මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.
රට ගොඩ ගන්න මහමගට බට..
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත් නොවියනුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැදකරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද වසර 34කට පසුවත් යලිත් මමඅප වැන්නවුන්...
ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…
ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන්...
වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට
ත්‍රස්ත පනත යටතේ සිරගතකර ඇති වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද ජනවාරි 25දා කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවා තිබුණා. එලෙස කැඳවා තිබුනේ ජනාධිපති මන්දිරයට ඇතුලත්වීමේ නඩුවේ සැකකරුවන් ලෙසයි. වසන්ත මුදලිගේ මෙම නඩුවේ 73වෙනි සැකකරු ලෙස නම් කර තිබුනා. ඒ අතරඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් වසන්ත...
වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?
මේ ගෙවෙන්නේ සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනසක් ගැන බෙහෙවින් කතාකරන සමයකි. එහි අදහස පවතින ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළ යුතුය යන්නය. පවතින ක්‍රමය වෙනුවට ආදේශ කෙරෙන ක්‍රමය කුමක්ද යන්න අපැහැදිලි වීම ප්‍රධාන ගැටලුවකි. ගෝඨා ගෝ හෝම් සටනෙහි පලයක් ලෙස ගෝඨාභය ඉවත් වීමෙන් පසු කළ යුතු කුමක් ද යන්න ගැන...
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද, යුතුද ?
දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...
නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.
බ්‍රිතාන්‍ය ලංකා සමය යනු 1815 සහ 1948 අතර කාලයයි. එය උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පාලකයින් අතට පත්වීමෙන් පසුව ගෙවී ගිය වසර 133ක කාලයකි. බ්‍රිතාන්‍ය සමය, වසර 2300 කට වැඩි කාලයක් දිවයිනේ පැවති සිංහල රාජාණ්ඩු පාලනය අවසන් කල අතර 1948දී තිබු ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයෙන් පසු රට නැවත නිදහස ලබන තෙක්ම...
- 1
- 2