ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

194 views
1

ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

රනිල් වික්‍රමසිංහ ගේ සහෝදරයාගේ ස්වාධීන? (පරායත්ත) රූපවාහිනී නාලිකාවෙන්ද, “රජුන්” නොව ජනතා විරෝධී දේශපාලුවන් තනන්නෙකු ලෙස කුප්‍රකට දිලිත් ජයවීරගේ පොලොවෙන්ද, ලාංකීය දේශපාලන ඉතිහාසයේ නිකන් කටට ආ පලියට හඳුන්වන සංක්‍රාන්ති සමයන් (සම යං) වලදී පිරුවටද, අනේක විධ විකාරරූපී ලාංජනද, සටන් පාඨද රැගෙන, ධනවාදීන්ද, කොමියුනිස්ට්වාදීන්ද, සමාජවාදීන්ද, ජනතාවාදීන්ද කියාගත් “බහුබූතයින්” කරලියට පැමිණෙමින් ඇත.

මේ නේක බහුබූතයින්ගේ ඒකාන්ත අරමුණ වෙන කිසිවක් නොව, ලාංකීය පොදුජනතාව අත්දකින ණය උගුලෙන්, බදු උගුලෙන්, අපට අහිමි කර ඇති නිදහසින් හා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේශපාලන භාවිතාවෙන් බේරා ගැනීම නොව, මෙතෙක් ලාංකීය ඉතිහාසයේ සැබෑවටම ජනතාවට සේවයකරන නිර්මල වමේ ව්‍යාපාරයක් තිබුනේවීනම්, තවමත් පවතින්නේනම් හෝ අනාගතයේදී හෝ මතුවිය හැකි ප්‍රවණතාවයක්, විභවයක් ඇත්නම් එය විනාශකිරීමට කල හැකි සෑම කුමන්ත්‍රණයක්ම දියත් කිරීමයි.

ලාංකීය ජනතාවෙනි අපි අවදියෙන් සිටිමු, දේශපාලන මරාසාද්ලා “ජනතා අනුමතිය” නිෂ්පාදනය කරමින් සිටී

Your email address will not be published. Required fields are marked *