රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

840 views
0

ජෝන් රීඩ් ගේ “ලොව හෙල්ලු දස දවස “කෘතිය කියවා උද්දාමයට පත්ව සිටි ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ට ඉතා අශුභදායක ආරංචියක් අනූවේ දශකයේ ආරම්භයේදී  ලැබුණි .ඒ  සෝවියට් සංගමයේ බිඳ වැටීම පිළිබඳ පුවතයි. බටහිර අධිරාජ්‍යවාදයේ මන දොල සපුරාලමින් මිහායිල් ගොර්බචොප් ක්‍රියාත්මක කළ පෙරොස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ නිසා සෝවියට් සංගමය කැබලි වලට කැඩී විසුරිනි. බටහිර දේශපාලන විචාරකයන්ගේ ගේ තක්සේරුව වූයේ සෝවියට් සංගමයේ අවසානය සමග සීතල යුද්ධය ද අවසන් වන බව ය.සෝවියට් සංගමයෙන් කැඩී ගිය රුසියාවේ  පාලන බලය ඉතා දුර්වල එහෙත් බටහිර ගැති යෙල්ට්සින් අතට පත් වීම බටහිර දේශපාලන විචාරක රැලට මනා උත්තේජකයක් විය. ඒ බෝරිස් යෙල්ට්සින්, රුසියාව දේශපාලන හා ආර්ථික වශයෙන් ඉතා දුර්වල තත්ත්වයකට තල්ලු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් බැවිණි .

කෙසේ වෙතත් යෙල්ට්සින්ගෙන් පසු බලය ට  පත් වූ   ව්ලැඩ්මිර් පුටීන් ගේ නායකත්වය යටතේ බටහිර දේශපාලන විචාරකයන්ගේ සිතැගි පුස්සක් බවට පත් කරමින් ඉතා කෙටි කලකින් නැවතත් කලාපයේ බලවන්තයා වීමට රුසියාව සමත් විය.

පුටීන් ගේ ආගමනයත් සමග නිර්ලෝහිත යුද්ධය නැවත වරක් ආරම්භ වන්නේ මෙම ගෝලීය දේශපාලන සංදර්භය තුළ ය.මෙම ජාත්‍යන්තර දේශපාලනය නිසි ආකාරයෙන් කියවා ගැනීමට බටහිර විචාරකයන් ට මතු නොව මෙරට ඇතැම්   දේශපාලන න්‍යායචාර්යයවරුන් ට ද  නොහැකි වූ බව කොක් සුදකි.රුසියානු -යුකේන යුද්ධය හරහා ගම්‍ය වන ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය එය නොවේද ?

මෙය සැබවින්ම රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් නොව රුසියාව සහ නේටෝ රටවල් අතර යුද්ධයක් බව නොකිවමනා ය.

මෙම යුද්ධයෙන් අපට ඇතිවී තිබෙන සහ ඇතිවිය හැකි බලපෑම කුමක්ද ?පසුගිය වසරේ අප මුහුණු දුන් දරුණු ආර්ථික අර්බුදය ට එක් හේතුවක් වූයේ මෙම රුසියානු -යුක්‍රේන ගැටුම බව පරම සත්‍යයකි.එහෙත් උගුරට හොරා බෙහෙත් කන විචාරකයෝ මෙම සත්‍ය පිළිගැනීමට මැලිකමක් දක්වති.සත්‍ය පිළිගැනීමට මැලිකමක් දැක්වීමේ අනිවාර්ය ප්‍රතිඵලය

අවිදු අදුර තුළ අතරමං වීමය.

මේ වන විට රුසියානු -යුක්‍රේන යුද්ධය අතිශය උච්ච අවස්ථා දක්වා ආරෝහණය වෙමින් පවති .රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනය අඩපණ වී ඇති බව තව දුරටත් වසන් කර ගෙන සිටිය නොහැකි සත්‍යයකි .මෙහි අනිවාර්ය ප්‍රතිඵලය යුක්‍රේනය පමණක් නොව යුක්‍රේනයට පක්ෂපාතී බටහිර වල ආර්ථික පසුබෑමය.ලෝක බැංකුව මේ වන විටත් අනාවැකි පළ කර ඇත්තේ 2023 වසරේ ලෝකයේ රටවල් ගණනාවක් බරපතළ ආර්ථික අර්බුදයක් කරා තල්ලු වන බවයි .මෙම අනාවැකිය අපට නොසලකා හැරිය නොහැක .

මෙම පසුබිම තුළ බලවත් ආර්ථික අර්බුදයක් ගිලී තිබෙන අපේ රට පිළිබඳව කවර කතා ද ?එහෙත් නුදුරින් එන එම අභියෝගයට අපගේ සූදානමක් තිබේ ද ?.කිසියම් ආකාරයක ආර්ථික පුනරුදයක් තිබෙන බව සැබවි.රටේ සංචිත ප්‍රමාණය සුලු ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ .විදේශ සංචාරකයන් ගේ සැලකිය යුතු වැඩි වීමක් ඇත .ආනයන වියදම ට සාපේක්ෂව අපනයන ආදායම වැඩි වී තිබේ .මේ සියල්ලම සාධනීය ලක්ෂණ වේ.

එහෙත් ව්දේශ ආයෝජකයන් ගේ පැමිණීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි ය.ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී මෙතෙක් පැවති සම්ප්‍රදායික ක්‍රමවේද වලින් පමණක් සෑහීමකට පත් වීම ප්‍රමාණවත් නොවේ.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව විදෙස් ආයෝජකයන් කැදවන වැඩපිළිවෙළක් තවම අපට නැත .විදෙස් රට වල විශ්ව විද්‍යලය මෙරට ස්ථාපිත කිරීමට අප තවමත් අසමත් වී ඇත්තේ ඇතැම් දේශපාලන නායකයින් ගේ පදනම් විරහිත විරෝධය නිසා නොවේද ?මැලේසියාව ,සිංගප්පූරුව වැනි රටවල ස්ථාපිත කර ඇති විදේශීය විශ්ව විද්‍යලය

එම රට වල අංක එකේ ආදායම් මාර්ගයක් වී  ඇති බව නොරහසකි .එහෙත් අප තවමත් පසුගාමී ලෙස කොදෙව් මානසික තත්ත්වයකින් කල්මරුණු පෙනේ.

රුසියානු -යුකේන යුද්ධය හරහා ඇති විය හැකි ප්‍රභල ආර්ථික අර්බුදය ජය ගැනීමට හැක්කේ අපගේ පසුගාමී මානසිකත්වය බැහැර කළහොත් පමණි.

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *