාවක් උනා . 

අන්න ඒ වගේ තමයි මේ stand up comedy කියන කලාවත් මේ වෙනකොට ව්‍යාප්ත වෙන්නේ මිනිස්සුන්ට හිනා වෙන්න සතුටු වෙන්න සැහැල්ලුවෙන්න . 

අර මම කලින් කිව්ව කිව්ව සහ සංස්කෘතික අංග වල හාස්‍ය තිබුනට ඒක ඇතුළෙ වෙනස්ම අරමුණක් තිබ්බා , ඒ වගේ තමයි මේ stand-up comedy කලාවේ comedian විසින් ඉදිරිපත් කරන ජෝක් එක ඇතුලෙ වුණත් මාරම සිරියස් කොටසක් තියෙන්න පුළුවන් . ඉතින් ඒක තේරුම් ගැනීමේ වගකීම තියෙන්නෙ ඕඩියන්ස් එක අතේ . ඔව් එහෙම බැලුවම stand-up comedy එකක කොමඩියන් විතරක් නෙවෙයි බැරෑරුම් කාර්‍ය්යයක් සිද්ධ කරන්නෙ ඒ හා සමාන තේරුම් ගැනීමේ කාර්යයක් ඕඩියන්ස් එකටත් සිද්ද කරන්න වෙනවා . 

සමාජය කියන්නෙ කොහොමත් නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වෙන තැනක් . මිනිස්සුන්ට ලෝකයත් එක්ක ඉස්සරහට යන්න සිද්ධවෙනවා . පසුගාමි නොවී අනුවර්තනය වෙන්න පරිවර්තනය කරගන්න සහ පරිණාමය වෙන්න . ඉතිං මෙකත් එහෙම සමාජ පැතිකඩක් . නගරෙට විතරක් සීමා වෙලා කොළඹ විතරයි ස්ටෑන්ඩ් අප් කල්චර් එක තියෙන්නෙ කියල හිතන්නෙපා . මේ අලුතින් ගොඩ නැගෙන කලාවත් එක්ක එවැනි පැතිකඩ ස්පර්ශ කරමින් අවබෝධ කරගෙන ඉදිරියට යන එක අපි විසින් කළ යුතු දෙයක් . 

විදේශ රටක ආකෘතියක් වුණත් ලංකාව තුළට මේ විදිහට අරගෙන ඇවිල්ලා අපිට ඉතින් ගන්න පුළුවන් යහපත් දෙය ගන්නවනං ඒක මරු . ඉතින් ඉස්සරහට කොමඩි කලාකරුවන් තවත් බිහි වේවි , ඔවුන්ගේ ඕඩියන්ස් එක තව තවත් විශාල වේවි . ගෝලීයකරණයේ පැතිකඩ විදියට මෙහෙම කලාවන් සතුටින් බාරගන්න එක ඒ කලාව රස විදින එක සහ අපිට පුළුවන් විදියට ඒ කල්ට් එක තුළ සපෝටර් කෙනෙක් වෙන එක තනි තනියෙන් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් .

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *