LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

27 views
0

මියගිය L.T.T.E. සාමාජිකයන් සැමරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රටතුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත්ව ඇති සමයක ” ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය” ද ඒ පිළිබඳ තම අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී ඊයේ (26) අරුණ පුවත්පතෙහි පළවූ සිරස්තල කිහිපයක් මූලික කරගනිමින් ඔවුන් රජයට සහ වත්මන් ජනාධිපති වෙත ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා. 

ඉන් පළමුවැන්න වූයේ මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් එල් ටී ටී ඊ සංවිධානයේ මියගිය සාමාජියකන් සැමරීමට බාධාවක් නැතිබව දැන්වූ ප්‍රවෘත්ති සිරස්තලයයි. එල් ටී ටී ඊ සංවිධානය තහනමට ලක්ව ඇති රටක මෙලෙස ඔවුන් සැමරීමට මෙතෙක් පත්වූ කිසිදු ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉඩකඩ ලබාදීම හෝ අවසර දීම සිදු නොකර ඇති බවත් මෙ අයුරින් සිදුවන්නෙ රජය තුළ බෙදුම්වාදී පිරිස් සිටින නිසාවෙන් බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ ම මහමැතිවරණය සඳහා ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමේ වැඩි වගකීමක් සහ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නෙ දකුණේ ජනතාව බවත් උතුරේ දමිළ ඡන්ද ප්‍රමාණය ඒ සමඟ සැසදීමටවත් නොහැකිබව ඔහු ප්‍රකාශ කළා. එසේ ම කැනේඩියාණු දමිළ සංගමය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්ති සහ කොන්දේසි සමඟ ජාතික ජනබලවේග රජයෙ ඇතැම් ප්‍රතිපත්ති සමානුපාත වීම ගැටලු සහගත වන බවත් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවත් එම සංවිධානය ප්‍රකාශ කළා. 

මාධ්‍ය හමුවේදි මීළඟට ඉදිරිපත්කළ ප්‍රධාන ගැටලුව වූයේ අභිනවයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ දමිළ ස්වාධීන මන්ත්‍රීවරයෙක් වූ අර්චුනා රාමනාදන්හට මහ මැතිවරණය සඳහා මූල්‍යමය ආධාර සැපයූවේ කවුරුන්ද යන්නයි. ඉහිදී ඔහු වෙනුවෙන් දමිල ඩයස් පෝරාවෙන් ආධාර සපයා තිබේ ද,යාපනයේ පිහිටි කොන්සල් ජනරාල් කාර්‍යාලය ද නැතිනම් ඉන්දියානූ මහකොමසාරිස් කාර්‍යාලයෙන් ආධාර ලබාදී ඔහු මෙහෙයවූයේ ද යන සැකය ඇතිවන බව එම සංගමයේ සාමාජික දුලාර ගුණතිලක විසින් තව දුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. 

Your email address will not be published. Required fields are marked *