අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ
ගොඩක් අය තමන්ගේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න සූට් ටික මහගෙන ඉන්නවා, පත්කරලා යවන නියෝජිතයෝ කිසිම විධිහකට ජනතාවට වග කියන්නේ නැහැ.අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ, සැබෑ වෙනසක් සඳහා අන්තරේ අපි, මේ රටේ පිඩිත ජනතාව එක්ක ඉන්නවා. ~ දනුෂ්ක ~
සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?
සමාජ මාධ්‍ය අපර මඩ ගහනවා අපි දැන් සරත් ෆොන්සේකාගේ උකුලේ ඉන්නේ කියල. නමුත් කියන්න ඕනේ, ගෝටා ගාව දැනගපු නැති අපි කා ගාවවත් දන ගහන්නේ නැහැ කියන එක.මේ ඉන්න කට්ටිය නිර්පාක්ෂික නම්, මෙම කතිකාව නිර්පාක්ෂික නම්, සබජේ ඉන්න, අද මෙතනට ඇවිත් ඉන්න සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකද? අපි නිර්පාක්ෂිකයි, අපිට ලේබල් ගහන්න එපා...