ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල
අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන්...
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට දිවයින පුරා සිදුකරනු ලබන විරෝධතා
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට කුරුණැගල සිදුකරන විරෝධතාවය ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට මාතර සිදුකරන විරෝධතාවය ~ දමිත් ~
පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…
පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී. ~ දනුෂ්ක ~
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව අනුමත කරලා, ජනතාවට දුක් විඳින්නද කියන්නේ? ~ දමිත් ~
විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…
විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි ~ දනුෂ්ක ~
වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !
මේ සඳහා වෘත්තීය සමිති,බහුජන සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන් ඒකාබද්ධවී ගනු ලබන මාධ්‍ය හමුව ඊයේ සවස (26)දවල් 2 ට ගුරුමැදුර පරිශ්‍රයේ පැවැත්විණි. ~ දනුෂ්ක ~