අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය

අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය

306 views
0

යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසුව යුධ හමුදාව භාරයට ගත් දැන් අතුරුදහන් වී ඇති තමන්ගේ සමීපතමයන් ඉල්ලා ඔවුන්ගේ පවුලේ අය වසර හයක් මුලුල්ලේ අරගල කරමින් සිටී.මෙම අරගලයට අදට වසර හයකි.ලංකාවේ දීර්ඝතම අරගලය ලෙසද හැදින්වේ.වසර හයක් සැපිරීම නිමිත්තෙන් අද කිලිනොච්චියේ කන්දසාමී කෝවිල අසල සිට අරගලයක් දියත් කරන ලදි

ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය වගකීම ගන්නා ලෙසයි.රජය විසින් ලබාදීමට සාකච්ඡා කරන ලද එක් අතුරුදහන් වූ පුද්ගලයෙකු සදාහා ලක්ශ දෙකක මුදලද,මරණ සහතිකය හා මාසිකව රුපියල් 6000ක් ලබා දෙන වැඩසටහන ද (දකුණේ පවුල් වල අය මෙම ඉල්ලීම පිලිගෙන ඇත.) යනාදී සියල්ලම ප්‍රතික්ෂේප කරමින් සමීපතමයන් සොයා දෙන ලෙස ඉල්ලමින් මෙම අරගලය සිදුකරගෙන යනු ලබයි.

~ අරවින්දි ~

Comments
  • Bashitha#1

    February 20, 2023

    ඉතාමත් වැදගත් සටහනක්

    Reply

Your email address will not be published. Required fields are marked *