කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

25 views
0

කුරුදු අතරමැදි ව්‍යාපාරික මාෆියාවට එරෙහිව රටවටා සිටිනා කුරුදු ගොවීන් නිෂ්පාදකයෝ එක්ව අද දහවල් අකුරැස්ස නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වූහ.

මේ අහිංසක අපේ මිනිසුන්ගේ හඩ රටට පාර්ලිමේන්තුවට ගෙනියන්න දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විශදන්න සියලුම දෙනා මැදිහත් වෙන්න සුදුසු නියාමනයක් කර වැඩපිළිවෙළක් හදන්න අපේ ඉල්ලීම. ඩොලර් ගේන අපනයනය භෝගයක් වූ කුරුදු මාෆියාව මැඩලීමට රජයට මැදිහත් වන්නැයි ඔවුහු බලකර කියා සිටියහ.

කුරුදු වංචාවට එරෙහි වෙමු. “දුක් විදලා තලන කුරුදු කුණු කොල්ලෙට ඇයි ගන්නේ” ආදී විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් දහවල් 12 සිට සවස 2 දක්වා විරෝධතායේ යෙදුණු පිරිස පසුව විසිර ගියහ. අකුරැස්ස නගරයේ විනාඩි කීපයක් තුළ සැරිසරන විට සමහර කුරුදු ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබුණත් විවෘතව තිබූ වෙළෙඳසැල් කුරුදු මිළදී නොගැනීමෙන් කුරුදු රැගෙන ආ ගොවීන් අපහසුතාවට පත් ව තිබූ අතර ඔවුන් දැක්වූ රජයට හා බළධාරීන්ට බැන වදින ආකාරයද එවා ඇති. *කුරුදු විකුණන්න ගෙනා ගොවීන් විකුණගන්න බැරි නිසා වස බොන්න සිද්දවෙලා යනුවෙන් ආවේගයෙන් පවසති

~ චන්දන පෙරේරා ~

Your email address will not be published. Required fields are marked *