ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූල ද ?

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූල ද ?

239 views
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,

නියෝජිත කාර්යාලය,

ශ්‍රී ලංකා මහ බැංකුව.

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූල ද ?

ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි 15 දා සිට සාමාන්‍යයක් ලෙස විදුලි ගාස්තු වැඩි කිරීම පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක පසුබිම් වී ඇති බව වාර්තා වී ඇත.

(2022) පසුගිය වසරේ අගෝස්තු 10 දා සිට විදුලි ගාස්තු වැඩි කරන විට 2002 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 253 ක් විය. ගාස්තු වැඩි වීමත් සමග එය වර්ෂයකට අතිරේක ලෙස රුපියල් බිලියන 455 ක් දක්වා 79.8% කින් වැඩි විය.

මේ වසරේ (2023) පෙබරවාරි 15 නව ගාස්තු වැඩි වීමත් සමග අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 722 කි. 2022 පෙබරවාරිය ට සාපේක්ෂව 285% ක වැඩිවීමකි ! එනම් පාරිභෝගිකයාට ආසන්නයෙන් විදුලි ගාස්තු සාමාන්‍යයක් ලෙස තුන්ගුණයක් පමණ ගෙවීමට සිදුව තිබේ. 2022 වසරේ මුළු ජනනය 15,865 GWh බව වාර්තාවේ. පරිභෝජනය කරන ලද ප්‍රමාණය 14,415 GWh වේ. එනම් 1450 GWh ක් නාස්ති වී ඇත (9.5%). විදුලි කප්පාදුව නිසා බෙදා නොහරින ලද ප්‍රමාණය 798 GWh (Unserved Energy) වාර්තා වේ. (5% ජනනයෙන්)

පසුගිය වසරේ ලංවිම මුළු වියදම රුපියල් බිලියන 470.92 කි. ආදායම රුපියල් බිලියන 332. 09 ක්. රුපියල් බිලියන 38.12 ක් මූල්‍ය වියදම් (Finance Cost) නොහොත් එම වසරේ සෘජු මෙහෙයුම් වලට අදාල නොවන අගයකි. එමෙන්ම රුපියල් බිලියන 33.06 ක්ෂයවීම් (Depreciation) වන අතර එයද සෘජු මෙහෙයුම් මූල්‍ය ගලායාමක් (Cash out flow) නොවේ. මෙයින් සෘජු ජනන වියදම (CEB Fuel, CEB Coal, IPP, NCRE) රුපියල් බිලියන 315.05 ක්. එනම් ආසන්නයෙන්ම සෘජු මෙහෙයුම් වියදමෙන් 79% ක්.

පසුගිය 2022 සැප්තැම්බර් 01 දා ශ්‍රී ලංකා ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මාණ්ඩලික එකඟතාවයක් ඇතිකර ගත් අවස්ථාවේදී නිකුත් කරන ලද නිවේදනයේ පහත වගන්ති වෙත අවධානය යොමු කරවමි.

i. Introducing cost-recovery based pricing for fuel and electricity to minimize fiscal risks from state owned enterprises. The team welcomed the authorities already announced substantial revenue measures and energy pricing reforms.

ii. Mitigating the impact of the current crisis on the poor and vulnerable by raising social spending and improving the coverage and targeting of social safety net programme.

iii. Reducing corruption vulnerabilities through improving fiscal transparency and public financial management.

මේ නිර්ණායක වලට අනුව ලංවිම ගාස්තු වැඩි කිරීම සංසන්දනය කර බලමු.

ලංවිම පිරිවැය තාත්වික ද?

පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 470.92 ක් වූ ලංවිම සමස්ත පිරිවැය මේ වසරේ (2023) රුපියල් බිලියන 722 ක් වීම තාත්විකද ? පසුගිය වසරේ විදුලි කප්පාදුව නිසා 5% ක විදුලි ඉතුරුවක් සිදුවීම ලංවිමට මූල්‍ය ඉතුරුවක් විය. (රටේ ආර්ථිකයට එමෙන් කිහිප ගුණයක වියදමක් විය.) නමුත් 2023 වසරේ විදුලි ඉල්ලුම 4% කින් අඩු වන බව ලංවිම පුරෝකථනය කර ඇති හෙයින් (2023 ආර්ථික සංකෝචනය) එම ඉතිරියෙන් 24×7 විදුලිය සැපයීමට විශාල වැය බරක් 2022 ට වඩා වැඩියෙන් අවශ්‍ය නොවේ. එමෙන්ම විදුලි පරිභෝජනය හා එයට වැයවෙන වැය බර රේඛීය ලෙස සමානුපාතික නොවේ. ජල විදුලිය, පුනර්ජනනීය විදුලිය, ගල් අඟුරු, දැවි තෙල්, නැප්තා, ඩීසල් ලෙස ඒවා සාතිය ලෙස (Exponential) වෙනස් වේ. එමෙන්ම 2022 වසරේ සිදුවූ යුධ ගැටුම්, කෝවිඩ් සංක්‍රාන්ති සමය ආදිය නිසා ඇතිවූ ඉහළ ඉන්ධන මිළ (තෙල්, ගල් අඟුරු) ජාත්‍යන්තරව දැන් පහළට පැනනැග ඇත.(2022 මැයි මස සිට 2023 ජනවාරි දක්වා ආසන්නයෙන් 35% ක අඩුවීමකි.)

2022 මැයි සිට 2023 පෙබරවාරි දක්වා තෙල් හා ගල් අඟුරු මිල ගනන් ජාත්‍යන්තරව අඩුවීමෙන් ලංකාවේ ඒවායේ මිල ගණන් අඩු නොවන්නේ, ප්‍රතිපක්ෂව වැඩිවන්නේ (ඩොලරයට සාපේක්ෂව රුපියල වෙනස් නො වෙද්දීත්)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන Cost Reflective නිර්ණායක වලට හා මිළ සූත්‍රයන්ට තෙල් සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය බැඳී නැති නිසාද?

International Fuel Prices 2023 – February 3 week

Fuel type

Source

Price FOB – Average

Coal

AP14 Richard Bay S4

143.42 USD/MT

53 Rs/Kg

Low supplier – HFO

Singapore Bunker Price

655.1 USD/MT

222.91 Rs/Litre

Diesel

Singapore Bunker Price

822 USD/MT

252.34 Rs/Litre

Based on above prices

Fuel

Unit Price Rs/Kwh Based on Feb 3rd week

Unit Price Rs/Kwh Based on Fuel price used by CEB for tariff hike

Coal

Lakvidya

22.93

39.69

Low supplier – HFO

WCPL combined cycle

53.27

73.66

Diesel

KTCC combine cycle

62.99

98.11

දුගී ජනයාට බර පැටවීම

ශ්‍රී ලංකාවේ සාපේක්ෂ දුගී බව 2021 දී 12.5% ක්ව සිට 2022 දී 26% ක් දක්වා ඉහළ නැග ඇති බව ලෝක බැංකුව පෙන්වා දී ඇත. එය 2023 දි තවත් ඉහළ යාමට ඉඩ ඇත. එමෙන්ම නව දුගී සහනාධාරය සඳහා වූ Social Registry සඳහා වාස්තවික නිර්නායකයන් (Objective Criterion) ලෙස ඒකක 60ට අඩුවෙන් විදුලිය පරිහරණය කරන්නන් මිලියන 3.2 ක් හඳුනාගෙන ඇත. තත්වය එසේ තිබියදී එකී ජන කණ්ඩායමට විදුලි ගාස්තු වැඩිවීම ආසන්නයෙන් 250% ක් කිරීම කිසිසේත් සමාජ සාධාරණත්වයට එකඟ නොවේ. සමෘද්ධි සහනාධාරයට ආසන්න මුදලක් විදුලි ගාස්තු වැඩි කිරීම හරහා දුගී ජනයාගෙන් උදුරා ගෙන ඇත.

තවද ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර වලට දුගී ජනයා ද ඇතුළු සමස්ත ජනතාවම දැනටමත් ගෙවා ඇති නිසාත්, තාක්ෂණිකව ජල විදුලිය යොදා ගන්නේ සංඛ්‍යාත පාලනයට (Frequency Controling) එකී ජනයා විදුලිය පරිහරණය කරන අවස්ථාවේදීම නිසාත්, ඔවුන්ගේ විදුලි පරිභෝජනය අධිමිල ඉන්ධන බලාගාර වලට කිසිසේත් දායක නොවන නිසා, මේ ගාස්තු වැඩිවීම තාක්ෂණිකව හා විද්‍යාත්මකව ද නිවැරැදි නැත.( 2022 ජලවිදුලි ප්‍රතිශතය 33.8% – 5366 GWh වූ අතර ඒකක 60 ට අඩු අයගේ විදුලි පරිභෝජනය මුළු පරිභෝජනයෙන් 7% ක්.)

ලංකා විදුලිබල මණ්ඩලයට KPI නැතිද?

ආදායම් වැඩි කිරීමෙන් වියදම සොයා ගැනීමට පමණක් යොමු නොවී, වියදම් කළමනාකරණය Key Performance index ලංවිමට හඳුන්වා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවල නැතිද?

· ලංකා විදුලිබල මණ්ඩලය 9% ක විදුලි නාස්තිය අවම කිරීමට.

· ඉල්ලුම කළමනාකරණයට (Demand Management) යොමුවීමට.

· මූල්‍ය පිරිමැසුම් කරණයට ලංකා විදුලිබල මණ්ඩලය යොමුකිරීමට.

· බිඳ වැටුම් අවම හොඳ සේවාවන් සඳහා ක්‍රියාත්මක වීමට.

· සේවා කාර්යක්ෂමතාවය, බලාගාරවල තාක්ෂණ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට.

කිසිදු පියවරයක් ලංකා විදුලිබල මණ්ඩලය ගෙන නොමැත. සියලු වෙනස්කම් යෝජිත ප්‍රතිව්‍යුහගතකරණයට පමණක් යොමු වී ඇත. ගාස්තු වැඩි කිරීමේ එක් අරමුණක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් වලට බිඳ දමා ඒවා ලාබදායී බවට පෙන්වීමෙන් පෞද්ගලීකරණයට උචිත තත්ත්වයක් ගොඩ නැංවෙන බවට වූ චෝදනාවක් වෘත්තීය සමිති වලින් දැනටමත් පැනනැගී ඇත.

වෘත්තීය සමිති හා විදුලි පාරිභෝගිකයාගේ විරෝධතාවය මත සිදු කරන කිසිදු ප්‍රතිසංස්කරණයක්, ප්‍රතිව්‍යුහගතකරණය ක් සාර්ථක නොවන බව අතීත පුද්ගලීකරණය කළ ඇතැම් ආයතන පෙන්වා දී ඇති බව අවධාරණය කරමි.

ප්‍රසම්පාදන අවිධිමත් බව

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ගණන් වලට සාපේක්ෂව ඉහල ඉන්ධන මිල ගණන් ලංකාවේ නොපවතින බව බරපතල චෝදනාවකි. 2022 සැප්තැම්බර් 30 දා විගණකාධිපතිවරයා විසින් 2022 – 25 කාලය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දී සිදුවූ ‍ ප්‍රසම්පාදන අක්‍රමිකතා මැනවින් පෙන්වා දී ඇති අතර එය පාර්ලිමේන්තු කෝප් සභාවේ දී ද වාර්තා වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිර්ණායක සඳහා සිදුවෙමින් පවතින ප්‍රසම්පාදන අක්‍රමිකතා වල වැය බර ජනතාව දැරීම ගැන නිහඬයි ඇයි?

අතීත වැයබර වර්තමානයට ගෙන ඒම

අතීතයේ දී ලංකා විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව මත බදු ලෙස පනවන ලද වැය බර, ඔවුන් ලබාගත් පාඩුවට වඩා වැඩිය. එකී පාඩුව ඉන්පසු රාජ්‍ය බැංකු වලටත් හා බැංකුවටත් මූල්‍ය බරක් එක්කර ඇත. මූල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමට මූලික හේතුව එයයි.

එයට විසඳුමක් ලෙස භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇත. අනාගතයේ ආර්ථිකයේ Real Sector එකේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවේ. එයට වගකීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ල වීමද වැළැක්විය නොහැක. එල්ල වන ජනතා විරෝධය නිසා ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙළ අවුල් වීමට ඇති ඉඩකඩ වැඩිය.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *