සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

348 views
0

දිනක් කරණවෑමියෙකු සුවිසල් මන්දීරයක රටක ප්‍රබල නායකයෙකුගේ කොණ්ඩය කැපුවා. කොණ්ඩය කපා හිසද පීරා අවසන්වූ පසු ප්‍රබලයාට ලෙන්ගතුවූ කරණවෑමියා “සර්” ඔබගේ කොණ්ඩය දැන් ටික ටික සුදුවෙන්නට පටන් අරගෙන කියල කිව්වා. කරණවෑමියාගේ ගරුසරු නැති නිර්භීත කියමනෙන් කෝපාවිෂ්ට වුන ප්‍රබලයා, ඔහුගේ කාර්යසාධන බලධාරීන් බනවා කරණවෑමියා හයමසක් සිරගෙයි දමන ලෙස අණකළා.

ඉන්පසු අත වැසියෙක් දෙසට හැරුණු ප්‍රබලයා “උඹ හිතන්නේ මගේ කෙස් ටික ටික සුදුවෙනවා කියලද” කියා ඇසුවා. “ඒ තරම්ම සුදු වෙලා නැ” අතවැසියා ගරුසරු ඇතිව උත්තර දුන්නා. උරණවී “ඒ තරම්ම සුදු වෙලා නැ” කියා ගිගිරු ප්‍රබලයා නිලධාරීන් කැඳවා අතවැසියාව මාස දෙකක් සිරගෙයි දමන ලෙස අණකළා.

ඊලඟට තවත් අත වැසියෙක් දෙසට හැරුණු ප්‍රබලයා මේ කෙස් සුදුවෙන ප්‍රශ්නයම ඇසුවා. අනෙක් අයවලුන්ට වුන අකරතැබ්බයෙන් කල්පනාකාරී වුන අතවැසියා “සර්” ඔබගේ කොණ්ඩය කළුම කලුයි කියා ගරුසරු ඇතිව උත්තර දුන්නා. තෝ නම් කපටි බොරු කාරයෙක් කියමින් අඩි පොලවේ හැප්පු ප්‍රබලයා නිලධාරීන් කැඳවා අතවැසියාවට කසපහර හතක් දී තුන් මසක් සිරගෙයි දමන ලෙස අණකළා.

අන්තිමේදී මුල්ලා නස්රුදින් දෙසට හැරුණු ප්‍රබලයා “මුල්ලා නස්රුදින්, ඔහෙට පෙනෙන විදිහට මගේ හිස කෙස් මොන පාටද” කියා විමසුවා.
මුල්ලා නස්රුදින් මෙසේ උත්තර දුන්නා – “සර්” මා නම් වර්ණ අන්ධයෙක්, ඒ නිසා මට සහතික වශයෙන්ම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න බැ, ඒ වුනාට මට හිතෙන විදිහට මා වගේ තට්ටයෙකුට මොන වරණයේ කෙස් තිබුනත් වාසනාවක් කියලයි”, කියමින් පිටුපසින් සිනහවෙමින් යන්නට ගියා.

Your email address will not be published. Required fields are marked *