ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් සිරගතව සිට ඝාතනයට ලක් වූ ගනේෂන් නිමල් රූබන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් සිරගතව සිට ඝාතනයට ලක් වූ ගනේෂන් නිමල් රූබන්

73 views
0

2009 නොවැම්බර් 05 වනදා මිතුරෙකු සමඟ යතුරු පැදියක ගමන් කරමින් සිටි ගනේෂන් නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගෙන සිටින ලදී.

නිමලරූබන් 2012 ජූනි 29 වනදා වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමක් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් දියත් කළ බව පැවසෙන ‘මුදවා ගැනීමේ මෙහෙයුමක” දී තුවාල ලබා අනතුරුව මිය ගිය බවට බලධාරීහු කීහ. තුවාල ලැබූ නිමලරූබන් අනුරාධපුර බන්ධනාගාරයටත් ඉන්පසු මහර බන්ධනාගාරයට යවා තිබූ බව වාර්තා වේ.

ජූලි 07 වනදා එක්වරම තමන්ව රාගම රෝහලට රැගෙන ගොස් සිය පුතාගේ මිය ගිය සිරැර පෙන් වූ බව නිමලරූබන්ගේ දෙමව්පියන් පැවසූහ. එහෙත් නිමලරූබන්ගේ මෘත ශරීරය දරුණු වධ බන්ධනය ලක්කොට අත් පා කඩා දමා සිරුර ලේවලින් නැහැවී තිබුණි.
ඔහුගේ මරණයෙන් පසු, ජාතික ආරක්ෂාව පිළිබඳ හේතු දක්වමින් ඔහුගේ දේහය නිදහස් කිරීම හෝ ඔහුගේ උපන් ගම වන වවුනියාවේ තැන්පත් කිරීමට ඉඩ දීම බලධාරීහු මුලින් ප්‍රතික්ෂේප කළහ.

නිමලරූබන් ඝාතනයට ලක් වූ දිනය ජූලි 4 වනදා ලෙස සැළකෙන අතර අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව ඔහුගේ මෘත ශරීරය ඔහුගේ දෙමව්පියන් වෙත ලැබුණේ ජූලි 24 දින අවසන් කටයුතු කරන ලෙස ද දන්වමිනි. නිමලරූබන්ගේ අවසන් කටයුතු සිදුවන විට ඔහුගේ නිවස වටා හමුදා රැකවල් යොදා තිබුණි. මේ නිමලරුබන්ගේ දේහය අසල වැළපෙන ඔහුගේ අම්මා යි

Your email address will not be published. Required fields are marked *