අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම
මේ රටේ බොහොමයක් බැංකු වලට අනෙක් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින් පිළිබඳව ඇත්තේ මහත් වූ සෙනෙහසකි. මෙම සෙනෙහස ඇතැම් අවස්ථා වල දෝරේ ගලා යයි. එසේ සෙනෙහස දෝරේ ගලා යන විට යම් හෙයකින් රජයේ සේවකයකු අවුවේ ගමන් කරන්වා දුටුවහොත් වහාම ඔහුට කුඩයක් ලබා දෙන්නේ මහත් උනන්දුවෙනි. රජයේ සේවකයා ද මේ...
නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි
ඇන්ඩ්රු ටේට් කියන්නේ කවුද – තමන් විසින්ම හඳුන්වාගත් නාරීද්වේෂක බලපෑම් කාරයෙක් (Who is Andrew Tate – “The self-proclaimed misogynist influencer ) ලංකාව කියන්නෙ හරි පුදුම රටක් මචං , ඇත්තටම ඒක හරි අමුතු ඇටයක් . ලංකාවෙ ඉන්න සුවහසක් ප්‍රජාවගෙ හිත සුව පිණිස , අවවාද අනුශාසනා පිණිස , ජීවිත සුවපත් කිරීම පිණිස...
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස සංකීර්ණය ඉදිකර වසර 10 ක් ගතවුවත්,තවමත් අදාල ප්‍රදේශ වාසීන්ට ලබා දී නොමැත.එම නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම හා එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතාවය අද උදෑසන පැවත්විණි.
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව බත්තරමුල්ල පැරකුම් පිරිවෙනේ සිට පා ගමනින් දියත උයන දෙසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ව්සින් මාර්ගය අවහිර කළ අතර මේ වන විට එම ස්ථානයේ පූජ්‍ය පක්ෂයේ 200 ක පමණ පිරිසක් විරෝධතාවේ යෙදී ඇත.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.
දින 167 ක් ත්‍රස්තවාදය වැලක්විමෙ පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගෙ රදවා ගෙන සිටි කාලය තුල පොලිස් නිලධාරීන් සිදුකරන ලද තර්ජනය කිරිම් ,පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හි රදවා තබා ගැනිම සහා බොරු ශාක්ශි ලබා දිම සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරේහිව පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලදී.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය
අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට කුඩා පරිමාණ ජලවිදුලි බල සංවර්ධකයන් ගේ සංගමයේ සභාපති තුසිත පීරිස් යන අයගේ ප්‍රධානත්වයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවයක් පැවතුනා.
මාධ්‍ය සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියා
සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය වගේම සමාජය ඇතුළෙ උණුහුමක් ඇති කරපු ඒ සිද්ධියෙන් දවස් කීපෙකට පස්සේ මේ සටහන ලියන්නේ. මින් ඉස්සරහට අකුරු ගළපන්න කලින් බොහොම ආදරයෙන් මතක් කරනවා මං මේක ලියන්නෙ මිනිස්සුන්ට කියලා. මේ ලිපිය ලියන්නෙත් මනුස්සයෙක් මේ ලිපිය කියවන්නෙත් මනුස්සයෙක්. ඉතින් මම ආයෙමත් මතක් කරනවා මේක ලියන්නෙ ගෑණුන්ටවත් පිරිමින්ටවත් නෙවෙයි මිනිස්සුන්ට...