පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…
පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී. ~ දනුෂ්ක ~
ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය
ඊයේ රෑ මම අපූර්ව එහෙත් බියජනක සිහිනයක් දුටුවෙමි. මැදියම් රැය පසුවෙනවාත් සමගම කාල වර්ණ යක්ෂයෙක් මා ඉදිරියේ ප්‍රාතුර්භූත විය .ඔහු මගේ ගෙල මිරිකමින් මෙසේ ප්‍රකාශ කළේය . “මම තමන් ට වරම් දෙකක් දෙනවා . තමන් ට ඕන නම් ලංකාව ,සිංගප්පූරුවක් කරන්න පුලුවන් .එහෙම නැත්නම් සිංගප්පූරුව, ලංකාවක් කරන්න පුලුවන්. හැබැයි මේ...
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?
ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින් යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව අනුමත කරලා, ජනතාවට දුක් විඳින්නද කියන්නේ? ~ දමිත් ~
විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…
විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි ~ දනුෂ්ක ~
වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !
මේ සඳහා වෘත්තීය සමිති,බහුජන සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන් ඒකාබද්ධවී ගනු ලබන මාධ්‍ය හමුව ඊයේ සවස (26)දවල් 2 ට ගුරුමැදුර පරිශ්‍රයේ පැවැත්විණි. ~ දනුෂ්ක ~
ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත...
ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.
ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~