සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

137 views
1

ගල්නෑව මහවැලි ක්‍රිඩාංගනයේ දී 2022 සැප්තැම්බර් හා ඔක්තෝම්බර්  මස අවුරා ලංකා සංගීත ප්‍රසංගයක් හා සැණකෙලියක් ඉතා උත්කර්ෂවත් අන්දමින්  පැවතුණි.

මෙහි සංවිධානයට ශක්තියක් වීමට රාත්‍රි කාලයේ සංදර්ශනයෙන් පසු  දිවා කාලයේ එම සංදර්ශන භූමියේ අපවිත්‍ර වී ඇති කැලි කසල ඉවත් කිරීමට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයින් යොදාගෙන සිටි මේ පිළිබද බව අදහස් දැක්වූවන් අප වෙත දැනුවත් කරන ලදි.

මෙම සංගීත ප්‍රසංගය හා සැණකෙලිය රාත්‍රි කාලයේ පැවති අතර දිවා කාලයේ බාලදක්ෂයින් ගල්නෑව  ක්‍රීඩා පිටියේ කැලි කසල එකතු කරමින් පිරිසිදු කිරීම් වල නිරත වු බව අසල්වැසියන් හා බාලදක්ෂයින්ගේ දෙමව්පියන් දැනුවත් කරන ලදි. මෙම කැළි කසල ඉවත් කිරීමේදී එක පාසල් සිසුවෙකුට  රත්තරන් බ්‍රේස්ලට් එකක් ලැබි ඇති අතර, ඒ පළදනාව ඔහු බාලදක්ෂයෙකු බැවින් අනුන්ගේ දේ තමන්ට උවමනාවක් නැති නිසා අයිතිකරු සොයා දෙනු ඇතැයි ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ නායකයා වන ඒ ඒ ඩයස් මහතා හට ලබා දී ඇත.

බාලදක්ෂ නායකයා විසින් මෙම බාලදක්ෂයින් රැස්කොට මෙම බ්‍රේස්ලට් පළදනාව වටිනාකමක් ඇති දෙයක් බවත් ඒ පිලිබද ප්‍රසංය සංවිධානය කරනු ලැබු සංවිධායක මණ්ඩලය දැනුවත් කර පොලිසිය මාර්ගයෙන් අදාල පුද්ගලයා හට ලබා දෙන බව දන්වා බාලදක්ෂයින් දැනුවත් කර ඇති බව ආරංචි මාරග වලින් දැනගන්න ලැබුණි.

නමුත් කාලය ගෙවි ගිය අතර ළමුන්ටද මේ පිලිබද මතකය අමතක වීමක් සිදුවුවත් මෙය හමු වු සිසුවා මේ පිලිබද තම ගුරුවරයාගෙන් විමසු පසු ගුරුවරයා විසින් පවසා ඇත්තෙ එහි කිසිදු වටිනාකමක් නැති බවත් එය පිලිබද විස්තර නොඅසන ලෙසය.

ළමුන්ගෙන් මේ පිලිබද විමසීමේදී ඔවුන් පවසා සිටියේ මෙම බ්‍රේස්ලට් පළදනාව රත්තරං එකක් බවත්, 22k ලෙස සටහන් කර තිබු බවයි. පසුව බාලදක්ෂ ගුරුවරයා සංගීත ප්‍රසංගය සදහා සභාගි වූ සියලුම බාලදක්ෂ ළමුන් කැදවා මේ පිලිබද විමසීම් නොකරන ලෙසත්,පවසා ළමුන් හට රුපියල් 1000.00 බැගින් මුදල් ලබා දී ඇත. මෙම හේතුව මත දෙමාපියන් විසින් මේ පිලිබද විමසීමේදී මෙම බාලදක්ෂ ගුරුවරයා මග හරිමින් සිටින බව ආරංචි මාරග වලින් දැනුවත් විය. මේ පිළිබදව සිත් තැවුල් ඇති වූ බාලදක්ෂයින්ගේ දෙමව්පියන් නැවත බාලදක්ෂ ක්‍රියාකාරකම් සදහා ළමුන් යොමු නොකර සිටීමට තීරණය කර ඇත. ඔවුන් පවසන්නේ මෙවැනි ක්‍රියා හේතුවෙන් බාලදක්ෂයින් ලෙස කටයුතු කිරීම දරුවන් නොමග යාමට රුකුලක් බවයි.

ගුරුවරයෙකුගේ භූමිකාවතුල තම සිසුවන් කෙරෙහි මෙවැනි ආදර්ශ ලබා දීම සුදුසුද?

මේ පිලිබද ගල්නෑව පොලිසීය , සංගීත ප්‍රසංගය සංවිධායක මණ්ඩලය දැනුවත් කර ඇත්ද?

මේ පිලිබද පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුවරු දැනුවත්ද?

තමන්ගේ නොවන අන්කෙනෙකුගේ වන දෙයක් ලබා ගෙන දරුවන් යහමගට ගැනීමට කරන පිළිකුල් ආදර්ශයක්ද?

මේ පිලිබද විදිමත්ව සොයා බැලීමට

ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා,

ගල්නෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා,

අනුරාධපුර බාලදක්ෂ දිසා කොමසාරිස්තුමා ,

පළත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා,

පසුබට වන්නෙ කුමක් නිසාද යන ප්‍රශනය නැගේ.

අවධානයට – ස්ථානාධිපතිවරයා , ගල්නෑව පොලිසිය

Your email address will not be published. Required fields are marked *