ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

235 views
1

ජවහර්ලාල් නේරු මැරුණේ වයස අවුරුදු 74 දී හාට් ඇටෑක් එකකින්,
එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ වයස අවුරුදු 66 දී,
එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ වයස අවුරුදු 46 දී, රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට දැන් වයස අවුරුදු 52 යි,
මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ…..

රජීව් ගාන්ධි මැරුවේ 1991 දී, ඊට පස්සේ ඉන්දියාවේ ආර්ථිකයට වෙච්ච දේ තමා, එරට ආර්ථික වර්ධනය ඉහළ ගියා…..

රජීව්ගෙන් පස්සේ ඉන්දියාවේ මිනිහගෙන්-ගෑනිට, ගෑනිගෙන්-දුවට, අයියගෙන්-මල්ලිට, පියානෝගෙන්-පුතානෝට, අප්පච්චිගෙන්-බේබිට, නායකත්වය උරුම වීම නතර උනා. ඒකේ ප්‍රතිථලයක් විදිහට ඉන්දියාව විශාල දියුණුවක් ලබා ගත්තා…..

ඉන්දිරා රජීව්ව එංගලන්තයේ සහ ස්විට්සර්ලන්තයේ පාසල් වලට දාලා ඉගැන්නුවා.
පස්සේ කේම්බ්‍රිජ් ට්‍රිනිටි කොලේජ් එකේ ඉංජිනේරු උපාධියක් කරන්න යැව්වා, මිනිහට ඒක කොරගන්න බැරි උනා, ඊට පස්සේ ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් එකේ මිකැනිකල් ඉංජිනේරු උපාධියක් කරන්න යැව්වා, මිනිහට ඒකත් කොරගන්න බැරි උනා. හැබැයි මිනිහට රට කොරන්න පුලුවන් කියලා ඉන්දියාවේ බයියෝ සහ ටොයියෝ කල්පනා කලා…..

රජීව්ගෙන් පස්සේ ඉන්දියාවේ හිටපු සියලුම අගමැතිවරු උපාධිධාරීන්, විශේෂයෙන්ම “මනමෝහන් සිං” ආර්ථික විශේෂඥයෙක්. එයා ඉන්දියාව 2004 ඉඳලා 2014 වෙනකම් අවුරුදු 10 ක් පාලනය කලා. මේ කාලයේ තමයි ඉන්දියාව විදුලි වේගයෙන් දියුණු වුනේ…..

ලංකාවට දියුණු රටක් වෙන්න බැරි ඇමරිකන් අධිරාජ්‍යවාදයවත්, ධනවාදයවත්, ඉන්දියානු, චීන, බලපෑමවත්, මුස්ලිම්, දෙමළ, සුළු ජාතික ප්‍රශ්ණවත් නෙමෙයි. අපි තාම ඉන්නේ මිනිහගෙන්-ගෑනිට, ගෑනිගෙන්-දුවට, අයියගෙන්-මල්ලිට, පියානෝගෙන්-පුතානෝට, අප්පච්චිගෙන්-බේබිට, නායකත්වය උරුම වෙන වැඩවසම් යුගයක නිසයි…..

අපි ජනාධිපතිගේ ඉඳලා නගර සභාව-ප්‍රාදේශීය සභාව දක්වා නියෝජිතයෝ තෝරගන්නකොට එක ප්‍රශ්ණයක් අහන්න ඕන. ඒ තමයි මෙයා පවුල් පසුබිමක් නිසා ද මෙතන ඉන්නේ කියලා…..

“පවුල් පසුබිම බලලා නායකයෝ පත්කරගන්න එක නවත්තපු දවසට ලංකාව දියුණු වෙනවා ඒකාන්තයි”

ගතානුගතික නොවී, නිකායික නොවී, වහලෙක් නොවී. හිතන්න, දකින්න, ක්‍රියාත්මක වන්න, පුරුදු වෙන්න, රටේ අනාගතේ, මතු පරපුරේ අනාගතේ උදෙසා.

ප සු:
“සිතන්නට යමක්”

~ අමුතු-ඇටේ පුරවැසියා විසිනි ~

Your email address will not be published. Required fields are marked *