අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්

අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්

237 views
0

දේශපාලනයේදී ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බව සනාත කරමින් මෙවරත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මන්ත්‍රී වරුන් පත් කර ගැනීමට මැතිවරණයට එක්ව තරඟ කරන්නට 2023.01.10. දින පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කරන ලදී,

මාතෘකාවට අනුව මේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇති උන වෛරී සිතුවිලි නිසා ජීවිතයෙන්  වන්දි ගෙවූ ද.මූ.දසනායක සහ නාලන්ද එල්ලාවල යන මන්ත්‍රී වරුන් දෙදෙනාගෙන් පටන් ගත් විට නායක කාරකාදීන් කෙසේ හැසිරුනත්, බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් එකිනෙකා කෙරෙහි පසු වෙන්නේ බද්ධ වෛරයෙනි, ඡන්දය කුමක් උනත් රටේ ප්‍රධාන පිල් දෙක ලෙස මතු වන මේ පාක්ෂික ගැටුම්, බිය වැද්දීම්, අලාබ හානි කිරීම්, පහර දීම්, මරා දැමීම් ලෙස විකාශනය වන්නේ අන් මත ඉවසා සිටීමට තරම් පැසුන විචාර බුද්ධියක් නැති ආවේගශීලී මිනිස් ස්වභාවයන් නිසාය,

දේශපාලන සදාචාරයක්  නැති රටක කැපුවත් එකම ප්‍රවේණී පක්ෂ සාමාජිකත්වය ලේ වල දුවන බව පවසමින් උදම් අනන පාක්ෂිකයින් උත්තරීතර සර්වජන ඡන්ද බල අයිතිය ගණිකා වෘත්තියේ යොදවන නායකයන්, මුදලට සහ බලයට කෑදරව පක්ෂ මාරු කිරීම් සහ සන්ධාන ගත වීම් අනාදිමත් කාලයක් සිට ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයේ දකිනට ලැබෙන නිර්ලජ්ජිත ප්‍රවනතාවයන්ය.

එබැවින් නායකයන් සිතන ආකාරයට තමන්ට තමන්ගේ ජීවිත කාලයේදී වැඩිම කෙනහිලි කම් සිදු කල අයව ඇඳිවත උනා දමා හෙට සිට “ළූණු කරේ” ගෙන ගිය යුතුය. එලෙස ආත්ම ලාභය තකා ගන්නා තීන්දු තීරණ ප්‍රශ්න කිරීමට ව්‍යස්තාපිත ප්‍රථිපාදන නැති රටක” ඇල වෙන පැත්තට ගහ උලුවස්සා “න්‍යායෙන් මෙවරත් පොදු ජන එක්සත් පෙරමුණ තම ප්‍රධාන භුමිකාව රඟ දක්වන්නේ සට කපට ලෙස තමන් පත් කල ජන විරෝධී ජනාධිපති වරයාගේ අනුග්‍රය ලැබීම අරඹයා සන්ධාන ගත වීමට වන අතර එක්සත් ජාතික පක්ෂයද ” වයිට් වොෂ් “උන මැතිවරණයකට පසු නැවත අළු ගසා උට්ඨානය වීමේ අපේක්ෂාවෙන් සන්ධාන ගත වෙයි.

ඉතින් පාක්ෂිකායාට මෙවරත්, කොටින්ට ආයුධ ලබා දීම, සුනාමි සහන මණ්ඩලය, මිග් යානා ගණුදෙනුව, ජනමාධ්‍ය වේදීන් හා සිවිල් ක්‍රියාකාරිකයින් අතුරු දහන් කිරීම සහ ඝාතනයන්, මහ බැංකු මංකොල්ලය, පාස්කු බෝම්බ සිද්ධිය වැනි ඉස්මතු උන කරුණු පෙරදැරි කර ගෙන මහ දවල් වැරදි ලෙස දිළිසෙන නමුත් අමුතු ඇටේ අදටත් යුක්තිය ඉටු නොවූ කාරණයන් වෙනුවෙන් අත යටින් සමතයකට පත් උන මේ කූට ව්‍යාපාරිකයන් රොත්ත තම සල්ලි මල්ල රැක ගැනීමට පලිහක් ලෙස භාවිතා කරනා ජඩ දේශපාලන ඕලාරික හැසිරීම් මෙවරත් ඉවසා වදාරන්නට සිදු වෙන්නේ,මහ ජනතාවගේ විලි සංගයක් නැති හැසිරීමක් වන, ටකරමට, වැසිකිලි පෝච්චියකට ,රුපියල් පන්දාහකට, අරක්කු බෝතලයකට, බත් පැකට් එකකට තම සවෛරී තීරණය පාවා දෙන අසන්විධානාත්මක යටහත්  කම හේතුවෙනී.

ඉතින් මේ “බැරි බැරියාව” නහර වල දුවන කන් කොතරම් සිස්ටම් චේන්ජ් වෙනුවෙන්  අරගල කලත් බහුතර බුද්ධිමය මැදිහත් වීමකින් දේශපාලනය සදාචාරවත් කිරීමට පක්ෂ මාරුව සග එක දැක්මක් නැති පක්ෂ වල අවස්ථාවාදී සන්ධාන තහනම් කිරීම, නිතියේ පරමාදිපත්‍යය ඔසවා තැබීම, කාලානුරූපිත ලෙස නව නීති රෙගුලාසි එකතු වීම, වැනි දේවල් සිදු නොවන තාක් කල් “ජහ මනයාට” තම හදුන් පත අකමැත්තෙන් හෝ “වාවාගන්නට” සිදු  වෙන්නෙ තමන් විසින් තමන්ගේම අයිතින් වෙනුවෙන් පෙනී සිට ඒවා දිනා ගැනීමට ඇති නොහැකියාව නිසාය.

ඉතින් ප්‍රිය සකිය, මේ ප්‍රස්තුතය තුලම අපිට මොනවට ජනිත වන්නේ  අදම වෙනස් කර නොගත්තොත් රටේ සදා කල් නලලේ කෙටූ දේශපාලන ඉරණම විග්‍රහ කෙරෙන ආකාරයයි. ලෝකය පිලිගත් මතයක් වන “නරක මිනිසුන්ගේ ක්‍රියාන්විතයට වඩා හොඳ මිනිසුන්ගේ නිහඩතාවය භයානකයි “යන්න සිහිපත් කරවමින් මේ අන්ධ බාල ක්‍රියා සදහා නැවතීමේ තිත තැබීමට මෙවර අපගේ අන්තිම සහ සුදුසුම අවස්ථාව යැයි තරයේ අදිටන් කර ගෙන, පුලුල් බුද්ධිමය පෙරමුණකින් මේ ගණිකාමය හැසිරීම ප්‍රශ්නකර ලැජ්ජාවට ,ගර්හාවට පත් කර ලත්  තැනම ලොප් කල යුතු බව  දිවැස අපගේ ස්ථාවරයයි.

ගෞරවාන්විත රටක තම බුද්ධිය සහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගැනීමට වටපිටාව සෑදීම , දියුණුවේ සහ සෞභාග්‍යයේ එකම ද්වාරය ලෙස තේරුම් ගෙන අපේ පරම්පරාවෙන් ඒ සත් කාර්‍ය ඉටු කර ,”මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි “යන්න සිහිපත් කරමින් ඔබේ විචාරශීලී මනස නිද්‍රාවෙන් මුදන්න යැයි කෑ මොර ගසන්නේ, මේ කැනහිලුන්ට තවත් අපගේ බුද්ධියට නිග්‍රහ කිරිමට ඉඩ නොදෙන බවට ප්‍රථිශ්ඨාපනය කර ගත් චෛතසිකය හේතුවෙනි.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *