වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..
වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත ය. මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා ද, 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන්...
ලෝක බලවතුන්ගෙ ගැටුම
චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි...
ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.
ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව...
ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. එම ගිවිසුම් 7 මෙසේය: ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120 ක සාම්පූර් සූර්ය බලාගාරයේ...
සති අන්තයේ රටට වෙන්න යන දේ.
1987 වසරේ ජූලි මස 29 වැනිදා පැය 48 ක ඇඳිරිනීතියකින් සහ මරණ 140 ට පසුව රජීව් ගාන්ධි සමඟ ඉන්දු ලංකා ගිවිසුම නමින් ආරක්ෂක ගිවිසුමකට ශ්‍රී ලංකාවේ බලධාරීන් අත්සන් කරනු ලැබුවා. ඒහා සමාන භයානක තත්ත්වයකට ලංකාව සහ ලංකාවේ ස්වාධීනත්වය ඇද දමන ගිවිසුම් පහකට හෙට දිනයේ ලංකාවට සම්ප්රාප්තවන ඉන්දීය අගමැති මෝදි සමඟ...
රට වෙනුවෙන් මෝදිට ලියුමක්.
ආචාර්ය අජන්තා පෙරේරා විසින් සිකුරාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදීම සඳහා ඉල්ලීම් කිහිපයකින් සමන්විත ලිපියක් අද(02) දින ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයවෙත ගෙනැවිත් භාරදෙනු ලැබුවා. එය ඉන්දියානු තානාපති තුමන්වෙත ලබාදුන් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඇය එම ලිපියේ අන්තර්ගතය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළා. එහිදී ප්‍රධාන වශයෙන්...
එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවම්.
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද(02) නියෝග කළේ ය. අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කළේ, චෝදනා 6ක් යටතේයි. ඒ 2012 හා...
අවුරුද්දට කලින් 50000ට ටයිපොයිඩ් එන්නත්.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, ශ්‍රී ලංකාවේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ පුද්ගලයන් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් මේ වනවිට එය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ කරන ලද සංඛ්‍යා ලේඛන අනුව, ‘ටයිපොයිඩ්’ රෝගය වැළඳීමේ වැඩිම අවදානම පවතින්නේ ආහාර පිසීම, නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන පුද්ගලයන් අතරය. එබැවින්, ආහාර මඟින් පැතිරිය හැකි මෙම රෝගය පාලනය කිරීම සඳහා, ආහාර ක්ෂේත්රයේ සේවය කරන පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංගරුවන් පතිරණ මහතා පවසන්නේ, ආහාර පිසීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින් අතර ටයිපොයිඩ් ව්‍යාප්ත වීමේ අවදානම ඉතාම ඉහළ බැවින් ඔවුන්ට මෙම එන්නත ලබාදීම මහජන සෞඛ්‍යය රඳාපවතින වැදගත්ම පියවරක් බවයි. මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයන්, දැඩි ජන ගහණයක් පිරුණු ස්ථානවල ආහාර අලෙවිකරුවන්, මෙන්ම පාසල්, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ආයතන සඳහා සමූහ ආහාර පිසීම, අලෙවිකරණය සහ බෙදාහැරීම සිදුකරන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඇත. මෙම එන්නත් වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් මේ සඳහාවගකිව යුතුය. එම ප්‍රවේශය අනූව, දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 මඟින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම එන්නත ලබාගැනීමෙන් ‘ටයිපොයිඩ්’ රෝගය වැළැක්විය හැකි අතර, එය වසර 3කට වරක් ලබාගැනීම සෞඛ්‍ය අංශය යෝජනා කරයි. එසේම, ආහාර මඟින් පැතිරිය හැකි මෙම ව්‍යාධිය පාලනය කිරීම මඟින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද හැකියාව ලැබේ. -මධුශානි-
කම්කරු ආණ්ඩුවේ වැටුප් සංශෝධනය.
ජාතික ජනබලවේග ආණ්ඩුව පළමු අයවැය ඉදිරිපත් කිරීම සමඟ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් සංශෝධනය කරමින් නිකුත් වූ චක්රලේඛනයට අනුව පහළ ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණය මෙන් ම එම චක්‍රලේඛ සකස්කිරීමේදී අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් සිදුකර ඇති අක්රමිකතාවයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) සමස්තලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදි පැවැත්වුණා. 80%...
බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.
ලංකාවේ දේශීය සුර්ය බලය ඩිසල්, ගල් අගුරු අදානි මාෆියාවට යටවෙලාද? විදුලි බල මණ්ඩලය මඟින් අන්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ විදුලිය පාවිච්චි කරන්නන්ගෙ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වුණා. මේ සඳහා සූර්යය විදුලි බල සහ විදුලි පැනල සවිකරන කර්මාන්තකරුවන්, විදුලිය පාරිභෝගික සංගමය, පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධාන ඇතුළු සංගම්වල නියෝජිතයින් 20ක් පමණ සහභාගි වුණා. ගාස්තු අඩු නොකළහොත් සූර්ය විදුලි බල නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ආයතන වසා දැමීමට සිදුවන බවත් එවිට මේ වන විට හැට දහසක් පමණ ක්ෂේත්රයේ රැකියාවල නිරතව සිටින සිරිසගේ රැකියා අනතුරකට ලක්වන බවත් ඔවුන් සඳහන් කළා. විදුලි ඒකකයක මිල ඉහළ ගොස් පාරිභෝගිකයන්ට වැඩි විදුලිබිලක් ගෙවීමට සිදුවන නිසාවෙන් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු ලබා දුන් බවත්, එ නමුත් විදුලි බල ඇමතිතුමා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් මේවන විට ආණ්ඩුවේ තීරණයට විරුද්ධව කටයුතු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ ම ජනතාවට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කරමින් අන්තනෝමතිකව හැසිරෙන බලධාරීන්ට විරුද්ධව සහ...