විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක<br>ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

92 views
0

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ නිසා සියලුම ආගමික නායකයන් ගේ වගකීමක් තමයි මේ වෙලාවේ මේ වෙනුවෙන් හඬක් නැගීම සහ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම. ආගමික ආයතන සියල්ල නඩත්තු වන්නේ මේ රටේ ජීවත් වෙන්න පොදු මහජනතාවගෙන් . සමස්ත මහජනතාව ඒකමතික තීරණයකට ඇවිල්ල තියෙනව මේක අසාධාරණයක් කියලා දේශපාලන ප්‍රධාන මැති ඇමතිවරු ජනාධිපතිවරයා සහාය පල කරණ කීපදෙනෙක් ඇරෙන්න ජනතාව තීරණය කරලා තියෙනවා මේක අසාධාරණය බව මේක මහා පීඩනය ඊළඟ පියවර විදිහට මේක අපි ගෙවන්නේ නෑ ගෙවන්න බෑ කියන තීරණය. විදුලිබලමන්ඩලය අසාධාරණ ලෙස 60% ක විදුලිය වැඩි කිරීමත් සමඟ විදුලිය කැපීම නවත්තනවා ඒකෙන්ම පේනවා නේද මේක විදුලි බල මණ්ඩලය පාඩු නොලබන බව. මේ වැඩි කිරීමත් සමගම ඉන්ධන ගේන්න ඩොලර් නෑ කියපු ආණ්ඩුව ට ඩොලර් පහළ උනාද ඒකෙන්ම පේනවා විදිලිබල ඇමතිතුමා සහ විදුලි බල මණ්ඩලය නිකරම වංචනික ක්‍රියාවලියක තමයි යෙදෙන්නේ නියම විදිහට නම් විදුලි බිල වැඩි කරලා යම් මුදලක් විදුලි වන මණ්ඩලයට අය වුණත් පසුව තමයි මේ ක්‍රියාවට යා යුතුව තිබුණේ මුත් මේ ක්‍රියාවත් සමඟ පේනවා තනිකරම මෙය වංචනික ක්‍රියාවක් මහජනතාවට මෙවන් පීඩනයක් නොදී විදුලිය සම්පූර්ණයෙන් සැපයිය හැකි බව මේ තීරණයත් සමඟ ඔප්පු කරලා තියෙනවා විදුලිබල මණ්ඩලය ලංකාවේ තුළ බඩු මිල වැඩිකරලා රුපියල එකතු කලාට ඩොලර් හිඟය නැති කරන්න බැහැ. අපි පැහැදිලිවම ඉදිරිපත් කළා ඩොලර් සංචිත වැඩිකිරීමේ අදහස්. ප්‍රධානම කාරණාව තමයි ඇමතිවරයා ප්‍රධාන බල ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රධාන පුටු වල සිටින සියලුම දෙනා කරන වංචා නැවැත්විය යුතුයි. පසුගිය දිනවල ගල් අගුරු වලට කරන්න හදපු වැඩපිළිවෙළක් අපි අධිකරණයට යාමෙන් එම වංචාව නැවතුනා. ඒ වෙලාවේ අතිවිශාල ඩොලර් ප්‍රමාණය කටට ලැබුණා ඒකෙන්ම පේනවා ඇමතිවරයාගේ වංචාව යටතේ ජනාධිපතිවරයා දැනුවත්ව මෙම වංචා තවදුරටත් සිදු වන බව. මේ සම්පූර්ණ වංචා නැවත වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි මේ දක්වා දේශපාලන කල්ලි කණ්ඩායම් සොරකම් කරන ලද ධනය ආපසු මහා භාණ්ඩාගාරයට ලබාගත යුතුයි. තුන්වන කාරණාව තමයි අය නොකර ගෙන තිබෙන මහා මුදල් කන්දරාව විදුලිබල මණ්ඩලයට අය කර ගත යුතුයි. අපි මහජන උපයෝගීතා කොමිසම ටත් පැහැදිලි කරලා දුන්නා . අපිට පේනවා මහා සිළුවක් බවට පත් කරලා තියෙනවා වත්මන් ඇමතිවරයා සහ ජනාධිපතිවරයා. මෙවන් වංචාවල් නැවත්තුවොත් පමණයි ඩොලර් ඉතිරි කරගත හැකි වන්නේ

~ චන්දන පෙරේරා -ගල්පාත ~

Your email address will not be published. Required fields are marked *