නීතියේ හෘද සාක්ෂිය තවමත් ස්පන්දනය වෙමින් පවතී

නීතියේ හෘද සාක්ෂිය තවමත් ස්පන්දනය වෙමින් පවතී

195 views
0

වසර තුනක් පුරාවට පැවතුන නඩු කටයුතු වල සන්ධිස්ථානයක් සනිහිටුහන් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් දොළහක් සම්බන්ධයෙන්  ගොනුකර තිබු පාස්කු ඉරු දින බෝමබ් පිපිරීමේ සිද්ධියේ වින්දිතයන්ට වන්දි ලබා දෙන මෙන් පෙත්සම් වලින් නම් කල විත්ති කරුවන්ට 12 ජනවාරී 2023, එනම් ඊයේ ශේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දෙන ලදී.

මේ නඩු තීන්දුව ඉතිහාසගත වන්නේ බලලොභීත්වයෙන් සහ උද්දච්ච කමින් ඉහවහා ගිය ලාංකීය දේශපාලන නායකයින්ගේ සහ නිළධාරි පැලැන්තියේ ඇඳිවත ප්‍රසිද්ධියේ උනා දැමීම නිසාය,

ලංකාවේ පස්වන විධායක ජනාධිපති වරයා ලෙස, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වරණය ජයග්‍රහනය කරන්නෙම අවංක නායකයෙක් සතු ගුණාංගයක් වන පක්ෂපාතිත්වය ගණිකා වෘත්තියේ යොදවමිනි, තමා සිටින පක්ෂයෙන් තම අභිප්‍රාය ඉටු නොවන බව සහ ලංකාවෙ පව්ල් වාදයට පිටින් නායකයෙකු සතු හිදැස අඳුනාගන්නා මේ කපටි දේශපාලුවා තවත්, තම පක්ෂයෙන් නායකයෙකු ඉදිරිපත් කරන්නට කොන්දක් හෝ පරිකල්පනාවක්  නැති පක්ෂයකට සම්මාදන් වී ඉතා සැලසුම් සහගත ලෙස ජනතාව මුලා කරමින් තම ප්‍රථිපත්ති පාවා දෙමින් (සිරිසේනට ප්‍රතිපත්ති තිබුනේද?) බලය ලබා ගන්නේ බලයට සහ තනතුරට ඇති දැඩි කෑදර කම නිසාය. උපන්ගෙයිම ගුණමකු කම ප්‍රදර්ශනය කල මේ අපේක්ෂකයා දිනවීමට තරම් ඉදිරිපත්වූ ලාංකීය ඡන්ද දායකයන්ට කවදා මේ සරල දේශපාලනය කියවා ගත හැකි වේද?  දිවෙසේ අපි සමාජයට බර අඩි තියන්නෙ අප සමඟ පෙලට ගමන් කොට, අප අත්විදින දේශපාලන, ආර්ථික පරිහානික සමාජ වටපිටාව හැඳිනගෙන,  ලාංකීය ජන  මනස කනපිට හැරවීමට එක් වන ලෙස කරන ආරාධනයෙනි.

සටකපට දේශපලකයෙක් වන සිරිසේන හිටපු ජනාධිපති වරයා බෝම්බ සිද්ධියේ වගකීම මුල සිටම තමන් භාර නොගන්නා බව ප්‍රකාශ කලත් කතෝලික සභාවෙන් හා සමාජයෙන් නිරන්තර පීඩනයට සහ තමා නිවැරදි සහ අපක්ෂපාතී යන උද්ධෘතය ඒත්තු ගන්වන්නට පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිසන් සභාවක් පිහිටුවා අත පිහදා ගත්තේ තම පුද්ගලික බලතල ප්‍රකාරව පවතින සේනාධිනායක තනතුරේ සෘජු ප්‍රථිපාදන භාවිතා කරමින් විමර්ෂනයක් සිදු කිරීමේ අවස්ථාව පැහැර හරිමිනි.

කෙසේ නමුත් මේ සිද්ධියට සෘජුව මැදිහත් උන සිසිර , නිලන්ත, පූජිත, හේමසිරි, ජනාධිපති, යන නිළධාරි ධූරාවලිය හරහා පරිපාලනයේ මූලික සිද්ධාන්තයක් වන නිවැරදි සන්නිවේදනය නිසිපරිදි සිදු නොවීම සාපරාධී වරදක් ලෙස තීරණය කල ගරු ශේෂ්ඨාධිකරණය ඒ සඳහා පුද්ගලිකව තමන්ගේ වත්කම් වලින් වන්දි ගෙවිය යුතු බව තීන්දු කලේ ලාංකීය දූෂිත වගකීම් විරහිත පාලක පක්ෂයට දැඩි අතුල් පහරක් එල්ල කරමිනි.

මෙම සන්සිද්ධියේ යටි පෙළ කියවා ගැනීම ඉතාම වැදගත් වෙන්නේ මේ නඩු තීන්දුවේ හරස්කඩ අධ්‍යනය කර ගන්නට තරම් බුද්ධියක් තිබෙන ඕනෑම මනුස්සයෙක්ට සමාජ සාදාරණත්වය සහ මානව අයිතිවාසිකම් යනු මිනිසෙක්ගේ ජීවන පැවැත්ම ඔසවා තැබිය හැකි සාධක ලෙසෙන් තේරුම් ගැනීම සඳහාය.

සිරිසේනට, හේමසිරිට, පුජිතට, නිලන්තට, මිලියන සීයක්ද සිසිරට  මිලියන පනහක්ද පවතින රජයට මිලියන දෙසිය හැත්තෑවක්ද වින්දිතයන්ට වන්දි ලෙස ගෙවන්නට වෙන්නේ තම පුද්ගලික වත්කම් වලිනි, මේ මුදල රුපියලක් හෝ බිලියනයක් හෝ වේවා මෙහි ද්වනිත වන අරුත වන්නේ වැරදි කරුවාට දඩුවම් කර ඇත යන්නයි. සිරිසේන කොහොමත් පඩත්තල භාවිතයක් ඇත්තෙක් නිසා පසකට කර අන් නිළධාරින් ගැන අවධානය යොමු කරහොත් තමන්ගේ ඉහල තමන්ට විධාන දෙන පුද්ගලයා රැක ගැනීමට වගකීම් බාර නොගෙන කටයුතු කිරිමෙන් තමන් අගතියට පත් උන බව හෙලිදරව් වේ, දැන් ඉතින් එයට වන්දි ගෙවන්නට තම ඉහල නිළධාරීන් පැමිණෙන්නේ නැත, ඉතිරිව ඇත්තේ ලැජ්ජාසහගත සමාජ අපවාද සහ අවමානය පමණි.

මේ කියවා ගැනීමේ හොදම අභිප්‍රේරණය ලබා ගත යුත්තේ බලයට සහ නායකත්වයට ගැති රාජ්‍ය සේවකයාය, පුද්ගලයෙක් යනු මනුෂ්‍යයෙකි, දෙවියෙක් නොවේ, ඔහු විසින් දෙන තීන්දු පක්ෂග්‍රාහි හෝ අසාධාරණ විය හැක, එබැවින් විධි විධාන පිළිපඳින්නා තම හෘද සාක්ෂියට තට්ටු කර ඒවයේ සාධාරණ බව සනාථ කර ගත යුත්තේ පරාර්ථය උදෙසා ගන්නා තීරණ වල රැකවරණයට නීතියේ සරණ පැතිය හැකි නිසාය.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ “You reap what you sow”  හෙවත්  “තල වපුරා, අස්වැන්නට ඉරිගු ලබාගත නොහැක” යන බයිබලයේ කියමනයි.

ඉතින් මේ ඇතුලෙන් පැසවන ඕජස් සහිත සමාජය හඳුනා ගෙන ජීවත් වීම සඳහා සුදුසු වටිනාකම් සහ පිළිගැනීම් ඇති තැනක් බවට පත් කිරීම ඔබ, මම, අප හැමගේම යුතුකමයි ,ඒ සඳහා පෙල ගැසීම  හොඳ අනාගතයක් වෙනුවෙන් අපට හිමි උන සමාජ කාර්‍ය භාරයයි.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *