බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

339 views
2

මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ප‍ංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.
මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ.ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න නිසි ක්‍රම වේද නැහැ. ඒ ගැන විකල්පයක් හොයාගන්න උනන්දුවකුත් නෑ.
පෝර්න් වීඩියෝ බලල ,පත්තරයක් බලල යාලුවෙගෙන් අහලා තමන් තනියම හොයාගන්න විස්තර ටිකක් සෙක්ස් කියල හිතාගෙන හිතින් මොනවා හරි දෙයක් මවාගෙන ,ගෙදර සැමියා බිරිද වෙලාවත් එකිනෙකා විවුර්තව ලිංගික කාරණා බෙදා ගන්නෙ නැතුව, ගොඩක් හිර කරගෙන ,පොඩ්ඩක් පිට කරගෙන යන්තන් ජීවිතේ එල්ලිලා ඉන්නවා. ඒ විතරක් නෙවේ තමන්ට නැති බැරි දේ වහගන්න ඕනවට, හැදියාව සංස්කෘතිය, සදාචාරය වගේ වචන ටිකකුත් වටේට තියාගෙන ඉන්නවා .
ඔය විදිහට දවසෙන් දවස අහිමි වෙච්ච ලිංගික ජීවිතේ ටිකෙන් ටික කුහක කමක් වෙලා, හිත් ඇතුලෙ කුහක කමක් පැලවෙන්න පටන් ගන්නවා. පිරිමි ගෑණු දෙගොල්ලන්ටම ඕක වෙනවා ..
ඔය ඇරියස් එකේ ප්‍රථිපලයක් විදිහට ගැහැණු අවයවයක් දැක්ක ගමන් ගිහින් වීඩියෝ කරගන්න හිතෙනවා ,
රස්සාවක් කරන්න කම්මැලි කමට සිවුරක් දාගත්ත මිනිහෙක් තමන්ගෙ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න කොට ගෙට පැනල ගත්ත වීඩියෝ වක් ,
කාමරේක යතුරක් අස්සෙන් බලන් ඉඳල වීඩියෝ කරගත්ත ගැහැණු පශ්චාත්බාගයක් ,වීඩියෝ කරගන්න පුළුවන් උනා කියන්නෙ ආයෙ රටට කරන්න පුළුවන් ලොකුම සේවය කරපු මිනිස්සු බවට පත් වෙනවා .
මේ අතරෙ තව පිරිසක් ඉන්නවා ඔහොම එකක් දැක්ක ගමන් කුරිරු සතුටක් ලබන.
මනුස්සයෙක් හෝ වේවා සතෙක් හෝ වෙලා අනුන්ගෙ ජීවිතයක තීරණ ගැන ප්‍රශ්ණ කරන්න ඔබ කවුද. මං කවුද. අර කාන්තාව ඇදුම ගලවගන්න පිරිමියා කවුද. ඔහු පිරිමියෙක්මද. අපිට මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඒ මොනවා උනත්, ඔය වගේ දේවල් මේ ලෝකේ ඕන තරම් වෙනවා ,
බුද්ධ කාලෙත් උනා ,අදත් වෙනවා
හෙටත් එහෙමම තමයි ..
රටේ පවතින නීතියට අනුව කෙනෙක් වරදක් කලානම් ඒ කරපු වැරැද්දට අදාළ දඬුවම දෙන්න නීතියට බල කරනවා මිසක් , ඉවක් බවක් නැතුව සිද්ධිය නිවැරදිව විනිශ්චය කරන් නැතුව කොහෙන් හරි කඩාපාත් වෙලා, තම තමන්ගෙ කැමත්තෙන් ලිංගිකත්වය බෙදාගත්ත පිරිසක් බලෙන් නිරුවත් කරලා, අතින් පයින් කතා කරන තත්වෙට රටක් වැටුනා කියන්නේ එතනින් එහාට මොකටද නීතිය ?මොකටද පාලකයෝ ??
ඔය වගේ සංසිද්ධියක් උන ගමන්, නීතිය දැනුවත් කරනවා වෙනුවට, තමන් දඩුවම් කරලා, වීරයෝ වගේ ශෝෂල් මීඩියා වලට දාන්න තරම් නින්දිත මිනිස්සු බිහිවෙන්නෙ ලිංගික ඇරියස් නිසා විතරක්ම නෙවේ. මේ රටේ නීතියයි, සම්ප්‍රදායයි, සංස්කුචියයි සම්බන්ධයෙන් තියෙන සුවිසල් දියුණුව නිසාමයි.
ලේ එන්න ගහල රෙදි ගලව ගලව වීඩියෝ කරලා දැම්මත් මිනිස්සු එකෙනුත් ආතල් එකක් ගන්නවා මිසක් තමන්ට දඬුවමක් ලැබෙන්නෙ නැහැ කියල හිතෙන තරමට මිනිස්සු විකාශනය වුනා කියන්නෙ ,🥲
රස්සාවක් කරන්න තියන කම්මැලිකමට විශේෂ කියන ඇදුමක් ඇදපු ඒ මනුස්සයයි , ඒ ගැහැණු දෙන්නට මනුස්සයින්ට තියන අවම මානව අයිතිවාසිකම් වත් නැහැ කියල හිතන් අනේ එපා කියලා අඬද්දීත් රෙදි ඇද ඇද වීඩියෝ කරන ඒ මිනිස්සුන්ගෙනුයි, ඒ වගේ වීඩියෝ එකක් හැම ගිනුමක් ගානෙම ශෙයා කරන්න තරම් තමන්ගෙ ජීවිතේ දේවල් වලටත් වඩා අනුන්ගෙ ලිංගික ක්‍රියාකාරකමක් විශේෂ වෙන මිනිස්සුන්ගෙනුයි පිරුණු එක දූපතක්, බංකොලොත් රටක් විදිහට හරි තාමත් ඉතුරු වෙච්ච එකත් ආශ්චර්‍යයක්.
-මහී-

Your email address will not be published. Required fields are marked *