විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

147 views
0

ඔයා සහ මම , අපි දෙන්නම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් . මේ සියවස වෙනකොට පුංචි ළමයගෙ ඉඳන් වැඩිහිටියා දක්වා ස්මාට් ෆෝන් එකක් , ලැප්ටොප් එකක් නුහුරු දෙයක් නෙවෙයි . දකින දකින හැම කෙනාගෙ අතේම සුලභව පාවිච්චි වෙන දේවල් තමයි ඒ . තාක්ෂණික මෙවලම් වල පාවිච්චිය වැඩි වෙනවත් එක්කම සමාජ මාධ්‍ය පරිහරණය කියන එකත් වැඩි වෙනවා . සමාජ මාධ්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් කියලා සරල විදිහට නිර්වචනය කරන්න පුළුවන්. මං එහෙම කියන්නේ ඔයාට පුලුවන් සමාජ මාධ්‍යයෙන් ඔයාගේ එදිනෙදා වැඩ පහසු කරගන්න , ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ වගේම සමාජ මාධ්‍ය හරහා ඔයාට පුලුවන් ඔයාගෙම ජීවිතය නැති වෙන තැනටත් තව කෙනෙක්ගෙ ජීවිතය නැති වෙන තැනටත් වැඩ සිද්ධ කරන්න . 

සමාජ මාධ්‍යවලට නිශ්චිත මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් නැහැ . ඒ ඒ සමාජ මාධ්‍ය ආයතනවලින් පනව ගත්ත විවිධ නීති රීති තියෙන පුළුවන් . උදාහරණයක් විදිහට ෆේස්බුක් වල සම්පූර්ණ නිරුවත් ඡායාරූප , ඇක්සිඩන්ට් සහ ලේ වැගිරිම් , ත්‍රස්තවාදී ක්‍රියවන් වගේ දේවල්වල ඡායාරූප උඩුගත කරන්න හැකියාවක් නෑ . ඒ වගේම තමයි අසභ්‍ය වචන ප්‍රකාශ කරන්නත් බෑ . මේ විදියෙ නොයෙක් වාරණයන් හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය අපිව ස්වයංක්‍රීයව බ්ලොක් කිරීමට හෝ රිපෝට් කිරීමට කටයුතු කරනවා . ඔය විදියට යම්කිසි නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක උනාට ඒ යටතට නොවැටෙන සදාචාර විරෝධී ක්‍රියා ගණනාවක් සමාජ මාධ්‍ය හරහා මේ දැන් වෙනකනුත් සිද්ධ වෙනවා . 

මේ වෙද්දි වසංගතයක් වගේ ගිහින් දිගටම පැතිරිලා යන එහෙම සමාජ විරෝධී , සදාචාර විරෝධී ක්‍රියාවක් තමයි පුංචි දරුවන්ගේ , පාසල් ළමයින් ගෙ , වැඩිහිටි ගැහැණු සහ පිරිමි යන අයගෙ ඡායාරූප අනිසි ලෙස භාවිතා කරමින් සයිබර් අවකාශයේ තැනින් තැන තමන්ගේ පෞද්ගලික ඇරියස් කවර් කිරීම සඳහා ගෲප් හදා ගැනීම . මේක ගොඩක්ම දකින්නට තියෙන්නෙ ෆේස්බුක් සහ telegram කියන සමාජමාධ්‍ය දෙක හරහා . ඔබ එම මාධ්‍ය ද්විත්වය භාවිතා කරන්නෙක් නම් ඒ ගැන වෙනකොටත් දැනුවත් ඇති . 

ඒ පැන නැගිච්ච ගැටලුවත් එක්ක ගොඩක් දෙනෙක් විසඳුම විදියට ගෙනාවා , ‘ ෆේස්බුක් වල අපි ෆොටෝ නොදා ඉමු ‘ කියලා . හැබැයි ඒක සාර්ථක විසඳුමක් නෙවෙයි . ෆේස්බුක් කියන්නේ කියන්නෙම අපිට අපේ දේවල් සමාජගත කරන්න අවකාශයක් නේ . නමුත් ඇත්තටම කලින් කිව්ව විදියට අනවශ්‍ය ලෙස තමන්වත් හදන තමන්ගෙ තමන්ගේ ෆොටෝ එකක් තවත් ගෲප් එකක ශෙයා වෙනවා නම් ඒක විවිධ විදියට පුද්ගලයින්ට බලපානවා .

කෙනෙක්ව blackmail වෙන්න පුළුවන් ඒ සිද්ධිය හරහා , තව කෙනෙක්ට විශාල මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් . තමන්ගේ ෆොටෝ එකක් කොයි වෙලේ අත්තනෝමතික විදිහට විදියට ශෙයා වෙයිද කියලා බයක් මේ වෙද්දි සෝෂල් මීඩියා පාවිච්චි කරන ගොඩක් අයට තියෙනවා . ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය ෆොටෝ අප්ලෝඩ් නොකරන එක නෙවෙයි . ඒ වෙනුවට අපට පුළුවන් වෙනත් විසඳුම් වලට යන්න . විසඳුම් ගැන කතා කරන්න කලින් අපි මේ ප්‍රශ්නය ගැන තව ටිකක් සංකීර්ණ විදියට හොයල බලමු .

ෆේස්බුක් සමාජ මාධ්‍ය උඩට පහලට යනකොට මම මුලින්ම ඔය සම්බන්ධ  පෝස්ට් එකක් දකින්නේ මීට අවුරුද්දකට විතර කලින් . ඒත් පුංචි ගැහැනු ළමයින් ඉලක්ක කරගෙන පවත්වාගෙන ගියපු ගෲප් එකක් . ෆේස්බුක් සාමාජිකයන් පිරිසකගේ ම දායකත්වයෙන් පසුව  පුළුවන් වෙනවා අදාල ගෲප් එක රිපෝට් කරලා අයින් කරන්න . නමුත් ඒක තාවකාලික විසඳුමක් විතරයි .

මෑතකදි ඒවගේ හදපු එක ගෲප් එකක ෆේක් ගිණුමක් හරහා පෙනී සිටින්නියක් , සිඟිති අවුරුදු කුමරියක්වුණ දියණියකගේ පින්තූර මුදාහැරලා ඇයට අතවර කරන්න දෙනවා නම් ඔයා තියෙන ලංසුව කීයක්ද කියලා අහනවා . 

ඇත්තටම මං දන්නවා ඔයා මේක කියවනකොටත් ඔයාට හරි අපුලක් , අප්‍රසන්න හැඟීමක් දැනුනා කියල . ඒ එක සිදුවීමක් විතරයි . 

තවත් ගෲප් එකක , තමන්ගෙ යහළුවාගේ ගෙදර ගිහිල්ලා , ඒ යාලුවගෙ අම්මගෙ ෆොටෝ එකක් හොරෙන් අරගෙන ගෲප් වලට අප්ලෝඩ් කරපු අය හිටියා .
සමහර අය හිටිය තමන්ගෙම අම්මගෙ ෆොටෝ එකක් සමාජ මාධ්‍යට මුදා හැරපු . 

පාසල් නිල ඇඳුම් වලින් වලින් ඉන්න ගැහැනු දරුවන් වගේම පිරිමි දරුවනගෙ ඡායාරූප එකතු කරල විවිධ ගෲප් වල පලකරලා ආත්ම තෘප්තියක් ලබන උදවිය පවා ඉන්නව .

තමන්ගේ ඇරියස් අනුන්ගේ ජීවිත වලින් කවර් කරන්න යන එක ඇත්තටම හරි පහත් . තමන්ටත් වඩා අවුරුදු විස්සක් තිහක් විතර බාල දරුවෙක්ගේ ෆොටෝ එකක් සමාජමාධ්‍යට අප්ලෝඩ් කරලා තමන්ගෙ වගේම මානසික මට්ටමක් තියෙන මිනිස්සු කීපයක් එක්ක එකතුවෙලා හවුලේ ස්වං වින්දනය කරන එක මහා ලොකු කෙරුවාවක් කියල හිතාගෙන ඉන්නවනම් ඇත්තටම එහෙම මිනිස්සු තමයි හරි අසරණ .ළමයෙක් දිහා ළමයෙක් විදියට බලන්න බැරි , අම්මෙක් දිහා අම්මෙක් විදිහට බලන්න බැරි , පාසල් ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් දිහා ඒ ඒ විදියට බලන්න බැරි පරම්පරාවක් එක්ක රටක් ඉස්සරහට යයි කියලා හිතනවා නම් ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් .

තමන්ගේ ජීවිතයේ කොහේ හරි තැනක ඇරියස් එකක් තියෙනවා නම් , විකෘති ලිංගික ආශාවක් තියෙනවා නම් , ප්‍රකෘති මානසික මට්ටමට එහා ගිහිල්ලා තමන්ගේ වටාපිටාවේ ඉන්න දකින දකින මිනිස්සුන්ගෙන් දේවල් සංසිදුව ගන්න හිතෙනවනම් මම යෝජනා කරනවා එහෙම කෙනෙක් අනිවාර්යෙන්ම මනෝ උපදේශනය සඳහා යොමුවිය යුතුයි කියලා . ඒ වෙනුවට තමන්ගේ ඇරියස් කවර් කරගන්න සෝෂල් මීඩියා වල ගෲප් හදල ෆොටෝ ශෙයාකරනව වෙනුවට ප්‍රතිකාර ගන්න .

කවුරුන් හෝ කෙනෙක් ඉන්නවනම් මේ විදිහට තමන්ගෙ තමන්ගේ ෆොටෝ එකක් ගෲප් එක ශෙයාවෙච්ච , එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා .

*ඒ ෆොටෝ එක සමාජ මාධ්‍යයෙන් අයින් කරන්න මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ෆොටෝ එක රිපෝට් කරන එක .

  • මීළඟට ඔයාට පුලුවන් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන්න අදාල groupවල සහ පින්තූරවල සාක්ෂිත් එක්කම . 
    ළමා හා කාන්‍තා කාර්‍යාංශය 
    දුරකතන අංකය : 011 244 4444
    ඊ ලිපිනය : cwbureau@police.lk 
  • එවගේම ඔයාට කරන්න පුළුවන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට මේ ගැන පැමිණිලි කරන එක .
    CID දුරකතන අංකය : 011 238 1045
    ඊ ලිපිනය : dir.ccid@police.lk 

හොඳින් මතකතියාගන්න මෙතනදි ඔයාගේ ෆොටෝ අවභාවිතාවීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ . නිසා මේ ගැන පැමිණිලි කරන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න බයවෙන්න එපා. එහෙම වුනොත් දිගින් දිගටම ඒ විදිහට group හදන එක නොනවතින දෙයක් වේවි .

සෝෂල් මීඩියා වල දී ෆොටෝ අප්ලෝඩ් කරන එක නොකර ඉන්න බැහැයි කියල කිව්වට පුංචි ළමයින්ගේ පිංතූර අප්ලෝඩ් කරන කොටනම් කීප වතාවක් කල්පනා කරලා ඉන්න . හැම වෙලේම දරුවෙක්ව සමාජයට නිරාවරණය කරන කොට යම් විදිහකින් දරුවාගේ සම්පූර්ණ වගකීම තමන් ට ගන්න බැරිනම් ඒක එහෙම කරන්න එපා . වෙන්න පුළුවන් නරකම විදිහ පවා උපකල්පනය කරලා ,තමන්ගේ දරුවාව ආරක්ෂිතව සමාජයට මුදා හරින්න . එහෙම නොකරන තැනදි තමයි ඔය විදියේ සිදුවීම් සිද්ධ වෙන්නේ . හැබැයි ඔයා අප්ලෝඩ් නොකළ  ඡායාරූපයක් නම් ඒ විදිහට ගෲප් වල නැවත පලවෙලා තියෙන්නේ , ඔයාටත් නොදැනෙන්න ඔයාගේ දරුවාගේ ඡායාරූප හොරෙන් අරගෙන නම් ඒ සඳහා විරුද්ධ වෙන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න සම්පූර්ණ අයිතිය ඔයාට තියෙනවා . 

දරුවන්ට වගේම තමයි , ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ වැඩිහිටියන්ටත් තමන් පින්තූරයක් පළ කරන කොට ඒක ගැන දෙතුන් වතාවක් සැලකිලිමත් වෙන්න , ඒ වගේම තමන් නොදැන ඒ පිංතූර අරගෙන නම් ඒ ගැන නෛතික ආයතන දැනුවත් කරන්නත් පසුබට වෙන්න එපා . 

ගොඩක් වෙලාවට මේ දෙවල් කරන්න ෆේක් ගිණුම් හරහා නිසා , මේ ක්‍රියා සිදු කරන සැබෑ පුද්ගලයව හදන ගන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි . නමුත් ඒකෙ නම් සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය ඒ ඉවත් කිරීම , ඒ සමූහ සමාජ මාධ්‍ය තුලින් ඉවත්කිරීම , ඒ ඒ පින්තූර සමාජ මාධ්‍ය තුලින් ඉවත් කිරීම සඳහා සහයක් ඔයාට අදාළ ආයතනවලින් අරගන්න පුළුවන් .

යම්කිසි විදිහක විකෘති ලිංගික ආශා , විකෘති කාම ආශා තියෙන කෙනෙක් ඔයාගේ සමීපතමයෙක් නම් ඔයාගේ මැදිහත් වීමෙන්හරි වෛද්‍යවරයෙක් මුණ ගස්වන්න තරම් කාරුණිකවෙන්න . නැත්නම් අවසානයේ සමාජයටම පිළිලයක්
වෙලා ජීවිත ගණනාවක් විනාශ කරන්න ඔහුට හෝ ඇයට පුළුවන් වේවි . 

ඉතින් මං ආයෙත් මතක් කරනවා තමන්ගේ ජීවිත වල ඇරියස් අනුන්ගේ ජීවිත වලින් කවර් කරන්න යන්න එපා . ඉතින් සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න . පරිස්සම් කරන්න . 

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *