වෙසක් මහේ වෙනස් කතාවකට සෙට් වෙමුද ?

වෙසක් මහේ වෙනස් කතාවකට සෙට් වෙමුද ?

140 views
0

වෙනස් කිව්වට ඉතිං මේක ටිකක් අලුත් වැඩක් ගැන කතාවක් . මීට සතියකට කලින් මතක ඇතිනේ අපි කතා කළා ස්ටෑන්ඩ් අප් කොමඩි කලාව ගැන . අදත් ලෑස්ති වෙන්නේ ඒ වගේම අලුත් වැඩක් ගැන කතා කරන්න . කොහොමත් ලංකාවේ youth generation එක අලුත් අත්දැකීම් වලට , රිස්ක් එකක් අරගෙන වුණත් අලුත් දෙයක් අත්හදා බලන්න කැමති පිරිසක් . ඒ තාරුණ්‍යයේ ජවයේ ප්‍රතිඵලයක් විදියට තමයි පහුගිය දවසක Ceylon Comic Fest එක පැවැත්වුණේ . Comic කිව්වට මම හිතනව ගොඩක් පිරිසකට මේක ටිකක් නුහුරු ඇති තවම . මේ ගැන දන්න අයත් ඇති . ඒ කොහොම උනත් දන්න නොදන්න හැමෝටම තමයි මේ ලියන්නෙ . ඉතින් Ceylon Comic Fest එක  ගැන කතා කරන්න කලින් අපි මේ Comic Con Cult එක ගැන කතා කරල ඉමු . 

Comic Con ඒ කියන්නෙ Comic Conversation කියන කල්චර් එක මේ වෙනකොට රටවල් ගණනාවක් පුරා පැතිරුණු ජනප්‍රිය සංස්කෘතිකාංගයක් . මේ කල්ට් එකෙ ඉතිසායට අපි පොඩ්ඩක් ඔලුව දාලා බැලුවොත් 1970 මුල් භාගෙටම අපිට දුවගෙන යන්න වෙනවා . ඔයා හිතන විදියට කොහොම පටන් ගන්න ඇද්ද මේ වෙනකොට විශාල පිරිසක් ආකර්ෂණය කරන් ඉන්න මේ කල්ට් එක . හැම විශාල දෙයකම සාර්ථක දෙයකම ආරම්භය පුංචියී වගේ තමා මේ කොමික් කොන්වසේෂන් කල්ට් එක ආරම්භ වෙනකොට අද වගේ ලක්ෂ ගණනක පිරිසක් හිටියෙ නෑ . බොහොම සුළුතර පිරිසක් විතරයි හිටියෙ . ඇමරිකාවෙ ඕෂන් බීච් කියන ප්‍රදේශයේ තමයි මුල් වරට මේ කීපදෙනා එකතු වෙලා එයාලගෙ සාකච්චාවෙ නිරත වුණේ . 

Richard Alf , Bob Sourk , GregBear , Ken Krueger , Mike Towry , Ron Graf , Shel Dorf සහ Barry Alfonso කියන කොමික් ස්ටෝරි ෆෑන්ස්ලා තමයි මෙහෙම මුල් වරට රැස් වුණේ . බැලූ බැල්මට හරි පුංචි මන්ත්‍රණයක් වගේ තියෙන්නෙ ඇති . ලෙමනේඩ් වීදුරු කීපයක් , බටර් විස්කෝතු පිගානක් , හැම් සැන්විච් පීරිසියක් එක්ක එයාලා ආසම කොමික් ස්ටෝරි බුක්ස් එහෙමත් එදා තියෙන්න ඇති . ඔන්න ඔහොම කොමික්ස් ෆෑන්ස් ලව අදුනගන්න පටන් ගත්තු ඒ කොමික් කොන්වසේෂන් එක අද වෙද්දි මුලු ලෝකයක් අල්ලපු දැවැන්ද කල්ට් එකක් වේවි කියල එදා එයාලා හිතන්න නම් නැතිව ඇති . 

1970 එයාලගෙ එ මුල්ම කොන්වසේෂන් එකෙන් පස්සෙ එතන හිටිය Shel ට වුවමනා වෙනවා එයාලා එදා පවත්වපු කොන්වසේෂන් එකට වඩා ටිකක් සංවිධානාත්මකව පිරිසත් ටිකක් වැඩියෙන් එකතු කරගෙන ආයෙමත් කොන්වසේෂන් එකක් කරන්න . ඉතින් එයා ඒ අවුරුද්දෙම ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තෙ San Diego නගරෙට ඇවිත් එයාගෙ යාලුවන්ගෙ උදව්වත් එක්ක ටිකක් ලොකු කොමික් ෆෙස්ටිවල් එකක් සංවිධානය කරා . 1970 මාර්තු 21 වෙනිදා ඔහු සහ ඔහුගෙ මිත්‍රයන් සමත් වෙනවා U.S Grand Hotel එකේදි සාමාජිකයක් 100 ක් පමණ එකතු කරගෙන කොමික් කොන්වසේෂන් එකක් පවත්වන්න . අන්න එදා තමයි ලෝකෙ පළමු වතාවට නිල වශයෙන් කොමික් කොන්. එකක් පැවැත්වුණේ . 

මං කලින් කිව්වනෙ මේ කොන්වසේෂන් එකට් සහභාගි වෙන්නෙ කොමික්ස් ෆෑන්ස් ල . ඉතින් එයාලගෙ හිතේ තියෙන ආසාව මුදුන් පත් කරමින් ඒ පළවෙනි කොමික් කොන්. එකේ ආරාධිත අමුත්තා වුණේ මාවල් කොමික්ස් වල කැරැක්ටර් ගණනාවක් නිර්මාණය කරපු Legend Jack Kirby . ඉතින් එදා අති සාර්ථක අන්දමින් කොමික් කොන්. එක පළමු වතාවට කොමික් ෆෑන්ස් ලගෙ ඉමහත් ආදරයත් එක්ක පවත්වල නිමා කරනව . එදා ඒ දැනුනු , අත්වින්ද සතුට සාර්ථකත්වය එක්ක එයාලා ඉන් පස්සෙ අවුරුද්දෙත් කොමික් කොන් එකක් පවත්වන්න තීරණය කරනවා . ඔන්න ඕක තමයි කොමික් කොන්වසේෂන් කියන මහා කල්ට් එකේ පුංචි ආරම්භය . 

ඉතින් කතා කරගත්ත විදියටම 1971 දිත් El Cortez hotel එකේ දෙදිනක් පුරාවට කලින් වගෙම කොමික් කොන්. එකක් පවත්වනවා . මේ කොමික් කොන්. එන්න එන්න ජනතාව අතර ජනප්‍රිය වුණ නිසා ත් සාර්ථක වුණ නිසත් මොවුණ් අඛණ්ඩව මෙ කොමික් කොන්වසේෂන් පවත්වනවා . 1973 දී සංවිධායකයින්ගෙ තීරණයකට අනුව මේ ෆන්ෂන් එක San Diego Comic Con කියල නිල වශයෙන් නම් කරනවා. එතැන් පටන් කොමික් කොන්වසේෂන් ගණනාවක් හෝටල් පරිශ්‍ර කීපයකදිම පැවැත්වුණා . ඉන් පස්සෙ 1991 දි නිල වශයෙන් මේ උත්සවය සංවිධායකයින් විසින් San Diego Conversation Centre වෙත අරන් යනු ලැබුවා . 

ඔන්න ඔය විදියට තමයි මිතුර මේ කොමික් කොන් කල්ට් එක පටන් අරන් ලෝකය පුරාවට ව්‍යාප්ත වුණේ . අද වෙනකොට ඇමරිකාව යුරෝපය ආදි රටවල් ගණනාවක් ඉතාමත් ආදරයෙන් එක්‍ රැස් වෙලා මේ උත්සවය සමරනවා . කොමික් බුක්ස් ගැන් , කොමික් ෆිල්ම්ස් , කොමික් ටීවි සීරිස් , කොමික් කාටුන් , කොමික් ටෙලිඩ්‍රාමා මෙයාලගෙ කොන්වසේෂන් එකේ ප්‍රස්තුත වෙනව බොහෝ වෙලාවට .

මෙ වෙනකොට කොමික් කොන් . හරහා නිර්මාණකරුවන්ට ඔවුන්ගේ ඉදිරි ව්‍යාපෘති එලිදක්වන්නන්න අවස්ථාව උදා කරල දීලා තියෙනව . ඔවුන්ට හැකියාව තියෙනව තමන්ගෙ පැනල් එක කෲ එක එක්ක එහෙම නැත්නම් තනියම හරි කොමික් කොන්. එකට ගිහින් එයාලගෙ ප්‍රොජෙක්ට්ස් ගැන ඉදිරිපත් කරන්න .ඒ සඳහා රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර සජීවිව දැකගන්නත් එයාලට පුළුවන් .

මේ කොමික් කොන් . එකේ තියෙන තව ෆැන්ටාස්ටික්ම ඉවෙන්ට් එකක් තමයි කොස්ප්ලේ කියල කියන්නෙ . තමන් කැමති මූවි එකක ෆිල්ම් එකක පොතක ගේම් එකක කොමික් එකක හෝ පොප් කල්ට් එකේ හම්බවෙන ඕනම කැරැක්ටර් එකක් විදියට ඔයලට ඇදුම් නිර්මාණය කරන් ඒවා ඇදන් එන්න පුළුවන් . ඔයාට බැට් මෑන් , හල්ක් , ස්පයිඩර් මෑන් , වොන්ඩර් වුමන් , තෝර් මේ වගේ ඕනම කෙනෙක් වෙන්න චාන්ස් එකක් සලසන තැනක් තමයි මේ කොමික් කොන් එක කියල කියන්නෙ ඉතිං . කොහොම සුපර්මෑන්ලා බැට්මෑන්ලා වොන්ඩ වුමන්ලා එකම දවසක එකම වේදිකාවක දකිනකොට තියෙන ආතල් එක . මේ කොස්ප්ලේ එකේ විනර්ස්ලා පවා තෝරනවා . 

කොමික් කොන්. එකත් මේ වෙනකොට කැටගරයිස් වෙලා තියෙන්නෙ . අපි ඔය ෆිල්ම් මූවීස් බලනකොට ත්‍රිලර් , කොමඩි , රොමැන්ස් , එඩියුකේෂන් කියල කැටගරි වලට වෙන් කරල තියෙන්නෙ . මේ වෙනකොට කොමික් කොන්. වලත් එහෙම ප්‍රභේද කීපයක්ම නිර්මාණය වෙලා තියෙනව . ඉතිං ඔයාට ලේසියි ඔයා ආසම කැටගරි එකේ කොමික් කොන්. එක තියෙන දවසට ගිහින් ඒ ගැන කතා කරන්න , සෙලිබ්‍රිටිලා බැහැ දකින්න වගෙම කොස්ප්ලේ එකට සහභාගි වෙන්නත් . ඔක්කොටම කලින් ඒ ගැන හරියට දැනගෙන ඉන්නත් එපැයි .ඒ නිසා අපි බලමු මොනාද මේ කොන්වසේෂන්  කැටගරි කියල . 

  • Comic Books Conventions
    කොමික් කොන්වසේෂන් මුලින්ම පටන් ගන්නෙත් මේ කොමික් පොත් හරහා . ඉතිං Comic books මූලික කරගෙන පවත්වන සාකච්චා තමයි මෙ කැටගරිඑකේ තියෙන්නෙ .  Dallas Comic , Heroes Con, Show, MSP Spring Con, Amazing Comic Con Aloha මේ කොමික් බුක් කොන්වසේෂන් වර්ගයට අයත් උත්සව කීපයක් . 

*Academic Conventions 
අධ්‍යාපන ක්ෂේත්‍රය පදනම් කරගෙන පවත්වන කොන්වසේෂන් තමයි මේ කැටගරි එකට අයිති වෙන්නෙ . මේවා හරියට පන්ති වගේ ඉතිං . ටියුෂන් ක්ලාස් , සෙමිනා වල වගෙ ගුරුවරු වගෙම සිසුන් සහභාගි වෙලා තමයි මේ කොන්වසේෂන් කරන්නෙ . මේවට රටේ තියන පුස්තකාල වලින් ලොකු සහයෝගයකුත් ලබා දෙනවා .  Phoenix Fan Fusion, Denver Pop Culture Con , HawaiiCon කියන කොන්වසේෂන් මේ ඇකඩමික් කොන්වසේෂන් කැටගරි එක යටතෙ පවත්වන උත්සව . 

  • Science fiction Conventions 
     සයන්ස් ෆික්ෂන් එ කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත කොන්වසේෂන් තමයි මේ හරහා පවත්වන්නෙ . ෆික්ෂනල් ස්ටොරිස් , මූවිස් , බුක්ස් බලන කියවන අයට හොද අවස්ථාවක් තමයි සයන්ස් ෆික්ෂන් කොන්වසේෂන් කියන්නෙ . 

*Pop Culture Conventions 
පොප් කල්චර් එක මූලික කරගෙන තමයි මේ කොන්වසේෂන් එක නිර්මාණය වෙන්නෙ . කොමික් කොන්. වල ගොඩක් වෙලාවට දකින්න තියෙන කැටගරු එක තමයි මෙ පොප් කල්චර් කොන්වසේෂන් කියන්නෙ . 
මේ පොප් කල්චර් කොන්. වලට ක්ෂේත්‍ර ගණනාවකම පුද්ගලයින් සම්බන්ධවෙනව දකින්නත් පුළුවන්.  San Diego Comic-Con, Wonder Con කියන්නෙ මෙ පොප් කල්චර් කොන් මත පදනම් වෙලා පවත්වන උත්සවයන් .

මේ වගේ කැටගරි ගණනාවක් ඔස්සෙ මේ කොන්වසේෂන් දිගින් දිගටම ඉතා විනෝදකාමි අන්දමින් ලෝකය පුරා කෙරෙමින් පවතිනවා . මේ කොමික් කොන්. හරහා ඇතැම් රටවල් ඩොලර් මිලියන ගණන් ඉපැයීම් සිදු කරනව. ඇතැම් රටවල් නම් හුදු විනෝදාස්වාදය පමණක් පදනම් කරගෙනත් මේ කොන්වසේෂන් සිදුකරනව .

කලින් අවුරුදු දෙකකම වගේ මේ කොමික් කොන්වසේෂන් පවත්වන්න නොහැකි වෙලා තියෙනව කොවිඩ් වසංගතය නිසා . නමුත් දැන් ආයෙමත් ඔවුන් මෙව් කොමික් කොන්. පවත්වන්න සූදානම් වෙලා තියෙනවා ඔයා සමහරවිට දකින්නත් ඇති. නිව්යෝක් කොමික් කොන්.එක 2023 ඔක්තෝම්බර් මාසෙ 12 වෙනිදා පවත්වනවා කියල නිවෙදනය කරල තිබුණා .

ඔන්න ඕකයි ඉතිං කතන්දරේ . මේ කොමික් කොන් කල්ට් එකේ ප්‍රතිඵලයක් විදියට තමයි ලංකාවෙ කලින් නොකරපු විදියට අලුත් අලුත් අදහස් එක්ක කොමික් කොන් එකක් Trace Expert City වල පහුගිය 22,23 දවස් පුරාවට පැවැත්වුණෙ . 

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *