නැවතත් සැබෑ වම(ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්

නැවතත් සැබෑ වම(ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්

183 views
0

නැවතත් සැබෑ වම (ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්

මීට දවස් දෙකතුනකට කලින් ඉරාජ් සහ දිලිත් ජයවීර අතර පැවතුන සම්මුඛ සාකච්චාවක වැඩසටහනක් යූටියුබ් මාධ්‍ය හරහා මුදාහැරල තිබ්බා . දුමක් නගින්න ගින්නක් තියෙන්නම ඕන කියනවා වගේ ඒ වීඩියෝ එක බලපු ඕනම කෙනෙක්ට එහි යටි අරමුණක් තියෙනවාමයි කියන එක පැහැදිලි වෙන්න ඇති. නමුත් කණගාටුවට කාරණාව තමයි ” අඥේ එයාලා කියනව නම් හරි තමයි ” කියන පිරිසකුත් සමාජයෙ ඉතිරි වීම .

කොහොම උනත් ඔය වීඩියෝ එකේ වාර ගණනාවක්ම කියවුණා පොහොට්ටුව ගැනත් ජවිපෙ ගැනත් .

ඉරාජ්, දිලිත් ජවිපෙට හේත්තු වෙයිද ?

පොහොට්ටුව ට බැනලා ආයෙත් මේ අපිට නයා පෙන්නනවද ?

ඒ වෑයම පෙරැට්ටොන්ව සහ ශිෂ්‍ය ව්‍යාපාර ටික අතුගාලා දාන්නද ?

ඔය වීඩියො එක දිහා බලන් හිටපු මට ඇතිවුණ ප්‍රශ්න තමයි ඔය . කමෙන්ට් සෙක්ෂන් එක දිහා විපරම් කරාම තව සීයකට දෙසීයකටම ඔය ප්‍රශ්න ඇවිත් තිබ්බා .

ඇත්තටම ඉරාජ් දිලිත් ජවිපෙට හේත්තු වෙයිද ?

දිලිත් මෙතනදි ගගට වැටුණ මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ සියුම් උපක්‍රම රාශියක් පාවිච්චි කරනවා . දිලිත් අනුර කුමාරට යම්කිසි චෝදනා කීපයකුත් ගේනවා.
” අනුර කුමාර කියන්නෙ කටට එන ඕනෑම බොරුවක් කියන පුද්ගලයෙක් ” .
මීට අමතරව ඔහු කියනව තමන්ට ගෙනා චෝදනා අනුර කුමාර විසින් නිවැරදි කරනව නම් තමන් ඊළඟ ජවිපෙ කැම්පේන් එක බාරගන්න සූදානම් බව . සරලව ම කැම්පේන් එකක් බාරගන්න සූදානම් කියන්නෙම කැම්පේන් එකක් බව කාටත් වැටහෙන්න ඕන .
” අනුර මිතුර ඔයා එන්න මාත් එක්ක එකතුවෙන්න ” කියල නොකියා කියන ගමන් තවත් එක පොලිටිකල් ඩ්‍රාමා එකක කොටසක් දිලිත් බොහොම ලස්සනට රඟපානවා .

ඔබ හොඳින් මතක තියාගන්න , දිලිත් ජයවීර ට පාට මාරු කරන එක , කඩේ යන පක්ෂෙ මාරු කරන එක අතිශය සරල කාරණාවක් වෙන්න පුලුවන් . එයින් ඔහුගෙ පෞද්ගලික ජීවිතයට ඇති කරන බලපෑම ඉතා අල්ප වෙන්න පුලුවන් . නමුත් ඔබ දේෂපාලනික පක්ෂයක් වෙනුවෙන් පෙනී ඉන්න හිටගන්න මොහොතේම ඔබ විසින් ඊළඟ දවසෙ මිල දී ගන්න හාල් ඇටයක් ගානෙ , ඩීසල් ලීටරයක් ගානේ වන්දි ගෙවන්න බැඳිලා ඉන්නවා .

දිලිත් ඇයි මෙච්චර පොහොට්ටුවට බනින්නෙ ? පොහොට්ටුව ට බැනලා ආයෙත් මේ අපිට නයා පෙන්නන්නද හදන්නෙ ?

ඇත්තටම කිව්වොත් වරක් නයෙක් පෙන්නපු මනුස්සයෙක් ඊළඟ වතාවෙ පෙනය වහගෙන සර්පයෙක් අරන් ආවම ඒ සර්පයෙක් ය කියල නොරැවටි ඉන්න එකම මෝඩ වැඩක් . දෙරණ කියන්නෙ මාකටින් වලින් උඩම ඉන්න චැනල් එකක් . දෙවනි ඉනිම වගේ නාට්‍ය ට්‍රෙන්ඩින් වෙනකොට දෙරණෙ මාකටින් ගැන අමුතුවෙන් කයි කතන්දර වුවමනා නෑනෙ .

නෙගටිව් මාකටින් කියන්නෙත් මෙයාලගෙ මාකටින් වලම කොටසක් , ගිය පාර ආව නයාගෙ පැටියට පෙනේ පුම්බන්න බෑ ඌ හරි අහිංසකයි හැබැයි , කියල මිනිස්සු නොමග යවන්න දිලිත් ට බෑ කියල හිතනව නම් මෙදා පාරත් සොරිම තමයි .

පෙරැට්ටො සහ ශිෂ්‍ය ව්‍යාපාර අතුගානවා කියනෙක ඇත්තටම හරි අසීරු වැඩක් ඔය වගෙ වීඩියෝ එකකින් . මොකද කිව්වොත් ඉරාජ් ඔය වීඩියෝ එක දාලා දවස් තුනක් වෙනකොටත් ලයික් දහකට වඩා ඇවිත් නැ , කමෙන්ට් හයසීයකට වඩා ඇවිත් නෑ . ඉතින් ඡන්ද දහක් දෙදහක් එහා මෙහා උනා කියල 3% කවදාවත් 50% ක් වෙන්නෙ නැති වෙන්න පුලුවන් .

සමහර පොලිටිකල් ගේම් වල ඉත්තො වෙන්නෙ රටේ මහ ජනතාව , හැට නව ලක්ෂයක් ඉත්තො කරගත්තු දිලිත් ට මෙදා පාර නයාට බැනල හරි ආයෙත් මිනිස්සු මෝඩයා කරන එක මහ දෙයක් නෙවෙයි .

දිලිත් කඩේ යන්නෙ පොහොට්ටුවටද , ජවිපෙටද , සජබෙටද කියන එක ඔහුගෙ පෞද්ගලික ජීවිතය උඩු යටිකුරු නොකරාවි , නමුත් ඔහු සරණ යන ඔබ කඩේ යන්නෙ පොහොට්ටුවටද , ජවිපෙටද , සජබෙටද කියන එක ඔබේත් ඔබෙ දරුවාගෙ දරුවාගෙත් ජීවිතයෙ ඉරණම තීරණය කරාවි .

පොලිටිකල් ගේම් වල ඉත්තො වෙන්න කලින් මොළෙන් හිතන්න . දෙදාස් පන්සීයක මෙව්වා එකයි හැත්තෑ හතරක අරව එකයි කියව කියව , අපෙ අත්තත් අර පක්සෙ මාත් ඒකට , මුත්තගෙ කාලෙ ඉදන් අපි මේ පක්ෂෙට කියල එක එකාලගෙ වුවමනා එපා කම් වලට අනුව කතිරෙ ගහලා ආයෙ ආයෙත් එකම වළේ වැටිලා , වැටුණා වැටුණා කියලා කෑ ගහන එක නවත්වන්න ඕන නම් ඔය වගේ පොලිටිකල් මාෆියා වල ඉත්තෙක් නොවී ඉන්න .

හොදට මතක තියාගන්න , කඩේ යන එක ලේසි උනාට ඔයා දිලිත් ජයවීර වත් ඉරාජ් වත් නෙවෙයි .

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *