අවුරුද්දට කලින් 50000ට ටයිපොයිඩ් එන්නත්.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, ශ්‍රී ලංකාවේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ පුද්ගලයන් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් මේ වනවිට එය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ කරන ලද සංඛ්‍යා ලේඛන අනුව, ‘ටයිපොයිඩ්’ රෝගය වැළඳීමේ වැඩිම අවදානම පවතින්නේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන පුද්ගලයන් අතරය. එබැවින්, ආහාර මඟින් පැතිරිය හැකි මෙම රෝගය පාලනය කිරීම සඳහා, ආහාර ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංගරුවන් පතිරණ මහතා පවසන්නේ, ආහාර පිසීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින් අතර ටයිපොයිඩ් ව්‍යාප්ත වීමේ අවදානම ඉතාම ඉහළ බැවින් ඔවුන්ට මෙම එන්නත ලබාදීම මහජන සෞඛ්‍යය රඳාපවතින වැදගත්ම පියවරක් බවයි. මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයන්, දැඩි ජන ගහණයක් පිරුණු ස්ථානවල ආහාර අලෙවිකරුවන්, මෙන්ම පාසල්, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ආයතන සඳහා සමූහ ආහාර පිසීම, අලෙවිකරණය සහ බෙදාහැරීම සිදුකරන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඇත. මෙම එන්නත් වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් මේ සඳහාවගකිව යුතුය. එම ප්‍රවේශය අනූව, දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 මඟින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම එන්නත ලබාගැනීමෙන් ‘ටයිපොයිඩ්’ රෝගය වැළැක්විය හැකි අතර, එය වසර 3කට වරක් ලබාගැනීම සෞඛ්‍ය අංශය යෝජනා කරයි. එසේම, ආහාර මඟින් පැතිරිය හැකි මෙම ව්‍යාධිය පාලනය කිරීම මඟින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද හැකියාව ලැබේ. -මධුශානි-