ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

406 views
0

රට තුල නිෂ්පාදන වල්වැදියාමට ඉඩ දෙමින් එතෙරට අතපා ජිවත් වීමේ අනුභාවයෙන් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගුනු අහාර හිඟය මැඩලීමට ශ්‍රී ලංකාව තුල හදිසිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. හුළං කපොල්ලක් දෑතින් වැසීමට, රජය ගත් තවත් උත්සාහයක් මෙයින් නිරාවරණය වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලත් ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශය සමග මුදල් හුවමාරු කරගැනීමේ සහයෝගතාවය මත ලත් තවත් ඩොලර් මිලියන 150ක මුදලින් පහත වැටි ඇති විදේශ විනිම සංචිතය තර කිරීමටත්, එම මුදලින් නැවතත් සිඳී ගිය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය ආනයන කිරීමටත් රජය සැලසුම් කරමින් සිටී.

එහෙත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ජාලවලට අනුව ආහාර තොග සඟවා ගෙන සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් හට සාමාන්‍ය ජනතාවගේ දෝෂාරෝපණය බෙදා හැරීමට රජය සමත්වීම කුසීත වූ ජනතාවගේම අභාග්‍ය වී තිබේ.
දරිද්‍රතාවයෙන් මිරිකී ගිය ජනතාවට ජීවත්වීමේ අයිතිය පවා අහිම කරවන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන රජය, පීඩිත වුවන්ගේ කුසට ලැබෙන ආහාරයට ද නීති පැනවීම දිනෙන් දින සාමාන්‍යකරණී කරමින් සිටි.

Your email address will not be published. Required fields are marked *