ඔලුවෙ අත ගහන් රට ගැන පොඩ්ඩක් කල්පනා කරමුද?

ඔලුවෙ අත ගහන් රට ගැන පොඩ්ඩක් කල්පනා කරමුද?

250 views
0

එකමත් එක රටක් 😌👇
…………………………………

හැටනව ලක්ෂයක් දෙන දැන් හූල්ලන
සුසුම් රැල් වැදී දිවයින ගිනිවදින
එදා වේල වත් කන්නට නොමැති තැන
තැන තැන ඉන්න උන් “දැන් සැපද” යි අහන

හොදටම කලා කියමින් සැනසෙමු මිතුර
වතුරෙන් දුවමු ඉන්ධන නම් නැත මිතුර
දිනුවම කිරිබතුත් හැදුවා නොවැ මිතුර
ඇල්වතුරත් නිවලා දැන් බොමු මිතුර

තිර පිටපත් නැතිව රගනා නලුවො ඇතී
රගහල කොහිද දියවන්නා අසල ඇතී
බක බක හඩ පමණි ගෙම්බන් වගේ ඇතී
කල හැකි දෙයක් නැත කට මැත දොඩනු ඇතී

අරෙහෙට මෙහෙට බෝලය හුවමාරු කලා
බඩ බැදගෙන උන් හැම විශ්වාස කලා
පරම්පරා හතකට උන් හම්බ කලා
එකෙක් කියල නෑ ඔක්කොම එකම කලා

කොරෝනා නිසා පමණක් නැත වැටුණේ
ලොකු අය නිසාමයි රට පහලට වැටුණේ
කවුරුන් බලේ හිටියත් රට නැත හැදුණේ
පුරසාරමක් පමණයි අනෙ ඉතුරු වුණේ

පැත්ත ගියත් ඇත්ත කියනවා කිව්වා
අප දේ රැක නව දේ දෙනවා කිව්වා
මාධ්‍ය නොකී දේවල් නම් බෝ ඇතුවා
පිටරැටියන්ගෙ ටෙලි නම් අනෙ පෙන්වූවා

රග දෙන නලු නිලියො, රූ රාජිනියො හැම
ගායක ගායිකා, ක්‍රීඩකයන් සැවොම
බණ දෙසනා වියපත් අප සංඝ නම
කිම මේ සැවොම ආවේ පාලනයටම

ජනයා සතුව ඇති ප්‍රේමය ඉන් හෙලිවේ
මව්බිම කෙරෙහි දේශාලය ඔප් නැංවේ
කියා සිතා අපි හැම කතිරය ගැසුවේ
ලැබුණේ මොනවාද ඇසුමට මට සිත්වේ

බල්ලගෙ වැඩේ බූරුවා ගත් ලෙස වූවා
සුදුසු තැනට නුසුදුසු අය පත් වූවා
රට බෙද බෙදා ලොව වටේට විකිනූවා
පොඩි උන් මරා ලොකු උන් අද රජ වූවා

තිත්ත උනත් ඇත්තයි මේ පවසන්නේ
බොහෝ දෙනට මෙය නම් නැත දිරවන්නේ
සෝබනයම පමණි සැමගේ සිත් ගන්නේ
ඇති සැටියෙන් කිමද කිසිවෙකු නොදකින්නේ

සිංහල දෙමළ ඉංග්‍රීසිය පමණි පුතේ
මෙතෙක් කලක් තිබුනේ අපෙ පොතේ පතේ
කට කෑවත් කියමි ඇත්තක් මෙලෙස පුතේ
චීන බසයි මුල් වෙන්නේ දිනෙක පුතේ

චෑං චූං ගාමින් රට වටේ යමූ
සිංහල බව මකා චීනුන් ලෙස සිතමු
සිහ ලේ, යක්ක ලේ, රාවණ ලේ කියමු
වතු බදු දීල ඇස්සට අපි දත නියමු

✍️…….. සදූ රණසිංහ

👆 තවමත් තේරුම් නොගත් පිරිසට උපකාර පිණිසයි 🤗

Your email address will not be published. Required fields are marked *