රට ගොඩ ගන්න මහමගට බට..

රට ගොඩ ගන්න මහමගට බට..

223 views
0

34 වසරකට පෙර මා සිටි නුඹ සමග
එක කාමරේ විපරිත වී ලනු ඇඳක

රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපට
කියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල

හිරු සඳු එලිය දැක වසරක් වත් නොවිය
නුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය

දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැද
කරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද

වසර 34කට පසුවත් යලිත් මම
අප වැන්නවුන් දස දහසක් සමග අද

රට ගොඩගන්න විදිහක් දක්නට නැතිව
මහමග පටන් ගත්තා නුඹ නැවතූ තැනින

~ හේමසුමිතුන් ~

Your email address will not be published. Required fields are marked *