විනාඩි පහේ සංගණනය.

විනාඩි පහේ සංගණනය.

11 views
0

හෙට දිවයිනේ ගෙවතු හා වගා බිම් අවට සැරිසරණ රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් යන වන සතුන් සංගණනය කිරීම, කෘෂි කළමනාකරණ හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ උපදෙස් අනුව ක්‍රියාත්මය වීමට නියමිත ය. මෙම විශේෂිත සමීක්ෂණය සඳහා එක් එක් පවුල් මිනිත්තු 5ක් තුළ ඔවුන්ගෙ ගෙවත්තේ සහ වගාබිමේ සිටින වන සතුන් ගණන් කර නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කර ඒ සඳහා මුද්‍රිත ලේඛන ද බෙදාදී ඇත. ඒ අනුව, සතුන් ගණන් කිරීමේ මූලික භාරකාරත්වය ජනතාවට පැවරෙන අතර, ආරක්ෂිත භූමි සහ අයිතිකරුවන් නොමැති ඉඩම් සඳහා නිලධාරීන් විසින්ම සමීක්ෂණය සිදු කරනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සතුන් විනාඩි 5ක් තුළ වෙනත් භූමි තුළට පලා යා හැකි බැවින් මෙම කාල සීමාවක් ලබාදෙන බවය. මෙම විශේෂිත ගණන්කිරීම රටපුරා වන සතුන්ගේ සංඛ්‍යාතමය තත්වය විශ්ලේෂණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, එය වගා ආරක්ෂාව සහ පරිසර සංරක්ෂණය සඳහා වැදගත් පියවරක් වනු ඇත.කෙසේවෙතත්, මෙම සංගණනය සාකච්ඡාවකට හා විවාදයට ලක්ව තිබේ. සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති කඹුරුගමුවේ වජිර හිමිපාණන් පවසන්නේ, මෙය සුළු මෙහෙවරකුත් නොවන අතර, නිවැරදිව ක්‍රියාත්මක කළහොත් වැදගත් විශ්ලේෂණයක් ලබාගත හැකි බවයි.

නමුත් හිටපු කෘෂි කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මීට සැක සහිත අදහස් පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ, තම සේවා කාලයේ දි රිළවුන් චීනයට යැවීමට කටයුතු කළ විට එයට දැඩි විරෝධයක් දැක්වූයේ ද මෙම පිරිස් විසින්ම බවයි.

“රිළවුන්, වඳුරන් සහ මොනරුන් ගණන් කිරීම විනාඩි 5ක් තුළ කළ හැකිද? ගණනය කරන තෙක් ඔවුන් එක තැන නවතිනවාද?” යන සැක සහ විවේචනාත්මක ප්‍රශ්න ද ඔහු ඉදිරිපත් කරයි.

රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් ගණන් කිරීමේ මෙම අභියෝගාත්මක හා නවීන ක්‍රියාවලිය සැබවින්ම ක්‍රියාත්මක කළ හැකිද? වගාවන්ට හානි කරන සතුන් පාලනය කිරීමට මෙම සංගණනය ප්‍රයෝජනවත් වේවි ද ?

සචී මදුෂානි

Your email address will not be published. Required fields are marked *