<strong>අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත –</strong> <strong>රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න</strong>

අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත – රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න

98 views
0

පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්‍රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය. එම දේශාපලන ප්‍රවාහය හෝ ප්‍රපංචය මතවාදීමය වශයෙන් අති දක්ෂිනාංසික පැත්තට නැබුරුවූ නමුදු, මෙම දේශපාලන මතවාදය ජනකාන්ත වීම සඳහා ප්‍රධාන ධාරාවේ සියලුම ආගම්ද, අධිපතිවාදී ධනපති මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. වඩාත්ම කැපීපෙනන සහ සාධනීය (ජනතාවගේ පැත්තෙන් නිශේධනීය) ඇපිල්ල්ලීම කරන ලද්දේ හුදු නමට පමණක් ලඝුවූ, ජනතාවාදී, වාමාන්සික හෝ සමාජවාදීන් යයි ඔවුන්වම හඳුන්වාගත් දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් හා ක්‍රියාකාරීන් විසිනි. මේ ලිපිය ලියන මොහෙතෙත් පාර්ලිමේන්තුව තුලද ඉන් පිටද මේ කුණුවී ඔජස්ගලන දේශපාලන මතවාදය ඔවුන් විකුණමින් සිටී. ලංකාව දේශපාලන, ආර්ථික, සමාජයික හා මානව සහසම්බන්ධතා, සහකම්පනය සහ ශිෂ්ට සම්පන්න රටක තිබිය යුතු අවම ප්‍රජාතන්ත්‍ර වාදය පැත්තෙන් නිරීක්ෂණය කලද, යලිත් පිළිසකර කරගත හැකියයි හොඳ මිනිසෙකුට හිතාගන්නටවත් අසීරු මහා අගාධයකට වැටෙමින් පවතී.

පසුගිය වසර හැත්තෑ හතරක් පුරාවට රටකල, හවුල්වුන, උපදෙස් දුන්, අනුව ගිය, එක්වගිය, සහබාග තැනූ, සන්ධාන තැනූ, ෆෙඩරල් ඉල්වූ, උතුර නැගෙනහිර ඉල්වූ, අපි සිංහල කියූ, දෙමල කියූ, මුස්ලිම් කියූ, භාෂාවට මුල්තැන ඉල්වූ, සමාජවාදී කියූ, මාක්ස්වාදී කියූ සියලු දෙනාම ජනතා අපරාධ කරුවෝය, දැනටත් ජීවතුන් අතර සිටින වුන් සියල්ලන්ගේම දීර්ගකාලීන “ස්මෘතිය” සෝධනයකට (Long Term memory cleansing ) ලක්කළ යුතුය. මුළු මහත් සමාජයෙන් ම ඈත්කර තැබිය යුතුය. ඉතින් ඊට පස්සේ රටකරවන්න කාට  කියන්නදැයි යන උභතෝකෝටික ප්‍රශ්නයට පිළිතුරු සපයාගන්නට වෙන්නෙත් අපටමය. (2023, අප රටේ සාතිශය බහුතරය ස්වයං විනාශය මුවවිට, අප කුමක් කලයුතුද? – මේ ලියුම්කරුගේ පසුගිය ලිපිය හා බැදේ)

පසුගිය වසර හැත්තෑ හතරක් පුරාවට රටකල, හවුල්වුන, උපදෙස් දුන්, අනුව ගිය, එක්වගිය, සහබාග තැනූ, සන්ධාන තැනූ, ෆෙඩරල් ඉල්වූ, උතුර නැගෙනහිර ඉල්වූ, අපි සිංහල කියූ, දෙමල කියූ, මුස්ලිම් කියූ, භාෂාවට මුල්තැන ඉල්වූ, සමාජවාදී කියූ, මාක්ස්වාදී කියූ සියලු දෙනාම ජනතා අපරාධ කරුවෝය, දැනටත් ජීවතුන් අතර සිටින වුන් සියල්ලන්ගේම දීර්ගකාලීන “ස්මෘතිය” සෝධනයකට ලක්කළ යුතු අයගේ පුර්ණ නාමලේඛනයක් පලකල හැකිවුවද ඔවුන්ගේ දරු මල්ලන්ට එයින් සිධුවිය හැකි හිත තැවුල ගැන සැලිකිලිමත් වෙමින් එසේ නොකරීමට අපි තීරණය කළෙමු. මෙය කියවන සභුද්ධික ඔබ පසුවිපරම් සදහා එවන් ලේඛනයක් ලියාතබාගනු ඇතයි විශ්වාස කරමු.

ඔබගේ මතක ඇවිලීම සඳහා ජාත්‍යන්තර දේශපාලනයෙන් අධිකාරීවාදී ජනකාන්තවාදීන් කිහිප දෙනෙකුන් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු – හංගේරියාවේ වික්ටර් ඔර්බන්, තුර්කියේ ටයියිප් ඉර්ඩොගාන්, බ්‍රසීලයේ ජයිර් බෝල්සනාරෝ සහ එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්. අපේ රටේ ලැයිස්තුව හැදීම ඔබට භාර කරමු.

Your email address will not be published. Required fields are marked *