මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

164 views
0

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල.

අවුලෙන් එහාට මං බැලුවොත්, ඇයි මම මෙහේට මගේ ගෙදර කියල කියන්නේ?

පන්සලට පල්ලියට යන අතරේ අයාලේ යන බල්ලන්ට පයින් ගැසූ ජාතිවාදී මිනිස්සු නිසාවත් ද?

එහෙම නැතිනම් බුලත් කෙල ගැසූ අපිරිසිදු වූ මාර්ගද?

කැලි කසල මෙන් දරුවන් විසින් එලියට ඇද දැමු වයෝවෘද්ධවූ අසරණ දෙමාපියන් වත්ද?

එහෙමත් නැතිනම් අපරාධකරුවන් නිදැල්ලේ හරින, වින්ධිතයින් අත්අඩංගුවට ගන්නා අසාධාරණ සමාජ ක්‍රමය විසින් සම්මතයන්ට එරෙහිව යන දරුවන්ට දඬුවම් කරන නිසාවෙන් ද?

එහෙම නැතිනම්,
සුපිශ්පිත තාරුණ්‍යයේ සාධාරණ අරගලය මැඩලීමට පාලකයින් කඳුළු ගෑස් ගසද්දී, දොර කවුලුවලට මුවාවී ආරක්ෂිතව තම දරුවන් තුරුළුකර ගෙන නිහඬව බලා සිටිනා ආත්මාර්ථකාමී දෙමාපියන් නිසාවත් ද?

අවුලෙන් එහාට මං බැලුවොත්, මේ අවුල හැර කිසිවක් ඉතිරිවී නැතිබවයි පෙනෙන්නේ. ඉතින් මෙතනට තමයි මම මගේ ගෙදර කියල කියන්නේ.

~ උමේෂ් ~

Your email address will not be published. Required fields are marked *