සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

296 views
1

මානව ප්‍රවාහය ශාරීරිකව පරිණාමය වන අතරම මානසිකව අනුවර්තනය වීම නිතැතින්ම සිදු වන කරුණකි,එහිදි නිර්මාණාත්මක චින්තනයක් සහිත අතලොස්සක් මිනිසුන් ලෝකයට මහා සොයාගැනීම සහ ඒ වටා සමාජ මූලයන් සහ සම්බන්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමට පුරෝගාමී විය, මේ සදහා අපට ඇති ජීවමාන රූපකය බොදුනු සංස්කෘතියයි, එහිදී බුදු රඳුන් සහ දර්ශනය කරණ කොට ගෙන සියළුම මානව අවශ්‍යතාවයන් ප්‍රායෝගිකව සහ අධ්‍යාත්මිකව පුරා වසර දෙදහස් පන්සියක් නොකඩවා නොනැසී පැවතෙන්නේ එහි බැරෑරුම් ප්‍රගමනික ලක්ෂණ හේතුවෙනි.

මිනිසෙක් සංස්කෘතික මිනිසෙක් වීමට නම් උපතින් ලද සමාජ තත්වයන් පිළිගත් සමාජ නීති රාමුව තුල හිදිමින් තම ආයාසයෙන් වටිනාකම් එකතුකර මනුස්සකම් සහ ආර්ථිකමය අතින් වැඩි දියුණු විය යුතුය.

නමුදු දැන් දැන් තාක්ෂනයේ මහිමයෙන් ලෝකය අතැඹුලක් සේ සංකෝචනය වීම නිසා එකවර විශාල ප්‍රජාවක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මිනිසුන් සතුය. ස්වභාවයෙන්ම මිනිස් මානසික තත්වයක් වන තමන් ඉතා දැනුවත්, තමන්ගේ මතය නිවැරදි, එය ප්‍රශ්න කිරීමෙන් තොරව සියල්ලම අනුමත කල යුතුයි යන මනෝ ව්‍යාධීන් හිස් මුදුනට දෂ්ඨනය කල විට තමන් වහරන දෙය සතු තත්වය සම්බන්ධ වග වීම මිනිසුන් අතින් ගිලිහී යයි.

මෙහි ඉතා ආසන්නම සන්සිද්ධිය ලෙස සේපාල අමරසිංහ යන සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් යැයි තමන් විසින් හඳුන්නා ගන්නා පුද්ගලයෙක් ශ්‍රී ලාංකික බුදු දහම අදහන ප්‍රජාව ඉතා භක්තිවන්තව නමදින සහ හදවතින් විශ්වාස කරන ශ්‍රී දළඳා වහන්සේ සම්බන්ධයෙන් අතිශය කඨෝර ප්‍රකාශයක් නිකුත් කිරීම මේ මොහොත වන විට ලාංකික සමාජ දේහය සලිත කිරීමට සමත්ව ඇත.

එහිදි උක්ත කතා නායකයාගේ පූර්ව හැසිරීම විග්‍රහ කර ගැනීමේදී සමාජ රැල්ල ගසා ගෙන යන සුළඟ හමන දිශානතිය මුලින්ම නිරීක්ෂණය කිරීමේ තිරසාර හැකියාවක් ඇති මුඛරි කියුම් සහිත ප්‍රතිරූපයක් ලෙස හදුනා ගත හැක.

නමුත්,

තමන්ගේ සැරයටියේ දිග අනෙකාගෙ නහය අසලින් අවසන් විය යුතුයි යන මානව අයිතින් සම්බන්ධ එදා මෙදා තුර නිමග්න ඒ අපූරු වැකිය මත රඳා පවතිමින් මේ අවදාන ගණිකාවන්ගේ කල් ක්‍රියාව ලියුම් කරු නිර්වචනය කරයි.

පොදු ස්ථානයක මල පහ කිරීම ඉතා ලැජ්ජාසහගතය.

එහිදී ඔහුගේ හෙලුව ලෝකය දකින අතරම මලපහ වල ගඳ මුළු පරිසරයම දූෂණය කරයි.

මෙහිදී පොදු ස්තානය ආගමයි, මළ පහ කරන ලද්දෙ සේපාල අමරසිංහ විසිනි.

මිනිසුන්ගේ ව්ශ්වාස මඟින් මානසික විශ්‍රාන්තිය අත්පත් වෙන අතර ඒ සැනසුම රැඳෙන පරිදි නිපන් ආයතන සහ ව්‍යුවහයන් මිනිසුන් දිවි හිමියෙන් අදහති, රැක ගනිති ඒ සඳහා දියුණු නිති රාමුවක් සහිත රටක් ලෙස පිලිගැනෙන ශ්‍රී ලංකාව තුල ,

1/ 1958 අංක 41 දරණ ආගමික විරෝධී ප්‍රකාශන පනත

2/  2007-56 සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ ජ්‍යාත්‍යන්තර සම්මුති පනත

3/  දණ්ඩ නීතී සංග්‍රහයේ මානව අයිතිවාසිකම් සම්බන්ධ නීති සහ රෙගුලාසි වලින් ප්‍රජාවගේ අයිතින් නිත්‍යානුකූලවම සුරක්ෂිතව ඇත.

මෙහිදී අදාළ පාර්ශ්වයන්ගේ පිට කසා ගන්නා මරි මෝල් රසිකත්වය භාෂණයේ නිදහස යන ප්‍රස්තුතය මත සිට ඕනෑම අවර ගණයේ ප්‍රකාශනයක් පුරට වඩම්මන්නට තතනයි.

ඔබගේ මව මතක් කර තිත්ත කුණුහරුපෙන් ඇමතීම, එසේනම් භාෂණයේ නිදහස මත කුහුඹු පුකක් තරම් දෙයකි ,සරලය, ගරු කළවිට ගරුත්වය නිබඳවම හිමි වේ, ලොව සනාතන දහම පවතින්නෙ ඔන්චිල්ලාවේ සන්සිද්ධියට අනුගතවය, ඔබ තල්ලු කළ විට පමණක් නැවත ඔබ වෙත පැමිනෙයි, වපුරපු දේ අස්වැන්න ලෙස නෙලයි.

මේ සන්සිද්ධියේ ඉතාම විසුළු කාරී ස්වරූපය වන්නේ සේපාලගේ මේ මැදිහත්වීම සම්බන්ධව බොදුනු පාර්ශව විසින් ගත් නීත්‍යානුකූල මැදිහත්වීම වාර්තා කරන්නට යෙදුන ප්‍රසිද්ධ මාධ්‍යජාලයක ප්‍රධානියෙක්ගේ මව මතක් කරමින් සේපාලහේ මුහුණු පොත් ගිණුමේ සටහනක් තැබීමයි.

අන් සියලු දෙනා තමන්ගේ මතය පිළි ගත යුතු බවත්, එරෙහිව යන්නවුන් අවමානයට ලක්කිරීමට උත්සහ කරන මෙවැනි අඳබාල මාධ්‍ය ගණිකාවන්ට සහ සහචරයන්ට රටක නීතිමය රාමුව ඔස්සේ නීතිය ක්‍රියාත්මක කර දඩුවම් පැමිණ වීම අත්‍යඅවශ්‍යම කරුණක් හා කාලින අවශ්‍යතාවයකි.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *