මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

167 views
0

කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ  “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු ජන ශක්ති ප්‍රභවයට නැවත වරක් රනිල්-රාජපක්ෂ කොකා පෙන්වමින් සිටින බව අද කැබිනට් තීරණ දැනුම් දෙන අවස්ථාවේදී යළි ජන ගත විය,

රුපියල් ලක්ෂයට වඩා වැඩි ආදායම් සහිත මිනිසුන් සියළු දෙනාට බදු ගෙවීමේ නව නීති රෙගුලාසි සකස් කරන පරිසරයක එක් නොවැදගත් මහා සමාජයෙන්ම ප්‍රතික්ෂේපිත තනි මිනිහෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ නමයහමාරක කෑම වියදම් දැරීම සහ ඔහුගේ ප්‍රයෝජනයට රජයේ වාහන දහනමයක් යෙදවීම බන්දුල ගුණවර්ධනට අනුව සුළු වියදමක් උනාට සම්බෝලයි බතුයි යන්තමට අතපත ගා වේල පා කර ගන්නා අපට නම් මහමෙරකි,

යුතුකම්, කලගුණ දන්නා ,සන්වේදී සංස්කෘතික ජාතියක් වන ලාංකිකයන් තමන් සැණසවූ මිනිසුන් ඇහේ තියාගෙන පරිස්සම් කල අතර තමන්ට ද්‍රෝහී උන මිනිසුන් කෙරෙහිද මෛත්‍රිය උපදවා ගත්තහ,

නමුත් දැන් දැන් සංකීර්ණ වන සමාජ විශමතා සමඟ මෙවැනි පක්ෂග්‍රාහී තීන්දු තරයේ ප්‍රශ්න ගත කර එවාට වැට බැදීම කාලීන අවශ්‍යතාවයකි,දැන් සමාජයේ මිනිසුන් හිඟන්නෙක්ට රුපියලක් දීමටත් මැලි වන්නේ, සතෙත් දෙකට බෙදා, ඇල් වතුරත් නිවා බොන සකසුරුවම නිසාය,එහෙව් පරිසරයක කිසිම වැදගැම්මකට නැති පඹයෙක් වෙනුවෙන්  මේ සා වියදමක් දැරීම ඉතා දුගී දුප්පත් ලාංකික ආර්ථික දෙහයට මහ බරකි,

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මාධ්‍යවේදියෙක් විසින් ඉල්ලා සිටි උක්ත කරුණු වෙනුවෙන් මේ ලබා දුන් පිළිතුරට වඩා ගෝඨට රජයෙන් දෙන පුද්ගලික වරප්‍රසාද බොහෝ දැඩි බව අත්දැකීමෙන් අපි දනිමු,මෙවන් ආර්ථික අහේනියකට මුහුණ  දී සිටින සමයක ජනතාවගේ මුදල් මෙසේ අවභාවිතා කරීම ගැන ආත්ම ලැජ්ජාවක් ගොඩ නඟා ගන්නට බැරි මෙවැනි නපුන්සක කොඩිවින, සමාජයෙන් කොන් කල යුතු අතර දැන් සිදු වන්නේ පැසව පැසව මුළු සමාජ ව්‍යුහයේම ඔඩු දිවීමයි,

නිවැරදි නම් ජාතියේ අභිමානයට හා ආර්ථිකයට සමාජයට, විශ්වාසයට, පක්ෂපාතිත්වයට, ගෞරවයට, කල හානියට කල්දේරම් බත රස බැලිය යුතු තත්වයක මෙවැනි කුමාර සැප දෙන්නට තීරණය කල රනිල්ට එරෙහිව මානව අයිතිවාසිකම් කඩ වීමේ වින්දිතයන්ව මුළු සමාජයම නඩු පැවරිය යුතුය.

දියුණු යැයි සම්මත රටවල තම ධූර කාලයට පසු විශ්‍රාම දිවිය තමා විසින් කළමණාකරණය කර ගත යුතු අතර සමාජයට බරක් නොවී, ආභරණයක් ලෙස දිළිසෙන්නට ඔව්න් තම පෞරෂය ගොඩ නගා ගෙන ඇත. ඉතින් එබැවින් තම මෙහෙය අවසන් උන පසු සාමාන්‍ය මිනිසෙක් බවට පත් වන ජනතා සේවකයාට සමාජයට බරක් නොවී ජීවත් විය යුතු බව සනාථ කරන අලුත් දේශපාලන තීන්දු තීරණ ගත යුත්තේ  පණ ඇඳිමින් සිටින ජාතියක එක හුස්මකින් හෝ ජවයක් ලබා දීම සිදු විය යුතුම කරුණක් නිසාය,

තමන් විසින් තමන් උදෙසා තම අයිතින් උදෙසා සටන් කල යුත්තේ බන්දේසියක තියා කිසිවක් වඩම්මන්නේ නැති බැවිනි,ලෝක ඉතිහාසය පුරට හැරවීමට අරගල විරෝධතා ,උපවාස අනාදිමත් කාලයක් සිට පැවති බව සිහිපත් කරමින් මෙවැනි සමාජ අසධාරණයන්ට සාමකාමීව ,නිරායුධව, ආදරය සහ දරා ගැනීම අරන් පෙල ගැසුනොත් මුළු පාලන තන්ත්‍රයක්ම මුලින් උපුටා දැමූ ජන ශක්තියේ විභවයෙන් ඉතා සාධනීය වැඩ කොටසක් සිදු කර ගත හැකි බව අපේ හැඟීමයි.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *