ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-
සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලකරන ලද අදහස්මත පදනම්ව 1979 අංක 48 දරණ ” ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත” මූලික කොටගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් මෑතක වාර්තා වුණා. ඉන් පළමුවැන්න ආරුගම්බේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ආශ්‍රිත සිද්ධිය වූ අතර ඉතාම මෑතක මහවිරු සමරුව ආශ්‍රිත පැරණි වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජගතකළ බව දක්වමින්...