වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා, ගිය පාගමනට පොලිසිය අදත් හරස් වේ

වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා, ගිය පාගමනට පොලිසිය අදත් හරස් වේ

81 views
0

2023.02.06 දින දින පැය 1005 ට පමණ, කොළඹ රීගල් සිනමාහල අසලදී, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයින් 50 දෙනෙකු පමණ, *වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා *, රීගල් සිනමා හල අසල සිට, මුදල් අමාත්‍යාංශය වෙත සංදේශයක් භාර දීම සඳහා පැය 1050 ට පමණ පා ගමනක් ආරම්භ කර අතර

එම අවස්ථාවේදී පොලිස් නිළධාරීන් විසින් පා ගමන නැවැත්වීමට උත්සහ කිරීමත් සමග උනුසුම් කාරී තත්ත්වයක් ඇති විය. පසුව පොලිස් නිළධාරීන් විසින් මෙම පිරිසෙන් 10 දෙනකු, පැය 1105 ට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කල අතර පිරිස සංදේශය භාර දීමෙන් අනතුරුව පැය 1117 ට පමණ මුදල් අමාත්‍යාංශ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යට අදහස් දක්වා පැය 1125 ට පමණ පිරිස විසිර යන ලදි.

මේ සදහා, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන්, ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථා⁣නයේ ප්‍රධාන ලේකම් ධම්මික මුනසිංහ සහභාගි විය

Your email address will not be published. Required fields are marked *