දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

129 views
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබල දුන් බවට නිගමනය කරමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන පෙබරවාරි මස 16 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතිසි නිකුත් කළේය.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ල ක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ ය.

මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ දිව්රුම් ප්‍රකාශය සහිත පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේදී බැලූ බැල්මට සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට නිගමනය කරමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදු කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

Your email address will not be published. Required fields are marked *