සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?

සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?

කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු  කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...

Read more
රට වෙනුවෙන් මෝදිට ලියුමක්.

රට වෙනුවෙන් මෝදිට ලියුමක්.

ආචාර්‍ය අජන්තා පෙරේරා විසින් හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදීම සඳහා ඉල්ලීම් කිහිපයකින් සමන්විත ලිපියක් අද(02) දින ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයවෙත ගෙනැවිත් භාරදෙනු ලැබුවා. එය ඉන්දියානු තානාපති තුමන්වෙත ලබාදුන් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඇය එම ලිපියේ අන්තර්ගතය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළා. එහිදී ප්‍රධාන වශයෙන්...

Read more
එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවම්.

එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවම්.

 උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද(02) නියෝග කළේ ය. අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු  කළේ, චෝදනා 6ක් යටතේයි. ඒ 2012 හා...

Read more
ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. – ජනබලය සාමූහිකය-

ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. – ජනබලය සාමූහිකය-

ඊයේ (31) දිනයේදී ජන පැතුමට වගකියන ජන බලය සාමූහිකය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වු අතර එහිදී මහාචාර්‍ය නිමල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර, නීතිඥ ප්‍රදිප් ජයරත්න, නන්දන වීරරත්න යනාදීන් වත්මන් ආණ්ඩුව සහ සමාජ තත්ත්වය පිළිබඳ සිය අදහස් පලකළා.වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්දයක් නොමැති නමුත් මහජනතාව වෙනුවෙන් තමන් ආණ්ඩුව ආරක්ෂා කරගන්නා බවට අදහස්...

Read more
අවුරුද්දට කලින් 50000ට ටයිපොයිඩ් එන්නත්.

අවුරුද්දට කලින් 50000ට ටයිපොයිඩ් එන්නත්.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, ශ්‍රී ලංකාවේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ පුද්ගලයන් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් මේ වනවිට එය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ කරන ලද සංඛ්‍යා ලේඛන අනුව, ‘ටයිපොයිඩ්’ රෝගය වැළඳීමේ වැඩිම අවදානම පවතින්නේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන පුද්ගලයන් අතරය. එබැවින්, ආහාර මඟින් පැතිරිය හැකි මෙම රෝගය පාලනය කිරීම සඳහා, ආහාර ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංගරුවන් පතිරණ මහතා පවසන්නේ, ආහාර පිසීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින් අතර ටයිපොයිඩ් ව්‍යාප්ත වීමේ අවදානම ඉතාම ඉහළ බැවින් ඔවුන්ට මෙම එන්නත ලබාදීම මහජන සෞඛ්‍යය රඳාපවතින වැදගත්ම පියවරක් බවයි. මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයන්, දැඩි ජන ගහණයක් පිරුණු ස්ථානවල ආහාර අලෙවිකරුවන්, මෙන්ම පාසල්, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ආයතන සඳහා සමූහ ආහාර පිසීම, අලෙවිකරණය සහ බෙදාහැරීම සිදුකරන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඇත. මෙම එන්නත් වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් මේ සඳහාවගකිව යුතුය. එම ප්‍රවේශය අනූව, දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 මඟින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම එන්නත ලබාගැනීමෙන් ‘ටයිපොයිඩ්’ රෝගය වැළැක්විය හැකි අතර, එය වසර 3කට වරක් ලබාගැනීම සෞඛ්‍ය අංශය යෝජනා කරයි. එසේම, ආහාර මඟින් පැතිරිය හැකි මෙම ව්‍යාධිය පාලනය කිරීම මඟින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද හැකියාව ලැබේ. -මධුශානි-

Read more
කම්කරු ආණ්ඩුවේ වැටුප් සංශෝධනය.

කම්කරු ආණ්ඩුවේ වැටුප් සංශෝධනය.

ජාතික ජනබලවේග ආණ්ඩුව පළමු අයවැය ඉදිරිපත් කිරීම සමඟ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් සංශෝධනය කරමින් නිකුත් වූ චක්‍රලේඛනයට අනුව පහළ ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණය මෙන් ම එම චක්‍රලේඛ සකස්කිරීමේදී අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් සිදුකර ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) සමස්තලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදි පැවැත්වුණා.  80%...

Read more
බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.

බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.

ලංකාවේ දේශීය සුර්ය බලය ඩිසල්, ගල් අගුරු අදානි මාෆියාවට යටවෙලාද? විදුලි බල මණ්ඩලය මඟින් අන්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ විදුලිය පාවිච්චි කරන්නන්ගෙ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වුණා. මේ සඳහා සූර්යය විදුලි බල සහ විදුලි පැනල සවිකරන කර්මාන්තකරුවන්, විදුලිය පාරිභෝගික සංගමය, පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධාන ඇතුළු සංගම්වල නියෝජිතයින් 20ක් පමණ සහභාගි වුණා. ගාස්තු අඩු නොකළහොත් සූර්‍ය විදුලි බල නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ආයතන වසා දැමීමට සිදුවන බවත් එවිට මේ වන විට හැට දහසක් පමණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින සිරිසගේ රැකියා අනතුරකට ලක්වන බවත් ඔවුන් සඳහන් කළා. විදුලි ඒකකයක මිල ඉහළ ගොස් පාරිභෝගිකයන්ට වැඩි විදුලිබිලක් ගෙවීමට සිදුවන නිසාවෙන් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු ලබා දුන් බවත්, එ නමුත් විදුලි බල ඇමතිතුමා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් මේවන විට ආණ්ඩුවේ තීරණයට විරුද්ධව කටයුතු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා.  එසේ ම ජනතාවට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කරමින් අන්තනෝමතිකව හැසිරෙන බලධාරීන්ට විරුද්ධව සහ...

Read more
රැකියාවක් එපා පත්වීමක් දෙන්න.

රැකියාවක් එපා පත්වීමක් දෙන්න.

පාර්ලිමේන්තු වටරවුමේ “පත්වීමක්” ඉල්ලා සටන්කරන පිරිස් ඇත්තට ම ඉල්ලන්නේ කුමක් ද?  අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන පවසන පරිදි වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිදාරීන් වෙත බලයට පත්වීමට පෙර “රැකියා” ලබාදෙන බවට පොරොන්දු ලබා දී තිබේ ද? රැකියාවක් පොරොන්දුවක් මත පදනම්ව ලබාදීමට නම් ඊට සුදුසු රික්තකයන් ශ්‍රී ලංකාවෙ රැකියා වෙළඳපොළ...

Read more
පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

පාස්කු දින ප්‍රහාරය සිදුවී මාස 71 ක් සම්පූර්ණවන ඊයේ (21) දිනයේදී සත්‍ය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ එකතුවෙන්, පාස්කුදින ප්‍රහාරයෙන් අගතියට පත්වූවන්ට සහ දිවි අහිමි වූවන්ට සාධාරණය ඉටු කරමින් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනගත කරන ලෙස පවතින රජයෙන් ඉල්ලීමක් සිදුකරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. තවද එහිදී...

Read more
විනාඩි පහේ සංගණනය.

විනාඩි පහේ සංගණනය.

හෙට දිවයිනේ ගෙවතු හා වගා බිම් අවට සැරිසරණ රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් යන වන සතුන් සංගණනය කිරීම, කෘෂි කළමනාකරණ හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ උපදෙස් අනුව ක්‍රියාත්මය වීමට නියමිත ය. මෙම විශේෂිත සමීක්ෂණය සඳහා එක් එක් පවුල් මිනිත්තු 5ක් තුළ ඔවුන්ගෙ ගෙවත්තේ සහ වගාබිමේ සිටින වන සතුන් ගණන්...

Read more
OTP එක ගත්ත ද ? දුන්න ද?

OTP එක ගත්ත ද ? දුන්න ද?

අම්පිටියෙ සුමනරතන හාමුදුරුවෝ කියනකොට ඕනම කෙනෙක් හඳුනන්නෙ ඕනෑම තැනක ගැටුමක් ඇතිකරගන්න ස්වාමීන්වහන්සේ නමක් හැටියට. සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සුමනරතන හාමුදුරුවෝ හඬ අවදිකරපු අවස්ථා බහුල වුනත් මේ වෙද්දී ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ආවේගශීලීව හැසිරීමට සුමනරතන හාමුදුරුවෝ පෙළඹී සිටින බවක් දකින්නට පුලුවන්. මෙ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ නැවත අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ...

Read more