සත්‍යට හා ප්‍රජාවගේ නිවැරදි තොරතුරු දැනගැනීමට ඇති අයිතියට ගරුකිරීම ජනමාධ්‍යවේදීන්ගේ මූලික අචාර ධර්මයකි, වගකීමකි. ජනමාධ්‍යවේදීන් විසින් තොරතුරු සෙවීම, හෙළිදරව් කිරීම, ඒවා නිවැරදිව වාර්තා කිරීම, ප්‍රස්නකිරීම, ජනතාවට දැනුම විනෝදය ගෙන ඒම, ලැබෙන හා ලබාගන්නා තොරතුරු ගැන අදහස් දැක්වීම හා මතක තබාගැනීම ඔවුන්ගේ අණුලංඝණීය වගකීමකි. ජනතාව දැනුවත් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය සචේතනික කිරීම ඔවුන් සතු යුතුකමකි. ඔවුන් බලය සුණරීක්ෂණය කරමින් පරිහරණය කලයුතුවේ. එමෙන්ම සියලු තොරතුරු සම්බන්ධයෙන් වගකියමින් වගවිය යුතුවේ.

  • ජනමාධ්‍යවේදයේ නියෙලී සිටින දිවෙස මාධ්‍යවේදීන් පහත දැක්වෙන සදාචාර ධර්ම වලට සපථවෙමින් බැදී සිටී:
  • සත්‍යවාදී
  • අපක්ෂපාතී
  • ස්වාධීන
  • අන් අයගේ අය්තීන්ට ගරුකරන

දිවෙස මාධ්‍යවේදීන් ස්වොත්සහයෙන් සදාචාර ධර්ම දියුණු කරගනිමින් එදිනෙදා ගනුදෙණු වලදී පහත දැක්වෙන මාධ්‍ය ප්‍රමිතීන් ආදේශ කරගනු ලබයි

  1. අවංකව තොරතුරු වාර්තා කිරීමේදී සහ අනුවර්තනයෙදී, අපක්ෂපාතීව අත්‍යාවශය කරුණුවල නිරවද්‍ය තාවය රැකගැනීමට දෘඩ උත්සහයක් ගැනීම. සත්‍ය හෝ ලැබී ඇති තොරතුරු වළහා වාර්තාකිරීම හෝ විකුර්ති කිරීමෙන් වැලකීම. අදාළ පාරශ්වයන්ට ප්‍රතිඋත්තර සැපයීම සදහා අපක්ෂපාතී ඉඩකඩක් සපයාදීම.
  2. ජාතිය, ජනවර්ගය, සම්භවය, නර නාරීතාව, වයස, ලිංගික නැභුරුව, පවුල් සම්බන්ධතා, ආගමික විශ්වාසයන්, ශාරීරික හෝ මානසික ආභාධිත කෙරෙහි අනවශ්‍ය අවධාරණක් නොකිරීම.
  3. තොරතුරු ඒවායේ මුලාශ්‍රයන් වෙතම ඉලක්ක කිරීම. තොරතුරු ලබාදෙන්නන් අනාමිකත්වය බලාපොරොත්තු වෙත්දී, ඒ මුලාශ්‍රයන්ගේ ආධ්යාෂයන් පිලිබන්ධව පූර්ව සොයාබැලීමකින් හා විකල්ප මුලාශ්‍රයන් සැලකිල්ලට නොගෙන එකග නොවීම. තැබූ විශ්වාසයන් ඕනෑම තත්වයක් යටතේ සපුරාලීම.
  4. ලැබෙන හා වාර්තා කරන තොරතුරු වල නිරවද්‍යතාවය, අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය තම පුද්ගලික අභිමතාර්ථයන්, විශ්වාසයන්, බැදීම්, දීමනා, තෑගී භෝග හෝ ලාභ ප්‍රයෝජනයන් වෙනුවෙන් සුළුකොට නොතැකීම.
  5. තවකෙනෙකුගේ මතයකට හෝ අවශ්‍යතාවයකට වාසි වෙන හෝ එවැනි වාසි අවාසි දායක තත්වයක් ඇති විය හැකියයි පෙනෙන සියලුම මාධ්‍ය ක්‍රියාකාරකම්වල නිරවද්‍යතාවය, අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය නොවලහා හෙළිදරව් කලයුතුය.
  6. මාධ්‍ය ක්‍රියාකාරකම්වල නිරවද්‍යතාවය, අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය වෙළද හා ව්‍යාපාර ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නොසලකා හැරීම නොකළ යුතුය.
  7. සම්මුඛ සාකච්චා, ඡයාරුප, තොරතුරු කථා පුවත් සඳහා රුජුව හෝ වක්‍රව කරනු ලබන ගෙවීම් නොවළහා දැක්වීමට දෘඪව උත්සාහ කරන්න.
  8. තොරතුරු ලබා ගැනීමේදී අපක්ෂපාතිව, වගකීම් සහිතව සහ සත්‍යවාදීව කටයුතු කරන්න. පළකිරීම් හා ප්‍රචාරය කරනු සඳහා සම්මුඛ සාකච්චා මෙහෙය වීමට ප්‍රථම, තමා හා තම සේවා යෝජකයාගේ අනන්‍යතාවය හදුන්වා දෙන්න. මාධ්‍යවේදී පිළිවෙත් සම්බන්ධයෙන් යම් කෙනෙකු නො දැනුවත්වීම හෝ අනාරක්ෂිත බව කිසිවිටෙකත් අයුතු ලෙස ප්‍රයෝජනයට නොගන්න.
  9. සත්‍යවූත්, නිරවද්‍යවූත් සියලුම චායාරුප හා හඬ පට ඉදිරිපත් කරන්න. නොමඟ යැවිය හැකිවන මානනයන් (දත්ත සැකසීම්) නො වළහා හෙළිදරව් කල යුතු වන්නේය.
  10. බුද්ධි දේපල හෝ රචනා චෞර්යයෙන්, නොහොත් අනුන්ගේ නිර්මාණ තමන්ගේ ලෙස දැක්වීමෙන් වළකින්න.
  11. තනි පුද්ගලයන් අත්විඳින දැඩි ශෝකය සහ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනාරාධිත මැදිහත්වීමකට සහභාගිවීමට බලකිරීම සම්බන්ධයෙන් අවනත වීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් හට ඇත.
  12. දොස් සාධාරණව නිදොස් කිරීම සඳහා දෘඪව​ උත්සාහ කරන්න. 

උපදේශ කොන්දේසිය : මෙහි එන මුලික සාරධර්මයන් නිතර අර්ථ විවරණය කලයුතු අතර සමහරවිට ඒවා විවාදයටද ලක්විය හැකිය. සදාචාරාත්මක පුවත්පත් කලාව සන්දර්භීය වශයෙන් හර්ද සාක්ෂ්‍යයාණුගත තීරණවලට අවතීරණ වීමකි. සැලකියයුතු ජනතා ආන්දෝලනයක්, අභිරුචියක් හෝ එහෙමත් නැතිනම් ජනතාව ඉන් යම් අනතුරකට ලක්කිරීමකට හේතුසාධක වෙන අවස්ථා වලදී පමණක් එම තීරණවල සම්මිතිය අභිභවනය කලහැක.