ප්ලාස්ටික් බෝතල් පිරී අපවිත්‍රවු පොල්ගොල්ල ජලාශය

ප්ලාස්ටික් බෝතල් පිරී අපවිත්‍රවු පොල්ගොල්ල ජලාශය

111 views
0

මේ වන විට පවතින වියළි කාලගුණයත් සමඟ පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පොල්ගොල්ල ජලාශයේ පතුල පෙනීමට පටන් ගෙන ඇත. ජල පෝෂක ප්‍රදේශ වල මිනිසුන්ගේ ප්ලාස්ටික් බැහැර කිරීමේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා අද වන විට මුළු පොල්ගොල්ල ජලාශයේ පත්ල ම ප්ලාස්ටික් වලින් වසා ගෙන ඇත. මෙම තත්ත්වය පෙනි පෙනී තිබියදී වැසි සමය ආරම්භවීමට ප්‍රථම මෙම ප්ලාස්ටික් ඉවත් නොකළහොත් පහල ඇති සියලුම බිම් ප්‍රදේශ ප්ලාස්ටික් වලින් වසා ගැනීම වැලැක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. මෙම ප්ලාස්ටික් දිරායාමට අවුරුදු දෙසියයකට වැඩි ප්‍රමාණයක් ගත වනු නොඅනුමානයි.

පොල්ගොල්ල වේල්ල ට මීටර් 30ක්  ආසන්නයේ ඇති පරිසර අධිකාරියේ නිලධාරීන් හා පොල්ගොල්ල ජලාශයේ ඉංජිනේරු කාර්යාලයේ නිළධාරීන්ද මෙය නොදැක්ක මුනිවත රකීමින්  ප්ලාස්ටික් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කොට නැත. ප්ලාස්ටික් වලින් තොර රටක් ඇති කිරීමට වෙර දරන නුවර අවට පාරිසරික සංවිධාන යුද හමුදාව විශ්වවිද්‍යාල එක්ව හැකි ඉක්මනින් මෙම ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් ඉවත් කරන්නට පාරිසරික අධිකාරිය සහ බලධාරීන් කඩිනමින්  නිසි පියවර නොගතහොත් අත්වන ඉරණම තවත් අවුරුදු සිය ගණනකට බලපානු ඇත.

තවත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස පොල්ගොල්ල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ප්ලාස්ටික් සහ වීදුරු අපද්‍රව්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ බැහැර නොකළහොත් ඉදිරි අනාගතයේ ජලය, ජලජීවීන් සහ පාරිසරයට  ඇතිවන ගැටලු මහා පරිමාණ වනු නිසැකය.

තම රටේ මුළුමහත් ජනතාවගේ සෞඛ්‍යය, අප ජීවත් වන පරිසරයේ සහ ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයේ සෞඛ්‍යය පමණක් නොව තම “මුඛ සෞඛ්‍යය” ගැන පවා අවබෝධයක්  හෝ තැකීමක් නැති දේශපාලුවන් රජ කරන රටක් , මුළු මහත් ජනතාවම එකාමෙන් අරගලය ජයග්‍රහණය කරමින් හොඳ අතට වෙනස් කලේ  නැතිනම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොව “කසල ගොඩ” වනු නොඅනුමානය.

ගල්පාත- චන්දන පෙරේරා

මේ පිළිබඳව කටයුතු කරන,”O plastic ” සීරෝ ප්ලාස්ටික් – ප්ලාස්ටික් නැති රටක් නිර්මාණය කිරීමට කැපවෙන නුවර සංවිධානයේ නිශ්ශංක ඩි සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මූලිකත්වය ගෙන ඇති බව සහ එයට ශක්තියක් වන්නට නුවර සියලුදෙනාටම ආරාධනා කර සිටිමි. ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙම දුරකථන අංකයට කතා කරන්න 071690109

Your email address will not be published. Required fields are marked *