බාලදක්ෂ සේවය ව්‍යාපාරයක් කරගත් අනුරාධපුර දිසාවේ ලොකු පුටු…

බාලදක්ෂ සේවය ව්‍යාපාරයක් කරගත් අනුරාධපුර දිසාවේ ලොකු පුටු…

394 views
0

බාලදක්ෂ ව්‍යාපාරයේ ඈත අතිතයකට උරුමකම් කියන අනුරාධපුර දිසාවේ බාලදක්ෂ ව්‍යාපාරය ස්වර්නමය යුග ගණණාවක් තිබුණි. 1948 වර්ෂයේ අනුරාධපුර බාලදක්ෂ ව්‍යාපාරය වෙනම දිසාවක් ලෙස තුන්මෝදර රටේ මහතා විසින් ආරම්භ කරමින් 2017 වර්ෂය දක්වා සිටි බාලදක්ෂ කොමසාරිස්වරුන් විශාල දරු පරපුරක් යහමගට සේම ජනාධිපති බාලදක්ෂයින් ලෙස මේ දැයට බිහිකර ඇත.  

නමුත් ඒ නිලයේ වටිනාකම බලය පාවිච්චි කරමින් 2018 වර්ෂයේ පත්වු වර්ථමාන දිසාකොමසාරිස් එම් ජී පොඩිනිලමේ කටයුතු කරන ආකාරය පිලිබද හිටපු දිසා කොමසාරිස් වරුන් සහ බාලදක්ෂ නායකයින් මැසිවිලි නගයි. විටෙක අයථා ලෙස සියලුම බාලදක්ෂ පාසල් වල සිටින දරුවන්ගෙන්  මුදල් එකතු කිරීම් බහුලව සිදුවන බවටද එම ගුරුවරුන්ගෙන්ම චෝදනා ඇත. තවද 2021 වර්ශයේ බාලදක්ෂ දරුවකුගෙන් සමාජික ගාස්තු ලෙස රුපියල් 10/= ක මුදලක් ජාතික බාලදක්ෂ මූලස්ථානය මගින් චක්‍රලේකනයක් නිකුත් කල තිබියදීත් ඔහුගේ පෞද්ගලික ගිණුම්  වෙත රුපියල් 75/= බැගින් ළමුන් 1497කගෙන් ලබාගෙන ඇත. එම මුදල් දිසා සංගමයේ ගිණුමට බැර වී පසුව ජාතික බාලදක්ෂ මූලස්ථානයේ ගිණුමට බැරවිය යුතු  බව භාණ්ඩාගාරික මහතා පැවසු නමුත් ඔහුගේ බලය යොදමින් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ලමයින්ගෙන් මුදල් එකතු කරන බව දැනුවත් කරන ලදි. තවද පාසල් පද්දතිය වෙත ලබා දුන් ලිපියේ සදහන් වන්නේ මෙම සංගණන මුදල් ඍජුවම ජාතික බාලදක්ෂ මූලස්ථානය වෙත බැර නොකරන ලෙසයි. මෙම සංගනන ක්‍රියාවලියේ වංචා  කර ඇති මුදල සැකෙවින් 

 1497x 10 =  රු.14970/=

 1497x 65 =  රු.97305/=

 වංචා කර ඇති මුදල 97305.00 කි.

විටින් විට ජාතික බාලදක්ෂ මූලස්ථානය වෙත මේ අයතා මුදල් එකතු කිරීම් පිලිබද සංගමය විසින් දැනුවත් කලත් ප්‍රධාන කොමසාරිස්තුමාද දිසාකොමසාරිස් වෙනුවෙන් කිසිදු පරීක්ෂණයක්වත් නොකර මග අරින්නේ සියලුම කොමසාරිස්වරුන් බාලදක්ෂ ව්‍යාපාරය , ඔවුන්ගේ ව්‍යාපාරයක් කරගන ඇති බව යැයි සංගමයේ නිළධාරින් පවසයි.

ජාතික බාලදක්ෂ මූලස්ථානයේ වෙළදසැලෙන් ලබාගත් බාලදක්ෂ පදක්කම් සහ අනෙකුත් දෑ විකිණීම සිදුකරන මිලට වඩා විශාල මිලකට ඔහුවිසින් අලෙවි කරන බවටද ඩී එස් සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමේ දෙමාපියන් විසින්ද ලිපියක් ඉදිරිපත් කර ඇත. තවද එම කණ්ඩායම මගින් දෙමාපියන් වෙත ළමයින් බදවා ගැනීමේ දී සාමාජික මුදලක් හා ඇතුලත් වීමේ ගාස්තුව එකතු කරන බවටද ඔවුන් පවසා ඇත. මේ සියලුම කාරණා ප්‍රධාන කොමසාරිස්තුමා වෙත ලිපි මාර්ගයෙන් ඉදිරිපත් කර ඇතත් එයින්ද නිහඩ පිලිවෙතක් අනුගමනය කර ඇත. එමගින් නැවත් වරක්ද ගම්‍ය වන්නේ මෙය ව්‍යාපාරයක් කරගත් පිරිස් බාලදක්ෂ ව්‍යාපාරය තුල සිටින බවයි.( උදා -:බාලදක්ෂ වෙළද සැලෙහි 

ප්‍රගති කාඩ් පතක්                                රු. 10/=

සමාජික පදක්කමක්                           රු. 25/=

වොගල් එකක්                                      රු. 30/=

පෝතක ස්ටිකර් පැක් එකක් පොඩි   රු. 150/=

 යනාදි ලෙස මිල ගනන් සදහම් උවත් මොහු විසින් විකිණුම් මිල වූයේ ,

ප්‍රගති කාඩ් පතක්                                රු. 50/=

සමාජික පදක්කමක්                           රු. 85/=

වොගල් එකක්                                      රු. 150/=

පෝතක ස්ටිකර් පැක් එකක් පොඩි   රු. 650/=

තවද 2018 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු අයවැය වාර්ථා ඉදිරිපත් කර නොමැති අතර බාලදක්ෂ සේවා සතියෙන් ළමුන් වැඩ කර ලබා ගන්නා මුදලින් 20% ක ප්‍රමාණයක් සංගමයේ ගිණුම් ගත කලයුතු උවත් එයද නිසි ආකාරව සිදුවී නොමැති බව භාණ්ඩාගාරික මහතා පවසන ලදි. කොමසාරිස්වරුන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට මුදල් වියදම් කිරීම සිදුකරන බවට තව දුරටත් පවසයි. 

2022 අනුරාධපුර බාලදක්ෂ සංගමයේ මහ සභාව පැවති අතර එහිදී අයවැය සභා සම්මත නොවු පසු බිමක විධායක සභාවේ සභාපති වන ලංකාගුරු සංගමයේ ප්‍රියන්ත ප්‍රනාන්දු, ලේකම් නන්දලාල් ෆොන්සේකා, අනුරාධපුර දිසාවේ කොමසාරිස් වන එම් ජී පොඩිනිලමේ යන අයවලුන් ලංකා බැංකුව චෙක් පොත නැතිවී ඇතිබවට අසත්‍ය ලිපි ඉදිරිපත් කර, නව චෙක් පොත් ලබා ගෙන ඇති බවට හිටපු භාණ්ඩාගාරික නලීන් සුරවීර මහතා දැනුවත් කර ඇත. හිටපු භාණ්ඩාගාරික මහතා ප්‍රකාශ කර ඇත්තේ සියලුම පසුගිය අවුරුදු කිහිපයේ අයවැය ඉදිරිපත් කල පසු සභාසම්මත කර ලිපි ලේඛන භාර දීමට කටයුතු කරන බවටයි. නමුත් දිසා කොමසාරිස් විසින් ඔහුගේ වංචා වැසීමට නොහැකි කල කර ඇත්තෙ බොරු ලිපි ඉදිරිපත් කර නව චෙක්පත් ලබා ගැනීමයි.

ගුරු සංගම් වල දේශපාලන බලය පාවිච්චි කරන පුද්ගලයන් සංගමයේ වීධායක සභාපති ලෙස දිසා කොමසාරිස් පත් කරන්නේ ඔහුගේ හොරකම් දූෂණ වංචා පිළිබද කතිකාවතක් ඇති උවහොත් එය ඔවුන් හරහා මකා දැමීමටය. එය එසේ වී හමාර බව දක්නට ලැබුනේ. අනුරාධපුර රඹෑව විද්‍යාලයේ බාලදක්ෂ ගුරුවරයා සම්බන්ධව බාලදක්ෂ  මුදල්  වංචාකිරිමක් සම්බන්ධව එලිවීමත් සමග ලංකා ගුරු සංගමයේ ප්‍රියන්ත පුනාන්දු හා මාරුවීම් මණ්ඩලයේ ඒ ඒ ඩයස්  විසින් එම ගුරුවරයා හැකි ඉක්මනින්  එම පාසලෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය වෙත ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් මාරු කරන ලදි. පසුව වංචාව යට යන ලදි. ( මේ සම්බධව සවිස්තරාත්මකව ලිපියක් ඉදිරියට)

මෙවැනි වංචාවන් හා දූෂණ ඇති නිලධාරීන් පිලිබද ජාතික බාලදක්ෂ මූලස්ථානය මුනිවත රකින්නේ. ඔවුන්ද මෙලෙස වංචාවන් වලට අනුබල දෙන අයද? මේ පිලිබද නිසි පරීක්ෂණයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද  ජාතික බාලදක්ෂ මූලස්ථානය මගින්ද සිදුකල යුතු නොවන්නේද? ජාතික බාලදක්ෂ මූලස්ථානය මෙම වංචා පිලිබද  නිහඩ පිළිවෙතක් ගනු ලබනේ ඔවුන්ද මෙම වංචාවන් සම්බම්ධයෙන් කොටස් කාරයන් වන නිසාද? 

Your email address will not be published. Required fields are marked *