අවුරුද්දට කලින් 50000ට ටයිපොයිඩ් එන්නත්.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, ශ්‍රී ලංකාවේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ පුද්ගලයන් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් මේ වනවිට එය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ කරන ලද සංඛ්‍යා ලේඛන අනුව, ‘ටයිපොයිඩ්’ රෝගය වැළඳීමේ වැඩිම අවදානම පවතින්නේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන පුද්ගලයන් අතරය. එබැවින්, ආහාර මඟින් පැතිරිය හැකි මෙම රෝගය පාලනය කිරීම සඳහා, ආහාර ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංගරුවන් පතිරණ මහතා පවසන්නේ, ආහාර පිසීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින් අතර ටයිපොයිඩ් ව්‍යාප්ත වීමේ අවදානම ඉතාම ඉහළ බැවින් ඔවුන්ට මෙම එන්නත ලබාදීම මහජන සෞඛ්‍යය රඳාපවතින වැදගත්ම පියවරක් බවයි. මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයන්, දැඩි ජන ගහණයක් පිරුණු ස්ථානවල ආහාර අලෙවිකරුවන්, මෙන්ම පාසල්, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ආයතන සඳහා සමූහ ආහාර පිසීම, අලෙවිකරණය සහ බෙදාහැරීම සිදුකරන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඇත. මෙම එන්නත් වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් මේ සඳහාවගකිව යුතුය. එම ප්‍රවේශය අනූව, දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 මඟින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම එන්නත ලබාගැනීමෙන් ‘ටයිපොයිඩ්’ රෝගය වැළැක්විය හැකි අතර, එය වසර 3කට වරක් ලබාගැනීම සෞඛ්‍ය අංශය යෝජනා කරයි. එසේම, ආහාර මඟින් පැතිරිය හැකි මෙම ව්‍යාධිය පාලනය කිරීම මඟින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද හැකියාව ලැබේ. -මධුශානි-
කම්කරු ආණ්ඩුවේ වැටුප් සංශෝධනය.
ජාතික ජනබලවේග ආණ්ඩුව පළමු අයවැය ඉදිරිපත් කිරීම සමඟ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් සංශෝධනය කරමින් නිකුත් වූ චක්‍රලේඛනයට අනුව පහළ ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණය මෙන් ම එම චක්‍රලේඛ සකස්කිරීමේදී අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් සිදුකර ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) සමස්තලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදි පැවැත්වුණා. 80%...
බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.
ලංකාවේ දේශීය සුර්ය බලය ඩිසල්, ගල් අගුරු අදානි මාෆියාවට යටවෙලාද? විදුලි බල මණ්ඩලය මඟින් අන්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ විදුලිය පාවිච්චි කරන්නන්ගෙ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වුණා. මේ සඳහා සූර්යය විදුලි බල සහ විදුලි පැනල සවිකරන කර්මාන්තකරුවන්, විදුලිය පාරිභෝගික සංගමය, පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධාන ඇතුළු සංගම්වල නියෝජිතයින් 20ක් පමණ සහභාගි වුණා. ගාස්තු අඩු නොකළහොත් සූර්‍ය විදුලි බල නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ආයතන වසා දැමීමට සිදුවන බවත් එවිට මේ වන විට හැට දහසක් පමණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින සිරිසගේ රැකියා අනතුරකට ලක්වන බවත් ඔවුන් සඳහන් කළා. විදුලි ඒකකයක මිල ඉහළ ගොස් පාරිභෝගිකයන්ට වැඩි විදුලිබිලක් ගෙවීමට සිදුවන නිසාවෙන් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු ලබා දුන් බවත්, එ නමුත් විදුලි බල ඇමතිතුමා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් මේවන විට ආණ්ඩුවේ තීරණයට විරුද්ධව කටයුතු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ ම ජනතාවට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කරමින් අන්තනෝමතිකව හැසිරෙන බලධාරීන්ට විරුද්ධව සහ...
විනාඩි පහේ සංගණනය.
හෙට දිවයිනේ ගෙවතු හා වගා බිම් අවට සැරිසරණ රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් යන වන සතුන් සංගණනය කිරීම, කෘෂි කළමනාකරණ හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ උපදෙස් අනුව ක්‍රියාත්මය වීමට නියමිත ය. මෙම විශේෂිත සමීක්ෂණය සඳහා එක් එක් පවුල් මිනිත්තු 5ක් තුළ ඔවුන්ගෙ ගෙවත්තේ සහ වගාබිමේ සිටින වන සතුන් ගණන්...
බස් ටිකට් එක වෙනුවට, මරණ වරෙන්තුවක්.
මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය විසින් ඊයේ(11) දිනයේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මගී ජනතාවගේ අයිතීන් පිළිබඳ සහ මෙ වනවිට මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිලිබඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළා. එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් වන ජයනි අබේසේකර , විදර්ශන කන්නංගර ඇතුළු පිරිසක් මීට සහභාගි වි තිබුණා. මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව සුලුකොට සලකමින් මාර්ගස්ථ...
මහජන කවුන්සිලයෙන් රජයට විරුද්ධව පෙත්සමක්.
PTA පනත අහෝසි කිරීම සහ තවත් මර්දන පනත් ගෙන ඒමේ ප්‍රතිපත්තීන් වෙත බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් ඊයේ (15) දිනයේ මහජන කවුන්සිලය විසින් පෙත්සමක් අත්සන් කරණු ලැබුවා. ඊට සහභාගී වෙමින් සිය අදහස් පළකළ ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ අසීමිත ජනතා බලයක් හිමිවූ රජය සිය පොරොන්දු කඩ කිරීම නින්දා සහගත බවයි. රජය ඉන්දියාව සමග...
ඉන්දියාව ලොකු අයිය ද?
මේ මොහොත වන විටත් ඉන්දියාව විසින් ලංකාව වෙත සිදුකරන බලහත්කාරී මැදිහත්වීම් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (11) පෙරටුගාමී සමාජවාදී පක්ෂයක විසින් සංවිධානය කර තිබුණා. ” ඉන්දියාව ලොකු අයිය ද ?” යනුවෙන් සමාජ කතිකාවක් ගොඩනගමින් ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණයේදී දුමින්ද නාගමුව විසින් දේශනයක් පවත්වනු ලැබුවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු...
බස් මොඩිෆයි කළේ ක්ලබ් යන්න බැරි ජනතාව වෙනුවෙන්.
සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ නිලධාරින්ගෙ ප්‍රධානත්වයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් අද (07) එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සම්පත් රනසිංහ( එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති), පී. ඒ. දයාරත්න( නවීකරනය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති) සහ සුජිත් ජයරු( සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ නියෝජිත) යන සාමාජිකයන් විසින් මේවන විට පෞද්ගලික බස් රථ...
ජනතා පරමාධිපත්‍ය බලය ඉන්දියාවට පාවා නොදෙන්නැයි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් මැදිහත්කරගැනීමේ ගැටලුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කෙරෙන ඉල්ලිමක් සම්බන්ධ ලිපියක්, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් අද දින ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ට යොමු කරනු ලැබුවා. එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ජනාධිපති අනුර දිසානායක විසින් ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඩිජිටල්...
රාජ්‍ය සේවයට සුනාමියක්?
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...