පාසල් සිසුන් ගොයම් කපති

පාසල් සිසුන් ගොයම් කපති

176 views
0

මීට මාස තුනකට පමණ ඉහතදී දෙල්දූව මහා විද්‍යාලය විදුහල්පති වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගේ මගපෙන්වීම මත ගුරුවරුන් සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව කුඹුර වැපිරීම ගොයම් කැපීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් දෙල්දූව මහා විද්‍යාලය අසල අක්කර භාගයකට ආසන්න අවුරුදු දෙකක් පමණ පුරන් වූ කුඹුරක් ඒහි හිමිකරුගගේ සහයෝගෙ මත සිසුන්ට කුඹුරු වගා කිරීමට අවස්ථාව සලසා ගන්නා ලදී. එම අවස්ථාව උපරිම ප්‍රයෝජන ගැනීමට විදුහල්පතිව වැඩසිටින පූජ්‍ය වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගුරුවරු සමග සාකච්ඡා කොට ළමුන්ට කුඹුර පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් මීට මාස තුනකට ප්‍රථම කුඹුර වපුරන ලද.

අද (10) දින එහි පල නෙළන්නට විහාරාධිපති හිමියන් ගුරු භවතුන් සහ සිසු දරු දැරියන් සමත් වූහ.

විදූහල් පති හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම අස්වැන්නේ මුල් කොටස බුදුන්ට දෙවියන්ට දානයක් සේ පිළිගන්වමින් පාසලේ දේව දානය ක් සූදානම් කරන බවයි. ඉතුරු වී ආර්ථික අපහසු දරුවන් වෙනුවෙන් කොටසක් ලබා දෙන්නටත් ඉතිරි කොටස පාසලේම දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවයි. මෙහිදී ගොයම් කැපීම ආරම්භ කරන ලද්දේ විදුහල්පති හිමියන් විසිනි ඉන් අනතුරුව දරුවන්ද ගොයම් කැපීමට ගොයම් මැදීම ගොයම් කොළය ගසන ආකාරය කුඩා දරුවන්ට උගන්වමින් ප්‍රායෝගිකව කමතක සිදුවන චාරිත්‍ර එලෙසම සිදු කරමින් මේ කටයුත්ත අවසන් කළේ. ප්‍රදේශයේ සියලු දෙනාම පාසලේ වත්මන් ප්‍රබෝධය උදෙසා කටයුතු කරන පූජ්‍ය වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේට ගෞරව පුද කළේය. ඒ වගේම මෙම ඉඩම ලබා දුන් මහතාටත් උදව් උපකාර කළ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට සරණංකර හිමියෝ අමතක නොකළේය.

මෙම මෙම අවස්ථාවට විහාරාධිපති හිමියන් ගුරුභවතුන් සිසු දරු දැරියන් සහ දෙමාපිය කීපදෙනෙක් ද එක්වී සිටියාය.

~ චන්දන පෙරේරා ~

Your email address will not be published. Required fields are marked *