දශක දෙකක අධිරාජ්‍යවාදී අධිවසනයෙන් පසු ඇෆ්ගනිස්ථානය “මානුෂීය පරිහානියකට” මුහුණ දෙමින් සිටී”

දශක දෙකක අධිරාජ්‍යවාදී අධිවසනයෙන් පසු ඇෆ්ගනිස්ථානය “මානුෂීය පරිහානියකට” මුහුණ දෙමින් සිටී”

583 views
0

ඇෆ්ගනිස්ථානයේ “මානුෂීය ව්‍යසනයක්” පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇති අතර මිලියන 18 ක පමණ ජනතාවකට ඇෆ්ගනිස්ථානයේ ජීවත් වීම සඳහා හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බව පවසයි.

නේටෝ භටයින් ඉවත් වීමත් සමඟම තලේබාන් හමුදා යලි අත්පත් කරගෙන ඇති ඇෆ්ගනිස්ථානය පුරා පැවති ආරක්ෂක තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත. ජනවාරියේ සිට තවත් 360,000 ක ජනතාවක් තම නිවෙස්වලින් අවතැන් වී ඇති බව හෝ නිවෙස් හැරගිය බව පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) වාර්තා කළේය.

ජනාධිපති ජෝ බයිදෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම නිවේදනය කිරීමෙන් පසු වොෂිංටනයේ මෙතෙක් පවත්වාගෙන ආ රුකඩ පාලනය කඩිනමින් බිඳවැටීමට තුඩු දුන්නේ මෙම විනාශකාරී තත්වයන් ඇෆ්ගන් ජනතාවගේ විඥානය කෙරෙහි ඇති කළ බලපෑමයි. අෂ්රෆ් ඝානිගේ රජය වේගවත් බිඳවැටීම පැහැදිලි කළ හැක්කේ යුද්ධයේ පැහැදිලි ප්‍රතිඵලයක් ලෙස 170,000 ක් පමණ මිය ගිය ඇෆ්ගනිස්ථානුවන්ට එරෙහිව සිදු කරන ලද අපරාධවල විනාශකාරී ස්වභාවයයි. ඒ අතර තවත් ඇෆ්ගනිස්ථානුවන් 360,000 ක් යුද්ධයේ වක්‍ර ප්‍රතිපලයක් ලෙස ලෙඩ රෝග, මන්දපෝෂණය සහ බිම් බෝම්බ නිසා සිදුවී ඇත.

මේවා ලෝක ඉතිහාස ගතවෙන අපරාධ වන අතර අපරාධකරුවන් දඩුවම් නොලබා අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ අනෙකුත් අධිරාජයවාදී රටවල් තුළ බලවත් තනතුරු වල නිරතවී සිටිති.

Your email address will not be published. Required fields are marked *