දෙන්නාම එකවලේ

දෙන්නාම එකවලේ

349 views
0

දිනක් මුල්ලා නස්රුදින් ( ක්‍රි.ව 1208 -1285) කෙටි පාරකින් ගෙදරයාමට සිතා, මිනී කනත්තක් මැදින් වැටී තිබු පාරකින් යමින් සිටියා. ඒ අතර මහත් හරසරින් මළ සිරුරක් භූමිදානය කර කනත්තේ මිනීවල ළඟ රැදී සිටි පිරිසක් මෙසේ කියනු නස්රුදීන්ට ඇසුනා. “අද නම් අපට ඉතාමත් ශෝකජනක දවසක් – අප අද මේ පොලවට පස් කලේ ඉතාම අවංක මිනිසෙකු වන දේශපාලන නායකයෙකුයි – අපිට දරාගන්න බැරි ඒකයි”.
ඇත්ත වශයෙන්ම ශෝකජනක දිනයක්ම තමයි, නස්රුදිනුත් කියව කියව ගියා – ඒ වුනත් මට හිතා ගන්න බැරි අපේ රටේ ආර්ථිකය මේ තරම් හිගන තත්වයකට පත්වෙලාද මේ පරස්පර ගතිගුණ ඇති මිනිසුන් දෙදෙනාම එකම වලක වලදාන්න. නස්රුදින් තමාටම කියමින් ගෙදර යන්නට ගියා.


හොද අවංක මිනිසෙකුට දේශපාලකයෙකු වීම යනු ඇදහිය නොහැකි කාරණාවක් වීම සර්වකාලීනය

Your email address will not be published. Required fields are marked *