දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

804 views
0

තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න  එක දැන් රැල්ලට ගිහින්. ඒ උනාට තූල් පාරෙ ආතල් එක විනාඩි පහකට දහයකට ගත්තට ඕකෙන් වෙන දේ දන්නවනම් අනාගතය බලන්න පුලුවන්නන් කොල්ලො මේ දේ කරන් නෑ. 

අද කාලේ කොල්ලෙක් තවත් කොල්ලෙක් හමුවුනාම අහන ප්‍රස්නයක් තියෙනවා…

වාසියක් නැත්ද – මොනවත් නැත්ද ….

හුගාක් කොල්ලන්ට ඕන මත්වෙන්න.

සමාජිය ප්‍රස්න වලින් මොහොතකට හරි මිදෙන්න.මේ දුංකොල තොල යටින් තියාගත්තම සුලු මොහොතකින් මතයක් ඇති වෙනවා.මේක දවස් – මාස ගනන් තියාගෙන ගියාම ඒ මතය අඩු වෙනවා. තියන දුංකොල ප්රමානය වැඩි කරන්න වෙනවා.

එතකොට උඩු තොලෙයි යටි තොල යටිනුයි දුංකොල තියාගන්නවා. ඒවාගෙත් මත් වෙන කාලය සිමා සහිත වෙනවා. මුලින් පැය බාගයක් මතය තිබුනත් පස්සේ ඒවා ඇගට හුරු වෙලා මත් විම විනාඩි 5කට පමනක් වෙනවා. අවුල තාම පටන් ගත්තා විතරයි.

පාරේ හමුවන – බස් එකේ යන හුගාක් කොල්ලන්ගේ තොල් යට දුංකොල ඇති.

ප්‍රශ්නයක්ද – උත්තරයක්ද කියන්න මන් දන් නැ.හැබැයි මේක හොද දෙයක් නෙමෙයි කියන එක නම් පැහැදිලියි. මිනිස්සුන්ගේ තියෙන හිස් තැන් දුංකොල වලින් වහන්න ගන්න දුර්වල උත්සහයක්.

මේ රටේ හුගාක් තරුණ කොල්ලන්ගේ ,

ඇස් යට හින – හිත් යට ප්‍රශ්න – තොල් යට දුංකොල…

දුංකොලයෙක් නොවි ප්‍රශ්න කාලයේ දිය කර හීන දකින්න තූල් තියන්න ඕනි නෑ. අහිංසක දෙමව්පියන් ඔබ ගැන හීන දහසක් හිතේ තබාගෙන, උදේ ඉඳන් රෑ වනතුරු හාම් පුතුන්ට කඹුරා උපයන සොච්චමත් ඔබට දෙන්නේ, ඔබ හොඳට ඉගෙනගනීවි කියන බලාපොරොත්තුවෙන්. ආසාවෙන්. ඒ අහිංසක බලාපොරොත්තු වලට පයින් ගහලා, ඉගෙනගන්න දෙන සල්ලි වලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කොතරම් හදවතට එකඟද කියලා ඔබම අහලා බලන්න! 

එක පැත්තකින් කට ආශ්‍රිත පිළිකා වැනි බරපතල තත්ත්ව වගේම ගිලෙන පොඩි කෙළත් එක්ක මිශ්‍ර වෙන ටිකෙන් ආහාර ජීර්ණ පද්ධතියේ සහ ලේ වල ඇති වනෙ රෝග ප්‍රධානයි. කොටින්ම කිව්වොත් මේක ළඟ ලෙඩ නැති දුර ලෙඩ ඇති ඩ්‍රග් එකක්. තූල් දාන කොල්ලෙක් මේක දකිනවනම් මුඛ පිළිකා තියෙන රෝගියෙක් බලන්න ඩෙන්ටල් එකකට ගිහින් එතනින් තීරණයක් ගන්න පුලුවන් වෙයි. පිළිකාවක් කියන්නෙ මොකක්ද කියල අපි හැමෝම දන්නව මිනිස්සු විදින දුකත් දන්නව, 

ඒත් ඊට වඩා වහක් මචන් මේ මුඛ පිළිකා, පිළිකාව වර්ධනය වෙලා කටෙහි මූණ දෙපස මස් පිරවීමකට ලක් කරන්න උනොත් ඇඟේ වෙන මාංශ පේශී බද්ධ කරන්ට වෙන්නෙ. නමුත් ඒකත් ටික කාලයයි ඉවසගන්න බැරි ගඳකුත් එක්ක ආයෙත් ඒ මස් ටික කුණු වෙලා යනවා, 75% කට වැඩි ප්‍රතිශතයක් දෙන්න පුලුවන්ලු තූල් වලින් පිළිකා හැදෙන්න පුලුවන් කියල. දත් ටික මැද්දම අවුලක් නෑ කියල හිතාගෙන තූල් දාන මල්ලිලා කරන්නෙ තමන්වන රවට්ටගැනීමක්, තම්න්ගේ ශරීරයේ ලෙඩේ අවුරුදු පහක්වත් වර්ධනය වෙනකම් හොයාගන්නවත් බැරි වෙයි.

විනාඩි පහේ ආතල් එකට ඒ වගේ මට්ටමකට එනවද නැද්ද කියල තීරණය කරන එක එයාලගෙ වැඩක්.

තූල් දාන කොල්ලෙක්ව දැනුවත් කරන එක ඔයාලගෙ වැඩක්.

මේ මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත කීයක් අදුරු වේවිද? 

~ කරුණාරත්න දිසානායක ~ 

Your email address will not be published. Required fields are marked *