උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.
අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.
අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.
අපි උන්ට අහු වුනා.
උන් අපේ දුප්පත් කමට අපි වෙනුවෙන් ලැබුණු ආධාර ගසා කෑවා.
මහා උත්සව තියල ඉන් ටිකක් යන්තමට අපිට බෙදලා දුන්නා.
අපි උන්ට ණයයි නේද කියල හිතෙන තරමටම උන් අපේ හදවත මොලෙන් විසන්ධි කළා.
අපි උන්ට අහු වුනා.
කට කණේ තියාගෙන අම්මේ, තාත්තේ දුවේ පුතේ කියාගෙන උන් ආවා මනාපෙ ඉල්ලගෙන.
මුන් අපි වෙනුවෙන් මොනවා හරි කරයි නේද කියල අපි හිතුවා.
අපේ කතිර එකතු කර ගත්තු උන් අපිව පාරෙන් එළවලා පාර අයිති කර ගත්ත.
අපි උන්ට අහු වුනා.
කිරිපිටි නැතිබව අම්මා කියන කොට ගෑස් නුත් නැතිබව තාත්තා කිව්වා.
අපි ඉතින් ගන්න යමු කියන කොට තෙලුත් නැහැ කියල ලයිට්නුත් කපන්න ගත්තා.
හෙට ඉස්කෝලේ නැහැ දැන් බඩුත් මිල වැඩිවෙලා නේද අම්මා කිව්වා.
අපි උන්ට අහු වුනා.
කොල්ලෝ කෙල්ලෝ මෙන්න තදවෙලා උන් එක්ක බනිනවා පලුයන්න රටවටේ හැම තැනම.
දුෂණය කළා රට කියා හැම එක්වෙන්න ගාලුමුවදොරට එන්න දැන් මුන්ව පන්නලා දාන්න
අපි ආවා පැන්නුවා එක හොරෙක්, තවත් සියයක් දෙනා ඉඳී පන්නන්න හෙට
අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම.