නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

573 views
3

බ්‍රිතාන්‍ය ලංකා සමය යනු 1815 සහ 1948 අතර කාලයයි. එය උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පාලකයින් අතට පත්වීමෙන් පසුව ගෙවී ගිය වසර 133ක කාලයකි. බ්‍රිතාන්‍ය සමය, වසර 2300 කට වැඩි කාලයක් දිවයිනේ පැවති සිංහල රාජාණ්ඩු පාලනය අවසන් කල අතර 1948දී තිබු ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයෙන් පසු රට නැවත නිදහස ලබන තෙක්ම පැවති පාලනයයි.

1833 දී කෝල්බෲක්-කැමරන් කොමිසම විසින් බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජිත ආණ්ඩුවේ පළමු පියවර වූ ලංකා ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කරන ලදී. මුලදී ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත විය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකා විධායක සභාවේ පත්කළ සාමාජිකයින් පස්දෙනා සහ තවත් රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකු සහ පත්කළ නිල නොවන සාමාජිකයින් හය දෙනෙකු (යුරෝපීයයන් තිදෙනෙක්, සිංහල එක් අයෙක්, දෙමළ සහ එක් බර්ගර් ජාතිකයෙක්) ගෙන් සමන්විත විය.

1889 දී පත් කරන ලද නිල නොවන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 8 දක්වා වැඩි කරන ලදී. ඒ 8 දෙනා අතර යුරෝපීය ජාතිකයින් තිදෙනෙකු, පහතරට සිංහල එක් අයෙකු, උඩරට සිංහල එක් අයෙක්, දෙමළ, එක් මුස්ලිම් සහ එක් බර්ගර් එයට අතුක්ලත් විය.

ව්‍යවස්ථාදායක සභාව 1910 දී මැකලම් ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිසංස්කරණය කරන ලදී. සාමාජිකත්වය 21 දක්වා වැඩි කරන ලද අතර එයින් 11 දෙනෙකු නිල වශයෙන් පත් කරන ලද අතර, නිල නොවන 10 දෙනෙක් ද පත්කර ගන්න ලදී. තේරී පත් වූ යුරෝපීයයන් දෙදෙනෙක්, තේරී පත් වූ බර්ගර් ජාතිකයෙක්, තේරී පත් වූ උගත් ලාංකිකයෙක්, පත්කළ පහතරට සිංහල දෙදෙනෙක්, පත්කළ දෙමළ දෙදෙනෙක්, පත්කළ උඩරට සිංහලයෙක් සහ එක් පත්කළ මුස්ලිම් අයෙකු ඒ අතර විය. තේරී පත් වූ නිල නොවන සාමාජිකයන් හතර දෙනා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේ 3,000කට අඩු ලාංකිකයන්ය.

1911දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණයක් පවත්වන ලදී.

එහිදී මැතිවරණ කොට්ඨාශ හතරක් සඳහා නාම යෝජනා භාර ගැණින. යුරෝපීය මැතිවරණ කොට්ඨාශ දෙකක් (යුරෝපීය නාගරික සහ යුරෝපීය ග්‍රාමීය) එකක් බර්ගර් මැතිවරණ කොට්ඨාශය සඳහා සහ අනෙක ලංකා මැතිවරණ කොට්ඨාශය සඳහා විය. නිල නොවන මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මැතිවරණයකින් තෝරා ගැනීමට නියමිත අතර ඉතිරිය ආණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබිණ. ලියාපදිංචි යුරෝපීය ග්‍රාමීය සහ නාගරික වැසියන් සඳහා වූ යුරෝපීය ආසන දෙකකි. (මීට පෙර ආණ්ඩුකාරවරයා විසින් මෙම ප්‍රදේශ නියෝජනය කිරීම සඳහා සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබුණි) කිසිදු මැතිවරණයකින් තොරව පුරවන ලද්දේ එක් නාමයෝජනාවක් පමණි. බර්ගර් ආසනය අපේක්ෂකයින් තිදෙනෙකු විසින් තරඟ කරන ලද අතර “උගත්” ලාංකිකයන් සඳහා අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් තරඟ කරන ලද අතර ජයග්‍රාහී අපේක්ෂකයින් දෙදෙනාම විශාල ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයකින් තේරී පත් විය.

බර්ගර් ආසනය සඳහා දෙසැම්බර් 12 දින සහ ලංකා ආසනය සඳහා දෙසැම්බර් 13 වැනි දින මැතිවරණ පවත්වන ලද අතර, ප්‍රතිඵල නිල වශයෙන් දෙසැම්බර් 18 වැනිදා දින නිකුත් කරන ලදී. හෙක්ටර් විලියම් වෑන් කුයිලන්බර්ග් (පසුව Sir) ඡන්ද 829ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර එච් ජියෝ තෝමස් සහ ආතර් අල්විස් පිළිවෙලින් ඡන්ද 466ක් සහ ඡන්ද 273ක් ලබා ගත්හ. ලියාපදිංචි ඡන්දදායකයින් 2,149 න් බර්ගර් ජාතිකයින් 1,568 ක් (72.9%) ඡන්දය ප්‍රකාශ කළහ. පොන්නම්පලම් රාමනාදන් (පසුව සර්) ඡන්ද 1,645 ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර, ආචාර්ය එච්. මාකස් ප්‍රනාන්දු (පසුව සර්) ඡන්ද 981 ක් ලබා ගනිමින් තේරී පත් විය. ලියාපදිංචි ඡන්ද දායකයින් 2,934 න් 2,626 (89.5%) ක් ඡන්දය ප්‍රකාශ කළහ.

මැතිවරණ ප්‍රතිඵල දෙසැම්බර් 22 වැනි දින රජයේ ගැසට් පත්‍රය මගින් විධිමත් කරන ලදී. නව ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම 1912 ජනවාරි 16 වැනි දින පස්වරුවේ පැවැත්විණි.

ඉන්පසු ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ දෙවන මැතිවරණය පැවැත්වුණේ 1917 ජනවාරි 20 වැනිදාය.

පහත දැක්වෙන්නේ තේරී පත් වූ නිල නොවන සාමාජිකයින් ය.

තේරී පත් වූ මන්ත්‍රී – පොන්නම්පලම් රාමනාදන් ඡන්ද 1704 ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජේ. එස්. ජයවර්ධනට ලැබුණේ ඡන්ද 48 ක් පමණි. පත්කළ දෙමළ මන්ත්‍රී – අරුණාචලම් සබාපති, පත් කරන ලද මුස්ලිම් සාමාජික – නූර්දීන් හඩ්ජියාර් මොහොමඩ් අබ්දුල් කාඩර්, තේරී පත් වූ යුරෝපීය සාමාජික – මාකස් ප්‍රනාන්දු, උඩරට සිංහල මන්ත්‍රීවරයා – මීදෙණිය රාජකරුණා සේනානායක හා පත්කළ සාමාජික – විකලියා ඔස්වල්ඩ් ක්‍රිස්ටෝපර් දිසානායක යන අයවලුන්ය.

3 වැනි ලංකා ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වුයේ 1921 අප්‍රේල් මස 21 වෙනිදාය.

1920 දී පළමු මැනිං ප්‍රතිසංස්කරණ මගින් තවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලදී. සාමාජිකත්වය 37 දක්වා වැඩි කරන ලද අතර ඉන් 14 දෙනෙකු නිල වශයෙන් පත් කරන ලද අතර 23දෙනෙක් නිල නොවන ය සේ පත්කළහ, ඒ භෞමික පදනමින් තේරී පත් වූ 11, තේරී පත් වූ යුරෝපීයයන් පස් දෙනෙක්, තේරී පත් වූ බර්ගර් ජාතිකයින් දෙදෙනෙක්, වාණිජ මණ්ඩලය නියෝජනය කිරීමට තේරී පත් වූ අයෙක්, පත් වූ උඩරට සිංහල දෙදෙනෙක්, පත් වූ මුස්ලිම් එකක් සහ එක් අයෙකු සහ ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයෙක් ය.

පහත දැක්වෙන්නේ මැතිවරණ කොට්ඨාශ අනුව තේරී පත් වූ නිල නොලත් සාමාජිකයන්ගෙන් සමහරකි.

මධ්‍යම පළාත – ජෙරාඩ් විජේකෝන්, නැගෙනහිර පළාත – ඊ ආර් තම්බිමුතු, නිතරගයෙන් තේරී පත් විය.
උතුරු පළාත – වෛතිලිංගම් දුරෙයිස්වාමි, උතුරු මැද පළාත – ඊ ආර් ක්‍රිෂ්ණරත්න, වයඹ පළාත – චාල්ස් එඩ්ගර් කොරියා, සබරගමුව පළාත – ඩබ්ලිව්.ඊ.බොතේජු, ඡන්ද 615ක් ලබා ගත්හ. දකුණු පළාත – ඕ.සී.තිලකරත්න, ඌව පළාත – හෙන්රි කොතලාවල, බස්නාහිර පළාත කොළඹ – ජේම්ස් පීරිස්, බස්නාහිර පළාත් A කොට්ඨාශය – ඩබ්ලිව්.එම්. රාජපක්ෂ, බස්නාහිර පළාත් B කොටස – ඊ ඩබ්ලිව් පෙරේරා සහ වාණිජ මණ්ඩලය (පහළරට නිෂ්පාදන සංගමය) – හෙන්රි ද මෙල්, නිතරගයෙන් තේරී පත් විය.

4 වැනි ලංකා ව්‍යවස්ථාදායක සභා මැතිවරණය

1923 දෙවන මැනිං ප්‍රතිසංස්කරණ මගින් සාමාජිකත්වය 49 දක්වා වැඩි කරන ලද අතර ඉන් 12දෙනෙක් නිල වශයෙන් පත් කරන ලද අතර 37දෙනෙක් නිල නොවන සේ පත්කළ යවූ අතර ඒ භෞමික පදනමින් තේරී පත් වූ 23, තේරී පත් වූ යුරෝපීයයන් තිදෙනෙක්, තේරී පත් වූ බර්ගර් ජාතිකයින් දෙදෙනෙක්, බස්නාහිර පළාත සඳහා තේරී පත් වූ ලංකා දෙමළ ජාතිකයෙක්, තේරී පත් වූ මුස්ලිම්වරු තිදෙනෙක්, තේරී පත් වූ මුස්ලිම්වරු දෙදෙනෙක්. තේරී පත් වූ ඉන්දියානු ද්‍රවිඩයන් සහ තවත් පත් වූවන් තිදෙනෙක් ය.

පැරණි ව්‍යවස්ථාදායක සභාව 1924 අගෝස්තු මාසයේදී විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලදී. තේරී පත් වූ නිල නොවන සාමාජිකයන් 34 දෙනා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේ 205,000 ට අඩු ලාංකිකයන් (4%) ය. නව ව්‍යවස්ථාදායක සභාව 1924 ඔක්තෝබර් 15 දින පිහිටුවන ලදී.

පහත දැක්වෙන්නේ මැතිවරණ කොට්ඨාශ අනුව තේරී පත් වූ නිල නොලත් සාමාජිකයන්ගෙන් සමහරෙකි.

මධ්‍යම පළාත (ග්‍රාමීය) – ජෝර්ජ් ඊ ද සිල්වා, නැගෙනහිර පළාත මඩකලපුව – ඊ.ආර්. තම්බිමුතු, නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය – එම්. එම්. සුබ්‍රමනියම්.
උතුරු පළාත් මධ්‍යම – එස්. රාජරත්නම්, උතුරු පළාත නැගෙනහිර – ටී එම් සබාරත්නම්, උතුරු පළාත උතුර (වලිකාමම් උතුර) – පොන්නම්බලම් රාමනාදන්, උතුරු පළාත දකුණ – ආරුමුගම් කනගරත්නම්, උතුරු පළාත බටහිර – වෛතිලිංගම් දුරෙයිස්වාමි, දකුණු පළාත මධ්‍යම (මාතර) – ෆොරෙස්ටර් ඔගස්ටස් ඔබේසේකර, දකුණු පළාත නැගෙනහිර (හම්බන්තොට) – වී.එස්.ද එස්.වික්‍රමනායක, දකුණු පළාත බස්නාහිර (ගාල්ල) – සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ඡන්ද 4,177 ක් ලබා ගත්තේය. බස්නාහිර පළාත මීගමුව – දොන් ස්ටීවන් සේනානායක, නිතරගයෙන් තේරී පත් විය.
බස්නාහිර පළාත කළුතර – ඉ ඩබ්ලිව් පෙරේරා, බස්නාහිර පළාත සඳහා ලංකා දෙමළ – අරුණාචලම් මහාදේව,
ඉන්දියානු දෙමළ 1 – අයි. එක්ස්. පෙරෙයිරා, ඉන්දියානු දෙමළ 2 – කේ. නටේසා අයියර්, මුස්ලිම් 1 – මොහොමඩ් මැකන් මාකර්, මුස්ලිම් 2 – එන් එච් එම් අබ්දුල් කාදර්, මුස්ලිම් 3 – තුවාන් බුර්හානුදීන් ජයා.

ප්‍රථම ලංකා රාජ්‍ය සභා මැතිවරණය 1931

මුල්ම රාජ්‍ය සභා මැතිවරණය 1931 ජුනි 13 සහ 20 අතර මැතිවරණ කොට්ඨාශ 50 න් 37 කදී පැවැත්විණි. යාපනයේ තරුණ කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද වර්ජනයක් හේතුවෙන් දිවයිනේ උතුරේ මැතිවරණ කොට්ඨාශ හතරක නාමයෝජනා නොලැබුණි. ඉතිරි මැතිවරණ කොට්ඨාශ නවයට තිබුණේ එක් නාමයෝජනා බැගින් පමණක් වන අතර, ඒ අනුව ඡන්ද විමසීමකින් තොරව අපේක්ෂකයින් තේරී පත් විය. මීට අමතරව ආණ්ඩුකාරවරයා විසින් ජෝන් විලියම් ඕල්ඩ්ෆීල්ඩ්, මොරිස් ජෝන් කැරී, අයි.එක්ස්.පෙරේරා, එම්.කේ. සල්ඩින්, වී.ආර්.එස්. ෂොක්මන්, එව්ලින් චාල්ස් විලියර්ස්, තෝමස් ලිස්ටර් විලියර්ස් සහ ස්ටුවර්ට් ෂ්නයිඩර් යන අතිරේක සාමාජිකයින් අට දෙනෙකු නම් කරන ලදී.

නව රාජ්‍ය සභාව 1931 ජුලි 7 වැනි දින ප්‍රථම වරට රැස් වූ අතර පිළිවෙලින් කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ඒ.එෆ්. මොලමුරේ, එෆ්.ඒ. ඔබේසේකර සහ එම්. එම්. සුබ්‍රමනියම් තේරී පත් විය. අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විධායක කමිටු සභාපතිවරුන් හත්දෙනා ද පත් කරන ලදී. 1931 ජූලි 10 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාව උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

ඡන්ද වර්ජනය අවසන් වීමෙන් පසුව, රටේ උතුරේ අතුරු මැතිවරණ 1934 ජූලි මස මුලදී මැතිවරණ කොට්ඨාශ හතරේ පැවැත්විණි. අලුතින් තේරී පත් වූ සාමාජිකයින් 1934 ජූලි 17 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු විය.

1931දී රත්නසෝති සරවනමුත්තු (උතුරු කොළඹ) මැතිවරණ විනිසුරුවරයෙකු විසින් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට පත් කිරීමෙන් පසු තනතුරෙන් ඉවත් කරන ලදී අනතුරුව ඔහුගේ බිරිඳ නයිසුම් පසුව පැවති අතුරු මැතිවරණයෙන් තේරී පත් විය.
1931 සැප්තැම්බර්හිදී ගොඩ්ෆ්‍රි එඩ්වඩ් මඩවල (නාරමල) මිය ගියේය අනතුරුව ඩබ්ලිව් එච් ද එස් ජයසුන්දර පසුව පැවති අතුරු මැතිවරණයෙන් තේරී පත් විය. 1933 අගෝස්තු මස කුඩා රත්වත්තේ (බලන්ගොඩ) අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්විය අනතුරුව පැවති අතුරු මැතිවරණයෙන් ටී.ජී.ජයවර්ධන තේරී පත්වීය.

කථානායකන් ලෙස ඒ. එෆ්. මොලමුරේ (1931–34) හා එෆ්.ඒ. ඔබේසේකර (1934–35)ද, කාරක සභා සභාපති ලෙස සුසන්ත ද ෆොන්සේකාද (1934–35) , නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස එම්.එම්. සුබ්‍රමනියම් හා සභානායක ලෙස ඩී.බී ජයතිලකද පත්විය.

2 වන ලංකා රාජ්‍ය සභාව

2 වැනි රාජ්‍ය සභා මැතිවරණය 1936 පෙබරවාරි 22 සහ මාර්තු 7 අතර මැතිවරණ කොට්ඨාශ 50 න් 43 කදී පැවැත්විණි. ඉතිරි මැතිවරණ කොට්ඨාශ හතට එක් නාමයෝජනා පත්‍රයක් පමණක් තිබූ අතර ඒ අනුව ඡන්ද විමසීමකින් තොරව අපේක්ෂකයින් තේරී පත් විය.

නව රාජ්‍ය මන්ත්‍රණ සභාව 1936 මාර්තු 17 වැනි දින ප්‍රථම වරට රැස් වූ අතර පිළිවෙලින් කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස වෛතිලිංගම් දුරෙයිස්වාමි, සුසන්ත ද ෆොන්සේකා සහ ආර්. එස්. තෙන්නකෝන් තේරී පත් විය. සභානායකවරුන් ලෙස, D. B. ජයතිලක (1936-42) හා ඩී.එස්. සේනානායක (1942-47)

Your email address will not be published. Required fields are marked *