කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

128 views
0

ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්‍රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙ තේ ගස්වල මුල් අස්සේ උම්බලකඩ හංගල තියනව කියල ලු වතුවල වල්පැළ අත්වලින් උගුල්ලන්ට ඔවුන්ගෙ අම්මලාව තාත්තලාව පෙළඹුවේ. ඔවුන් ඉතාම පුංචි වයසෙ ඉදන් ම අම්මගෙ අප්පගෙ අඩිපාරෙ යනගමන් උරුමයක් වෙච්ච කරුමයක් කරගහපු හැටි මතක අවුස්සන්නෙ නූගත්කම නිසාම වැඩි ගානකට නැතුව. නමුත් ඒ කතා කනට වඩා හිතට කතාකරනව. අවුරුදු 80ක් 90ක් කිට්ටුවෙන්ට වැහැරිලා උන්නත් තාම තේ දල්ලක් වෙනුවෙන් හැතැප්ම ගණන් පයින් ඇවිදිනව, දවසට පැය 8ත් 9ත් අතර කාලයක් දාඩිය හලනව, උන්ගෙ වක ගැහුණු කොන්ද හොද ම සාක්ෂියක් කිලෝ ගානක් බර දළු කූඩෙ ඉහේ එල්ලන් උන්න කාලෙට. පුපුරලා කෑලි කැඩුණු අත්වල ඇඟිලි ලොකු පුටුවල ඉන්න නෝනලගෙ හීනි දිග ඇඟිලි වගේ සුමට නොවුනත් අනේ ඒ හිත් තාම පොඩි උන්ගෙ වගේ. කහට කෝප්පයක් එක්ක රොටී ඉරුවකුත්, මහන්සිය නිවන්ට පැය බාගයක් ලැබිලා දවසට තමන්ගේ දළු කූඩේ බර අනුව මිලක් නියම වෙනව කියන්නේ ඒ හිත්වල මල් පිපිල.
ඒත් ඒක එහෙම ම නෑ. අක්කර ගානක් පුරා කරක්ගහන, කූඩැල්ලො සිය ගනන් එල්ලිලා ලේ උරාබොන කකුල්වලට, හම පුපුරල ලේ ගලන දළු හූරන ඇඟිලිවලට, අව්වට වැස්සට හුළගට දූවිල්ලට ආවරණයකින් තොරව මූණදීල කළුගැහුණු හමට මේ කිසිම දෙයක් තියා රටක් නියෝජනය කරල ජාත්‍යන්තරයට යන උන්ගේ මහන්සියෙන් නෙළපු තේ දල්ලට ඩොලරයෙන් ඉහල මිලක් නියම උනාට රුපියල හරි සොච්චම් විදියටයි උන්ට සලකන්නේ. විශ්වාස කරන්ට තාම ලැයිමක එක ජීවිතයක්වත් ඉහල ගුණාත්මක බවකින් යුක්ත තේ කහට කෝපයක රස අඳුනන්නෙ නෑ.
ඉතිහාසෙ ඉදන් ම අයිතීන් උදුරාගැනීම්වලට සහ අසාධාරණයන්ට නොසෑහෙන්ට මූණදීපු මේ අහිංසක මිනිස් කොට්ඨාසය තාමත් හූරාකෑම්වලට ලක්වෙන්නේ ඔවුන්ගෙ වහල් ශ්‍රමිකයන් විදිහට ලංකාවට ගෙනත් වසර 200ක් සම්පූර්ණ වෙන කාලෙක. නරක ම දේ තාමත් ඔවුන් දන්නෑ ඔවුන්ගේ මහන්සියෙ වටිනාකම, සහ ඔවුන්ව සමාජය සහ වාර්ගිකත්වය විසින් ගොළුකරල තියන වග

Your email address will not be published. Required fields are marked *